සුරේෂ් සලේගේ රීට් පෙත්සම ජූලි 10 වැනිදා යළි කැඳවයි.. සලේගේ නඩුවට මැදිහත් වීමට මහා සංඝරත්නය, බෞද්ධ මහා සම්මේලනය සහ ජාතික සංවිධාන රැසක් ඉදිරියට..
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ සැකකරුවකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මේවනවිට අසනීප තත්ත්වයෙන් යුතුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රීට් පෙත්සම් (Writ Application) විභාගය ජූලි 10 වැනිදාට නියමිතව තිබියදී, නඩුවට අදාළව පිටු 600කට අධික අතිශය තීරණාත්මක අතිරේක ලේඛන සහ සාක්ෂි තොගයක් ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මෙම අතිරේක ලේඛන පෙළගැස්ම හරහා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, ඒ පිළිබඳව සිදුවූ විමර්ශන මෙන්ම එම වකවානුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ පැති රාශියක් කරළියට පැමිණ ඇතැයි පැවසේ.
CID ලොක්කන්ගේ රාජකාරි පැහැර හැරීම් සහ කාදිනල් හිමිගේ සාක්ෂි
ජනක ද සිල්වා විනිසුරු මඩුල්ලේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ විමර්ශකයන් සහ ප්‍රධාන සාක්ෂිකරුවන් ලබාදුන් දිවුරුම් ප්‍රකාශ රැසක් මෙම පිටු 600ක ලේඛන අතර වන බව සුරේෂ් සලේගේ නීතිඥයින් පවසති.
විමර්ශන අසාර්ථකත්වය:
ප්‍රහාරයට සෘජුවම වගකිවයුතු පුද්ගලයන් කවුද යන්නත්, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සිටි ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් විමර්ශන හිතාමතාම මඟහැරීම සහ බරපතළ ලෙස රාජකාරි පැහැර හැරීම (Dereliction of duty) සිදු කර ඇති ආකාරයත් මෙමඟින් සනාථ කර ඇති බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ වැඩි දුරටත් කියා සිටිති.
දේශපාලන ඇඟිලි ගැසීම්:
මීට අමතරව, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් එම කොමිසම හමුවේ ලබා දුන් විශේෂ සාක්ෂිය ද මෙයට ඇතුළත්ය. පාස්කු ප්‍රහාරයේ විමර්ශන කිසිදු දේශපාලන බලපෑමකින් තොරව (Independent investigation) ස්වාධීනව සිදුවිය යුතු බව කාදිනල් හිමිපාණන් එහිදී අවධාරණය කර ඇති අතර, වත්මන් වටපිටාව තුළ එම මූලධර්මය සහමුලින්ම බිඳ වැටී ඇති බව පෙත්සම්කාර සුරේෂ් සලෙයි තර්ක කරයි.
සලේගේ නඩුවට මැදිහත් වන ජාතික සංවිධාන සහ මහා සංඝරත්නය
මෙම නඩුව හුදෙක් පුද්ගලික පෙත්සමකට එහා ගිය සමස්ත සමාජයේම අවධානය දිනාගත් ජාතික වැදගත්කමකින් යුත් නීතිමය සටනක් බවට පත්වෙමින් තිබේ.
සුරේෂ් සලේ ගේ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා (Intervenient Petitions) පාර්ශවකරුවන් රැසක් මේ වන විටත් අධිකරණයෙන් නිල වශයෙන් අවසර ඉල්ලා ඇත.
මැදිහත් වීමට අවසර ඉල්ලන පිරිස:
* සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය (All Ceylon Buddhist Congress)
* දිඹුලාගල මහා විහාරයේ දිඹුලාගල රාහුලාලංකාර හිමි සහ නුගේගොඩ ගංගොඩවිල ශ්‍රී බෝධිමළු විහාරයේ දාපනේ සුමනවංශ හිමි
* ගෝලීය ශ්‍රී ලංකා සංසදය (Global Sri Lanka Forum)
* දේශප්‍රේමී ජාතික පෙරමුණ (Patriotic National Movement)
* කැලණිය දුම්රිය ස්ථාන පාරේ ශ්‍රී ප්‍රඥානන්ද ධර්මායතනයේ බෙංගමුවේ නාලක හිමි සහ
* මාලබේ ඉසුරුපුර ශ්‍රී විමලාරාමයේ අඟුලුගල්ලේ සිරි ජිනන්ද හිමි
ලබන සිකුරාදා (ජූලි 10) මෙම රීට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ යළි විභාගයට ගැනීමට නියමිත අතර, එහිදී ප්‍රධාන පෙත්සමට අදාළ මූලික කරුණුවලට අමතරව, නඩුවට මැදිහත් වීමට ඉහත සඳහන් කළ සංවිධාන සහ මහා සංඝරත්නය ඉදිරිපත් කර ඇති අතුරු පෙත්සම් ද අධිකරණයේ සලකා බැලීමට නියමිතය.
TheLeader.lk
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..