News Category
From Date
To Date
Maximum Number of Result

සෝමවංශ අමරසිංහ මහතාගේ 10 වන ගුණානුස්මරණය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් හෙට සවස 3.30ට ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී...

Jun 22, 2026 at 05:39 AM
|

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) හිටපු නායකයෙකු මෙන්ම ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් තැබූ සෝමවංශ අමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී වසර 10ක් සපිරීම නිමිත්තෙන් විශේෂ ගුණසමරු සහ පින්කම් වැඩසටහනක් දෙවන පරපුර දේශපාලන පක්ෂය විසින් සංවිධානය කර තිබේ.

මෙම විශේෂ සැමරුම් සහ දේශන වැඩසටහන ජූනි 23 වන දා සවස 3.30 ට ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංවිධායක මණ්ඩලය නිවේදනය කරයි. 

මෙවර ගුණසමරුව පැවැත්වෙන්නේ “බෙදුම්වාදයට එරෙහි ජවිපයේ භූමිකාව – එදා සහ අද” යන තේමාව යටතේය.

1988–89 භීෂණ වකවානුවෙන් පසුව දැඩි මර්දනයකට සහ විනාශයකට ලක්ව තිබූ ජනතා විමුක්ති පෙරමුණ, නැවත මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන බලවේගයක් ලෙස ගොඩනැගීමෙහිලා සෝමවංශ අමරසිංහ මහතා ඉටුකළ මෙහෙවර දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන පරිච්ඡේදයකි. ඔහුගේ අභියෝගාත්මක නායකත්වය සහ කැපවීම හේතුවෙන් 1994 වසරේදී ජවිපෙට නැවතත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට අවතීර්ණ වීමට අවස්ථාව උදා විය.

එමෙන්ම රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන්, බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව දැවැන්ත ජනමතයක් හා ජාතික බලවේග ඒකරාශී කිරීමටද ඒ මහතා පෙරමුණ ගෙන ක්‍රියා කළේය.

මෙම ගුණසමරු වැඩසටහනේදී සෝමවංශ අමරසිංහ මහතාගේ දේශපාලන ජීවිතය, ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහු දැරූ ස්ථාවරයන්, බෙදුම්වාදයට එරෙහි අරගලයේදී ජවිපෙ ඉටුකළ භූමිකාව සහ වර්තමාන දේශපාලන අභියෝග හමුවේ එම අත්දැකීම්වල වැදගත්කම පිළිබඳව දේශන සහ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතය.

මීට සමගාමීව ඒ මහතාට පින් පැමිණවීම සඳහා ආගමික වතාවත් ද සංවිධානය කර ඇත. මෙම අවස්ථාව සඳහා දේශපාලන ක්‍රියාකාරීන්, බුද්ධිමතුන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිත බව සංවිධායක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.


සම්බන්ධිත පුවත් | Related News

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.
පියසිරි අමරකොන් මහතා විසින් රචිත "ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක් ද?" පර්යේෂණ කෘතිය නැවත ජනගත කිරීම සහ ඒ පිළිබඳ කතිකාවත ආරම්භ කිරීමේ විශේෂ වැඩසටහනක් 2026 සැප්තැම්බර් 30 වන දා පස්වරු 2.45 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
රාජ්‍ය සම්මානනීය නාට්‍ය රචක සහ අධ්‍යක්ෂ අඛිල සපුමල්ගේ විශිෂ්ට නිර්මාණයක් වන "රතු මඟුල් කපුවා" වේදිකා නාට්‍යය සැප්තැම්බර් 18 වන සිකුරාදා දින බොරැල්ල YMBA ශාලාවේදී වේදිකා ගත කිරීමට කටයුතු යොදා ඇත. එදින පස්වරු 3.30 සහ පස්වරු 6.30 යන වේලාවන්හිදී දර්ශන වාර දෙකක් පැවැත්වේ.
අපේ අමතක වූ උරුමය නැවත සොයා යන අභිමානවත් ගවේෂණාත්මක සම්මන්ත්‍රණ මාලාව යටතේ පැවැත්වෙන "සැඟවී ඇති හෙළ ඉතිහාසය නැවත කියවීම" විශේෂ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 19 වන සෙනසුරාදා පස්වරු 01.30 ට කොළඹ මහජන පුස්තකාලයේ පළමු මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කොළඹ 07 "පාරාදීසය" බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන එළිමහන් රංගපීඨයේදී පැවැත්වෙන "බිනර නාට්‍ය උළෙල 2026" ආරම්භ කරමින් "රතු මඟුල් කපුවා" වේදිකා නාට්‍යය හෙට (සැප්තැම්බර් 11) පස්වරු 7.00 ට වේදිකාගත වේ.
ප්‍රකට නාට්‍ය නිර්මාණ කිහිපයක් වේදිකාගත වන "බිනර නාට්‍ය උළෙල 2026" සැප්තැම්බර් 11, 12 සහ 13 යන දිනයන්හිදී පස්වරු 7.00 ට කොළඹ 07, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ ("පාරාදීසය") දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
"බිනර Drama Festival" නාට්‍ය උළෙලට සමගාමීව, අඛිල සපුමල්ගේ 'රතු මඟුල් කපුවා', සැප්තැම්බර් 12 දා ඇමරිකානු ප්‍රකට නාට්‍ය රචක නීල් සයිමන්ගේ (Neil Simon) "Barefoot in the Park" නාට්‍යය ඇසුරෙන් බුද්ධික දමයන්ත විසින් නිෂ්පාදනය කරන ලද "උඩ ජෝඩුව" සහ සැප්තැම්බර් 13 දා ලක්ෂ්මන් නිපුනආරච්චිගේ 'ස්ටීවන්ගේ ළමයි' යන වේදිකා නාට්‍යය පස්වරු 7.00 ට පාරාදීසය Open Theatre (NADA බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය) හිදී වේදිකාගත වීමට නියමිතයි.
ජපානයේ ජනප්‍රිය නාට්‍ය කලාවේ අසිරිය, නිර්මාණශීලීත්වය සහ සැබෑ රංග ශෛලිය ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට සමීප කරවන "සකුරා Japan නාට්‍ය සංධ්‍යාව" එළඹෙන අගෝස්තු මස 28 වන සිකුරාදා දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.