හම්බන්තොට වරායේ කොටස් මිලදී ගන්න MSC සාකච්ඡා..
ඉන්දියන් සාගර කලාපය තුළ සිය සමුද්‍රීය මෙහෙයුම් ජාලය තවදුරටත් පුළුල් කිරීමේ සහ ප්‍රතිසංවිධානය කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස, හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට ලොව ප්‍රමුඛතම බහාලුම් ප්‍රවාහන සමාගමක් වන Mediterranean Shipping Co. (MSC) සූදානම් වන බව වාර්තා වේ.
ජාත්‍යන්තර ‘Journal of Commerce’ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මෙම සුවිශේෂී ආයෝජනය සම්බන්ධයෙන් MSC සමාගම, හම්බන්තොට වරායේ වත්මන් බහුතර කොටස් හිමිකාරීත්වය (85%) දරන චීන මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් (CMPort) සමාගම සහ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ මේ වන විටත් ත්‍රෛපාර්ශ්වීය සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
දැනට වරායේ ඉතිරි 15% ක කොටස් ප්‍රමාණය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වේ.
මෙම ගනුදෙනුව හරහා MSC සමාගම මිලදී ගැනීමට අපේක්ෂා කරන නිශ්චිත කොටස් ප්‍රමාණය, ආයෝජනයේ වටිනාකම හෝ එහි ව්‍යුහය පිළිබඳ මෙතෙක් නිල වශයෙන් කරුණු අනාවරණය කර නොමැති අතර, අවසන් එකඟතාවයකට පැමිණෙන දිනයක් හෝ ඊට අදාළ නියාමන කොන්දේසි ද තවමත් තීරණය වී නැත.
කෙසේ වෙතත්, දෙපාර්ශවය අතර සාකච්ඡා සාර්ථක වුවහොත් එය ඉන්දියන් සාගර කලාපයේ වරාය යටිතල පහසුකම් සම්බන්ධයෙන් MSC සමාගම තබන සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇතැයි ක්ෂේත්‍ර විශේෂඥයෝ පෙන්වා දෙති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..