වෙනිසියුලාවේ භූමිකම්පාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික සංවිධාන රැසකගෙන් ශෝක ප්‍රකාශයක්..
වෙනිසියුලාවේ උතුරු මැද වෙරළබඩ ප්‍රදේශයක් වන 'ලගවයිරා' (La Guaira) ප්‍රාන්තයේ සිදු වූ දරුණු භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට සහ එරට බොලිවේරියානු රජය වෙත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජාතික සංවිධාන කිහිපයක් සිය සාතිශය සංවේගය පළ කර තිබේ.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ ලේකම් ජීවන්ත ජයතිස්ස, අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදයේ කැඳවුම්කරු සුමිත් වන්නිආරච්චි සහ දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර යන මහත්වරුන්ගේ එකතුවෙන් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගුස් මැතිණිය වෙත මෙම නිල ශෝක ප්‍රකාශය යොමු කර ඇත.
ඉන්දියාවේ සිටින වෙනිසියුලානු තානාපතිනි කපායා රොඩ්‍රිගුස් ගොන්සාලෙස් මැතිණිය හරහා මෙම ලිපිය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් භාරදීමට කටයුතු යොදා තිබේ.
එම ඒකාබද්ධ නිවේදනය මඟින් ඔවුන් පෙන්වා දෙන්නේ, වෙනිසියුලානු ජනතාවගේ ආදරණීය නායකයා වන ජනාධිපති නිකොලස් මදුරෝ ඇමෙරිකානු බලවේග විසින් පැහැරගෙන ගොස් හරියටම දින 172ක් ගතවන මොහොතක මෙම ස්වභාවික විපත සිදුවීම එරට ජන ජීවිතයට එල්ල වූ දැඩි පීඩනයක් බවයි.
කෙසේ වෙතත්, ඓතිහාසිකව ඕනෑම ව්‍යසනයක් දරාගනිමින් ඉදිරියට යා හැකි ශක්තිමත් ජාතියක් ලෙස වෙනිසියුලානු වැසියන්ට මෙම අභියෝගයටද සාර්ථකව මුහුණ දිය හැකි බව තමන් විශ්වාස කරන බව එම සංවිධාන පවසයි. එමෙන්ම, මෙම දුෂ්කර අවස්ථාවේදී වෙනිසියුලාවට මානුෂීය ආධාර සැපයීමට ලතින් ඇමෙරිකානු කලාපයේ සෙසු රටවල් ඉදිරිපත් වීමද ඔවුන්ගේ අගය කිරීමට ලක්ව ඇත.
නිවේදනයේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් පහළින්..
ගරු වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගුස් මැතිණිය,
වෙනිසියුලාවේ බොලිවේරියානු මහජන සමූහාණ්ඩුව,
වෙනිසියුලාව.
ඉන්දියාවේ වෙනිසියුලානු තානාපතිනි
ගරු කපායා රොඩ්‍රිගුස් ගොන්සාලෙස් මැතිණිය මගින්,
ගරු ජනාධිපති තුමියනි,
වෙනිසියුලාවේ උතුරු මැද වෙරලබඩ පලාතක් වූ La Guaira ප්‍රාන්තයේ ඇතිවූ දරුණු භූමි කම්පාවෙන් වෙනිසියුලානු ජනතාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් කණගාටුව පල කිරීම සඳහායි.
පසුගිය බදාදා (24) වෙනිසියුලාවේ උතුරු මැද වෙරලබඩ පාලාතේ La Guaira ප්‍රාන්තයේ ඇතිවූ දරුණු භූමි කම්පාව පිළිබඳව මාධ්‍ය මගින් දැනගන්නට ලැබුණු අතර භූමි කම්පාව හේතුවෙන් සිදුවූ හානි දැක අප අතිශය කම්පනයට පත් වුනෙමු. වෙනිසියුලානු ජනයාගේ සදාදරණීය නායකයා ජනාධිපති නිකොලොලොස් මදුරෝ අමෙරිකානු ආක්‍රමණිකයා විසින් පැහැරගෙන ගොස් හරියටම දින 172ක් ගතවන දිනයේදී වෙනිසියුලාවේ සිදුවූ මෙම ස්වභාවික විපත වෙනිසියුලානු ජන ජීවිතයට දැඩි පීඩනයක් ඇති කළ ස්වභාවික ආපදාවක් බව අපගේ පිළිගැනීමයි. මේ අතිශය සංවේදී මොහොතේදී වෙනිසියුලාවෙන් සැතපුම් දහස් ගණනක් එපිටින් සිටින ශ්‍රී ලාංකිකයන් වන අප වෙනිසියුලාවේ බොලිවේරියානු රජයටත්, එහි නායකයා ලෙස ඔබ තුමියටත් පීඩාවට පත් ජනයාටත් අපගේ සාතිශය කණගාටුව පල කරමු. ඓතිහාසිකව ව්‍යසනයන් දරා ගනිමින් ඉදිරියට යා හැකි ජාතියක් බව ලොවට පෙන්වා දුන් ජාතියක් ලෙස වෙනිසියුලානු ජනයාට මේ ව්‍යසනයට සාර්ථකව මුහුණ දී ගැලවී යා හැකි බව අපගේ දැඩි විශ්වාසයයි.
එලෙසම ලතින් අමෙරිකාවේ විවිධ රටවල නායකයින් සහ ජනතාව වෙනිසියුලානු ජනයාට මේ ව්‍යසනයෙන් මිදීමට අවශ්‍ය සහය පලකරමින් මානුෂීය ආධාර ලබාදීමට පෙරට පැමිණ සිටිනු දැකීම අපගේ සිත් සතුටු කරවන බවද දන්වා සිටීමට මෙය අවස්ථාවක් කරගනිමු.
අවසාන වශයෙන් මේ ව්‍යසනයෙන් මිදීමට වෙනිසියුලානු ජනතාවගේ නායකයා ලෙස ඔබටත් වෙනිසියුලාවේ බොලිවේරියානු රජයටත් එහි ජනතාවටත් ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
ස්තුතියි.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..