ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුනත් අපට තාම එන්නේ වැඩි මිලට ඕඩර් කළ ඒවා.. ඒ නිසා ඉන්ධන මිල අඩුකරන්න බැහැ - මුදල් නියෝජ්‍ය ඇමති
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබුණද, ශ්‍රී ලංකාව තවමත් පරිභෝජනය කරනු ලබන්නේ වැඩි මිලට මිලදී ගත් ඉන්ධන තොග බැවින් දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල වහාම අඩු කිරීමට රජයට දැනට හැකියාවක් නොමැති බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
රටේ පවත්නා ආර්ථික තත්ත්වය පැහැදිලි කිරීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දැනට ශ්‍රී ලංකාව තුළ භාවිත වන ඉන්ධන මීට මාස කිහිපයකට පෙර සැලකිය යුතු ඉහළ මිලක් යටතේ ආනයනය කරන ලද ඒවා බව හෙතෙම පෙන්වා දුන්නේය.
"එම වැඩි මිලට මිලදී ගත් ඉන්ධන තොග අවසන් වනතුරු දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු කිරීමේ හැකියාවක් නැහැ."
කෙසේ වුවද, දැනට පවතින ඉන්ධන තොග අවසන් වී, අඩු මිලට ඇණවුම් කළ නව ඉන්ධන තොග දිවයිනට ලැබීම ආරම්භ වූ පසු ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජයට අවස්ථාව ලැබෙනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෑතකදී මෙරටට ලැබුණු ඉන්ධන නැව් තොග අඩු මිලට මිලදී ගත් ඒවාද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආචාර්ය ප්‍රනාන්දු මහතා කියා සිටියේ, ලෝක වෙළෙඳපොළේ මිල අඩුවීමේ වාසිය මෙරට පාරිභෝගිකයන්ට ලබා දීමට පෙර, පෙර ඇණවුම් යටතේ වැඩි මිලට ආනයනය කරන ලද ඉන්ධන තොග පරිභෝජනය කර අවසන් කළ යුතු බවයි.
"අඩු මිලට මිලදී ගත් ඉන්ධන පාරිභෝගිකයා වෙත ලැබීමට යම් කාලයක් ගතවනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ඉදිරියේදී මිල පහත වැටෙන විට, දැනට ලබා දී ඇති සහන ඒ අයුරින්ම පවත්වාගෙන යනවාද නැතහොත් ඉන්ධන මිල තවදුරටත් අඩු කරනවාද යන්න පිළිබඳව රජය අවධානය යොමු කරනවා." යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..