අතුරුදන් ඩොලර් මිලියන දෙකහමාර හොයාගන්න බැරිවුනොත් නැවත භාණ්ඩාගාරයෙන් ගෙවන්න වෙනවා..- මුදල් ලේකම්
මහා භාණ්ඩාගාරයෙන් අස්ථානගත වී ඇති අමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක මුදල නැවත සොයා ගැනීමට නොහැකි වුවහොත්, එම පාඩුව පියවා ගැනීම සඳහා මහජන බදු මුදල් භාවිතා කිරීමට සිදුවන බව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූර්යපෙරුම මහතා අනාවරණය කළේය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය විය.
මෙහිදී හෙළි වූ විශේෂ කරුණක් වූයේ, මහා භාණ්ඩාගාරය වැනි අතිශය රහස්‍ය තොරතුරු හුවමාරු වන ආයතනයක්, 2019 වසරේදී භාවිතයෙන් ඉවත් කළ යුතු යල් පැන ගිය ඊමේල් සර්වර් පද්ධතියක් 2026 වසර දක්වාම භාවිතා කර තිබීමයි.
මෙම පද්ධතිය යාවත්කාලීන කර නොතිබීම හේතුවෙන් එය හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවට ද සැක පළ කෙරේ.
පසුගිය නොවැම්බර් මාසයේදී අදාළ ගෙවීම් තුන් වතාවක්ම ප්‍රතික්ෂේප වී ඇති අතර, ඒ පිළිබඳව මහ බැංකුව විසින් භාණ්ඩාගාරය දැනුවත් කර තිබේ.
එසේම අමෙරිකානු ෆෙඩරල් රිසර්ව් බැංකුව මඟින් ද මුදල් විශුද්ධිකරණය සම්බන්ධ ගැටලුවක් පවතින බවට අනතුරු ඇඟවීම් කර තිබියදීත්, ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදු කිරීමට භාණ්ඩාගාර නිලධාරීන් අපොහොසත් වී ඇති බව කාරක සභාවේදී විවේචනයට ලක් විය.
භාණ්ඩාගාරය සතු තොරතුරු පද්ධති සම්බන්ධයෙන් වාර්ෂික විගණනයක් සිදු කර නොමැති බව ද මෙහිදී අනාවරණය විය.
ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු වූ මෙම මුදල වංචනික ලෙස වෙනත් ගිණුමකට බැර වී ඇති අතර, එම මුදල නැවත ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් පවතින බව ලේකම්වරයා පැවසීය.
කෙසේ වෙතත්, එම මුදල අයකර ගැනීමට නොහැකි වුවහොත් අයවැය ප්‍රතිපාදන මඟින් එනම් මහජන මුදලින් එම ණය පියවීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් තහවුරු කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..