මෙරට දේශීය ඥාන සම්භාරය සුරැකීමට දැවැන්ත පියවරක්.. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ SOAS පුස්තකාලයේ ඇති ලාංකීය පුස්කොල පොත් ඩිජිටල්කරණය ඇරඹෙයි..
ශ්‍රී ලංකාව සතු අග්‍රගණ්‍ය දේශීය ඥාන පද්ධතිය සහ ඓතිහාසික උරුමයන් අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීම සහ ලෝකවාසී පර්යේෂකයන් වෙනුවෙන් විවෘත කිරීම අරමුණු කරගත් සුවිශේෂී ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඒ අනුව, දැනට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ SOAS (School of Oriental and African Studies) පුස්තකාලය සතුව පවතින සිය ගණනක් වූ ශ්‍රී ලාංකේය පැරණි පුස්කොල පොත් ඩිජිටල්කරණය (Digitization) කර, "Open Access" ක්‍රමවේදය යටතේ ඕනෑම අයෙකුට නොමිලේ අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීමට අවස්ථාව සැලසේ.
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ පරමත්ථ සංවිධානය සහ බ්‍රිතාන්‍යයේ International Centre for Theravada Buddhism (ICTBUK) ආයතනය ඒකාබද්ධව පසුගිය ජූලි මස 1 වනදා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ SOAS පුස්තකාලය සමඟ මේ සඳහා වන නිල ගිවිසුමකට අත්සන් තබන ලදී.
මෙම ඓතිහාසික ගිවිසුමට පරමත්ථ සංවිධානය වෙනුවෙන් ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්ථවිරයන් වහන්සේ සහ SOAS පුස්තකාලය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ සෑම් හෙනී (Sam Heney) මහත්මිය අත්සන් තැබූහ.
ක්‍රිස්තු පූර්ව 9 වන සියවස දක්වා ඈත අතීතයකට දිවෙන අක්ෂර භාවිතයක් සහ ප්‍රෞඪ සාහිත්‍ය ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ආදිතමයන් විසින් ත්‍රිපිටකය, වෛද්‍ය විද්‍යාව, ව්‍යාකරණ, ගණිතය සහ ගුප්ත විද්‍යා ආදී විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ මහා දැනුම් සම්භාරයක් පුස්කොල පොත් ආශ්‍රයෙන් ලේඛනගත කර තිබේ. යටත් විජිත සමයේදී මෙරටින් විදේශයන්ට රැගෙන ගිය මෙම වටිනා පුස්කොල පොත් වර්තමානයේදී විදේශීය පුස්තකාල තුළ විනාශ වෙමින් පවතින අතර, ලාංකීය ශාස්ත්‍රවන්තයන්ට ඒවා පරිශීලනය කිරීමද ප්‍රායෝගිකව අපහසු වී තිබුණි.
මෙම ගැටලුවට පිළියමක් ලෙස පරමත්ථ සංවිධානය සහ ICTBUK ආයතනය වසර ගණනාවක සිට බ්‍රිතාන්‍ය පුස්තකාලය (British Library) සමඟ ද මෙවැනිම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති අතර, එහි සාර්ථක ප්‍රතිඵලයක් ලෙස දැනටමත් පරිලෝකිත (Scanned) පිටපත් රැසක් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇත.
මෙම අවස්ථාව සඳහා ICTBUK ආයතනය නියෝජනය කරමින් මධුරිකා ජයවර්ධන, අමිල පෙරේරා, නිමාලි ගුණවර්ධන සහ සනත් ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ද, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ SOAS පුස්තකාලය නියෝජනය කරමින් ඇලෙක්ස් කීතර්, ෆ්‍රැන් චෙස්කා මාචෙට්ටි සහ ආගුලා රුබ්ලැක් යන නිලධාරී මඩුල්ල ද සහභාගී වූහ.
මෙම ව්‍යාපෘතිය හරහා අපේ දේශීය ඥාන පද්ධතිය සදහටම සුරක්ෂිත වනවා පමණක් නොව, ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සහ අතීත හෙළ ශිෂ්ටාචාරයේ විශිෂ්ටත්වය ජාත්‍යන්තරය වෙත රැගෙන යාමට ද මින් මංපෙත් විවර වනු ඇතැයි සංවිධායකයෝ විශ්වාසය පළ කරති.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..