හිරගෙවල් ඇතුළේ සිදුවන ඇත්තම සෙල්ලම එළියට: අවුරුදු 3ක දඬුවම 42ක් වුණ හැටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම හෙළි කරයි..
මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ සිදුවන වන අක්‍රමනිකතා සහ සැබෑ තත්ත්වය මෙන්ම එහි පවතින බරපතළ අඩුපාඩු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විශේෂ අනාවරණයක නිරත විය.
ජාතික සංවිධාන එකතුව විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ බන්ධනාගාර තුළ පවතින තදබදයට විසඳුම් ලබාදීමට හැකියාව තිබියදීත් එසේ නොකර සිටින බවත් ය.
දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිරගතවන පුද්ගලයන් ප්‍රමාණය ද සියයට 50ක 60ක ප්‍රමාණයක් වන බවත්, දඩමුදල් ගෙවා දැමීම සඳහා යම් කාලයක් ලබා දෙන්නේ නම් එම ගැටළුව විසඳාගත හැකි බවත් ඒ මහතා මෙහිදී පැහැදිළිකර සිටියේය.
බන්ධනාගාර පද්ධතියේ සහ නීතිමය ක්‍රියාවලියේ පවතින යම් යම් සංකීර්ණතා හෝ ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයෙකුට නියම වූ වසර 3ක කෙටි සිරදඬුවමක්, වසර 42ක් වැනි දීර්ඝ කාලයක් දක්වා ඇදී ගිය ආකාරය ද ඒ මහතා මෙහිදී උදාහරණ සහිතව පෙන්වා දෙන ලදී. බන්ධනාගාර පද්ධතිය තුළ සිදුවන ඇතැම් ක්‍රියාවන් සහ අක්‍රමිකතා හේතුවෙන් රැඳවියන්ගේ මානව හිමිකම් පවා බරපතළ ලෙස උල්ලංඝනය වන බව ද ඒ මහතා අවධාරණය කළේය.
සුළු වැරදිවලට බන්ධනාගාරගත වන පුද්ගලයන් විවිධ තාක්ෂණික හෝ පරිපාලනමය ප්‍රවේශයන් මත වසර ගණනාවක් සිරගතව සිටීමට සිදුවන බවත්, බන්ධනාගාර නීති සහ රෙගුලාසි වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය විය යුතු බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..