News Category
From Date
To Date
Maximum Number of Result

පළාත් සභාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව..

Jun 14, 2026 at 05:19 PM
|

(පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳ කතිකාව නැවත කරලියට පැමිණ ඇත. පළාත් සභාවක් යනු කුමක්ද? එහි සැබෑ ස්වරූපය කුමක්ද? එහි ප්‍රයෝජනය ඇත්තේ කාටද යන්න විමසීම මෙහි අරමුණය.)

පළාත් සභා ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද්දේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙනි. 1987 නොවැම්බර් 14 වන දින කථානායකවරයා විසින් එය සහතික කර තිබේ. එම සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූල ද නැද්ද යන බව තීරණය කිරීම සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් විභාගයක් එවකට අග්‍රවිනිශ්චකාර එස්. ශර්වානන්ද ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නව දෙනෙක් ඉදිරිපිට දින අටක් පුරාවට (1987-10-22 සිට 1987-11-06 දක්වා) පැවතුණි. එම විමසීමේදී වෙනත් කරුණු අතර ප්‍රධාන කරුණක් ලෙස සාකච්ඡා වුණේ 13 වන සංශෝධනය මගින් රටේ ඒකීය රාජ්‍යය බිඳවැටේද යන්නයි.

ඉහත විනිසුරුවරුන් අතුරින් අග්‍රවිනිශ්චකාර ශර්වානන්ද සහ කොලින්තෝම්බ්, ඊ. ඒ. ඩී. අතුකෝරාළ සහ එච්. ඩී. තම්බයියා යන විනිසුරුවරුන් සෘජුවම ප්‍රකාශ කළේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකීය රාජ්‍යයට හානියක් නොවන බවත්, එය ව්‍යවස්ථාවට අනුකූල බවත් වේ. ඒ අතර කේ. ඒ. පී. රණසිංහ විනිසුරුවරයා ප්‍රකාශ කළේ සංශෝධිත කෙටුම්පතේ වගන්ති දෙකක් වෙනස් කළහොත් එය ව්‍යවස්ථාවට අනුකූල වන බව ය. ඒ අතර ආර්. එස්. වනසුන්දර, එල්. එච්. ද අල්විස්, ඕ. එස්. එම්. සෙනෙවිරත්න, එච්. ඒ. ද සිල්වා යන විනිසුරුවරුන් සිව්දෙනා එමගින් ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යයට හානියක් වන බවත්, එම සංශෝධනය ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය සම්මත වීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටත් තීරණය කරන ලදී.

ඒ අනුව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එකීය රාජ්‍යයට හානියක් නොවන බව පිළිගනු ලැබුවේ විනිසුරුවරුන් නව දෙනෙකුගෙන් පස් දෙනෙකු විසින් පමණි.

ඉන්දු-ලංකා සාම ගිවිසුම

13 වන ව්‍යවස්ථා සංශෝධනය බිහිවූයේ 1987 ජූලි 29 වන දින ඉන්දියානු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර කොළඹදී අත්සන් තබන ලද ඉන්දු-ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් වශයෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පළාත් සභා ක්‍රමය ඇතුළත් කිරීමටත් ප්‍රථම අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම සම්පූර්ණයෙන්ම පදනම් කර තිබුණේ පළාත් සභා ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු සැලැස්මක් මතය. එහි ඇතුළත් කර තිබූ පහත වගන්ති ඊට සාක්ෂි දරයි. එනම්,

2(1) සමීපව පිහිටි පළාත්වලට එක් පරිපාලනමය ඒකකයක් සෑදෙන සේ සම්බන්ධවීමටත් උතුරු සහ නැගෙනහිර පළාත් සම්බන්ධයෙන් පහත විස්තර කර ඇති අයුරින් ජනමත විචාරණයක් මාර්ගයෙන් ඒවාට වෙන්වීමටත් ඉඩදීමට ශ්‍රී ලංකා රජය යෝජනා කරන හෙයින්...

2(8) මීළඟ මාස තුන ඇතුළතදී, කෙසේ වෙතත් 1987 දෙසැම්බර් මස 31 වනදාට පෙර, පළාත් සභා සඳහා ඡන්ද විමසීම් පැවැත්වෙනු ඇත. උතුරෙහි සහ නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීම් සඳහා ඉන්දියානු නිරීක්ෂකයන්ට ආරාධනා කෙරෙනු ඇත.

ජනතා පරමාධිපත්‍ය යට කිරීම

පළාත් සභා ක්‍රමය ව්‍යාවස්ථාවට ඇතුළත් කළ යුතුද යන්න පළමුව තීරණය කිරීමට බලය ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ය. එය ව්‍යාවස්ථාවට අනුකූල ද යන්න පිළිබඳව තීරණය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇතැම් විට එ් සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ද තීරණය කරන්නට හැකියාව තිබුණි. ඒ කිසිත් නොකර හා ඒ සැමට ප්‍රථම පළාත් සභා ඇති කර ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවට ඉන්දියාව සමග එකඟ වීමට සිදු වීම පසුපස ඇති යථාර්ථය වන්නේ පළාත් සභාව දේශීය නිර්මාණයක් නොව ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප මත පැටවූ පාලන යාන්ත්‍රණයක් බවය. එය ජනතා පරමාධිපත්‍ය බලය උල්ලංඝනය කිරීමකි.

ඉන්දියානු බලහත්කාරකම

ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමට ඇතුළත්වීමට ශ්‍රී ලංකාවට සිදුවුණේ ඉන්දියාවෙන් කරන ලද තර්ජනය හමුවේ බව කවුරුත් දන්නා කරුණකි. එම තර්ජනය සිදු වූයේ ඉන්දියාවේ ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් සහනාධාර ගුවනේ සිට උතුරු ප්‍රදේශයට හෙලීමෙනි. එවැන්නක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ විරෝධතාව කොතෙක් ද යන්න 1987 ජූනි 02 වන දින ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ඒ. සී. එස්. හමීඩ් මහතා ඉන්දීය මහකොමසාරිස් ජේ. එම්. ඩික්සිත් මහතාට භාරදුන් ලිපියේ සඳහන් පහත ඡේදවලින් තහවුරු වේ.

දෙරටේ ආණ්ඩු විසින් සහනාධාර සැපයීම හා බෙදීම පිළිබඳ යාන්ත්‍රණයක් සඳහා එකඟතාවක් ඇති කරගන්නා තුරු සහනාධාර හෝ එම සහනාධාර සමග එන පුද්ගලයින් පිළිගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව සූදානම් නැත.

මේ පසුබිම තුළ ඉන්දීය රජය ඒකපාර්ශ්විකව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට ශ්‍රී ලංකා ආණ්ඩුව සිය දැඩි විරෝධය පළ කරන අතර එවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමක් ලෙස සලකයි.

1987 ජූනි 02 වන දින ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා වෙත යැවූ අතිශය රහස්‍ය පණිවුඩයේ ද මෙසේ සඳහන් වේ.

අපේ විදේශ අමාත්‍යාංශය සමග මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඔබේ නියෝජිතයෙකු පත් කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. වෙනත් ආකාරයකින් සහනාධාර එවීමට දරන උත්සාහය අපේ භෞමික අඛණ්ඩතාව බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, එම හැඟීම ඇති වනු දැකීමට ඔබ කැමති නොවනු ඇතැයි මම කල්පනා කරමි. (මෙම උපුටාගැනීම් ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් පළ කළ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව යන කෘතියෙනි -එහි උපුටාගැනීම ජනදාස පීරිස් මහතාගේ  ගෝත්‍රික රාජ්‍යයේ සිට නූතන රාජ්‍ය දක්වා - Avtar Singh Bhasin; INDIA – SRILANKA Relations and Sri Lanka’s Ethnic Conflict Documents-1947-2000 ).

ඉන්දියානු විදේශ අමාත්‍යාංශයේ සේවය කළ Avtar Singh Bhasin ගේ India in Sri Lanka (2004) කෘතියේ, අප කැමති වුණත් නැති වුණත් ඉන්දියාවේ මැදිහත්වීම නමැති යථාර්ථය පිළිගත යුතු බවට එවකට ජාතික ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා විසින්  1987 ජූලි 27 වන දින ප්‍රකාශ කර තිබෙන බව කියයි. එම දිනයේදීම පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස ඇතුළු අමාත්‍යවරු කිහිප දෙනෙක් ම මෙවැනි ගිවිසුමක් ඇතිකරගැනීම සම්බන්ධයෙන් විරෝධය ප්‍රකාශ කර තිබේ.

ජනතා විරෝධය

ඉන්දු-ලංකා ගිවිසුමට හා 13 වන සංශෝධනයට එරෙහිව දැඩි ජනතා විරෝධයක් තිබුණි. එම විරෝධය කෘෘර ලෙස ආණ්ඩුව විසින් මර්දනය කෙරුනි. ගිවිසුම අත්සන් කරන්නට පැමිණි රජීව් ගාන්ධි වෙනුවෙන් පැවැති උත්තමාචාරයේ දී නාවික හමුදා භටයෙකු (විජිත රෝහණ) විසින් රයිෆල් බඳෙන් පහර දීම එම විරෝධතාවයේ උච්චතම අවස්ථාවකි.

බලහත්කාරයෙන් ඇතිකරගත් ජාත්‍යන්තර ගිවිසුම් ජාත්‍යන්තර නීතියට අනුව බලරහිත කළ හැකිය.

ඉන්දියාවේ යටි අරමුණ

ඉන්දියාව ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් වූයේ ජනවාර්ගික ගැටලුව සමතයකට පත් කිරීමට බවට හුවා දැක්වීමට ඇතැමුන් උත්සාහ කරයි. එහෙත් ඉන්දියාවේ සැබෑ යටි අරමුණ රාජ්‍ය ආරක්ෂාව හා භූදේශපාලනික ආධිපත්‍ය මත ගොඩනැගුනකි. එ් බව ප්‍රකට ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ ශිවශංකර් මෙනන් විසින් රචිත CHOICES නමැති ග්‍රන්ථයේ (2016) සඳහන් වේ. ඔහුට අනුව ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් දමිළ ජනතාව ඉන්දියාවට සරණාගතයින් ලෙස ඇතුළු වීම ද, ශ්‍රී ලංකා සන්නද්ධ කණ්ඩායම් ඉන්දීය භූමිය තුළ සිට සටන් වැදීමද,  අර්බුධය උග්‍රවත්ම ශ්‍රී ලංකා ආණ්ඩුව ආයුධ සඳහා චීනය, පකිස්ථානය, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය මත යැපෙන්නට වීම ද ඊට හේතු වී ඇත. එම අවධියේ දී ඉන්දියාව එක්සත් ජනපදය සමග සම්බන්ධතා දියුණු කිරීමට උත්සාහ ගනිමින් සිටි අතර අවසානයේදී ශ්‍රී ලංකාවට ඉන්දියාව මැදිහත්වී ඇත්තේ රේගන් පරිපාලනය සමග ඇතිකරගත් අවබෝධය මතය. එහෙත් ඉන්දියාව යුද වැදෙමින් සිටි චීනයේ සහ පකිස්ථානයේ බලපෑම ශ්‍රී ලංකාව ලැබීම ඉන්දියාවේ කනස්සල්ලට හේතු වි ඇත. එබැවින් ඉන්දියානු මැදිහත්වීම ශ්‍රී ලංකාවට බාහිරයින්ගේ බලපෑම ඉවත් කිරීමේ හා වැළැක්වීමේ උත්සාහයක් සහ එවැන්නකට ඇති ඉඩකඩ ඇහිරීම සඳහා ද කරන ලද ප්‍රයත්නයක් බව ශිවශංකර් මෙනන් ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාවේ විදේශ වෙළඳාමෙන් සියයට අනූවක් සහ ඉන්ධන සැපයුම් මාර්ග ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු මාර්ග ඔස්සේ සිදුවන බැවින් ශ්‍රී ලංකාව විරුද්ධවාදී බලපෑම්වල ග්‍රහණයට නතුවීමට ඉඩහැරීම කිසිසේත් කළ නොහැකිය . ශ්‍රී ලංකාව ඉන්දියානු වෙරළ තීරයේ සිට සැතපුම් දාහතරක් එපිටින් නැංගුරම් ලා තිබෙන ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ලෙස ඉන්දියාව දකින බව ඔහු විසින් සඳහන් කර ඇත.

ඊනියා ජනවාර්ගික ගැටලුවට කිසිදු සම්බන්ධතාවක් නොමැති කොන්දේසි ලෙස ත්‍රිකුණාමලයේ හෝ ශ්‍රී ලංකාවේ අන් කිසිදු වරායක් ඉන්දියාවේ යහපතට අහිතකර වන අන්දමට කිසිදු රටක යුද කටයුතුවල ප්‍රයෝජනය සඳහා ලබා නොදිය යුතු බවත්, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය ප්‍රතිසංස්කරණය කර ප්‍රයෝජනයට ගැනීම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර හවුල් ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත් ඉන්දු-ලංකා ගිවිසුමට ඇතුළත් කිරීමෙන් ඉන්දියාව විසින් සිදු කළ ආක්‍රමණයේ සැබෑ අරමුණ පෙනී යයි.

අර්ධ ලෙස යටත්විජිතකරණය වීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රටක ජනතාව විසින් තම අභිලාශයන් මත පිහිටා තම රටේ පාලනය කෙසේ විය යුතුද යන්න පිළිබඳව සකස් කරගන්නා ලියවිල්ලකි. රටක් යටත්විජිතයක්ව පවතින විට එය විදේශ ව්‍යවස්ථාවක් යටතේ පාලනය වේ. ශ්‍රී ලංකාව 1972 මැයි 22 වන තෙක් විදේශ ව්‍යවස්ථාවලින් පාලනය වූ අතර, ව්‍යවස්ථා විප්ලවයකින් පසුව බිහි වූ ජනරජ ව්‍යවස්ථාව ප්‍රථම ස්වයංතන්ත්‍ර (දේශීයව ජනනය වූ/ Autochthonous) ව්‍යවස්ථාවයි. මෙම ස්වයංතන්ත්‍රභාවය තවමත් අඛණ්ඩව පවතින බව ඇතැමුන්ගේ අදහසයි. එහෙත් ඉහත විග්‍රහයට අනුව අපට පූර්ණ ස්වයංතන්ත්‍ර ව්‍යවස්ථාවක් පැවතියේ 1987 නොවැම්බර් 14 දින වන තෙක් පමණි. ඉන්පසුව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පාලනය ඉන්දියාව විසින් බලහත්කාරයෙන් ව්‍යවස්ථාවට හඳුන්වාදුන් ආකෘතියක් අනුව සිදු කිරීමට සිදුව තිබේ.

13 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ ජනතාවගේ අපේක්ෂාවක් හෝ අවශ්‍යතාවක් නොවේ. එය ඉන්දියාවේ බලබෙදීමේ ආකෘතිය බව ශිවශංකර් මෙනන් විසින් සඳහන් කර තිබේ. ඒ අනුව 1987-11-14 වන දින සිට ශ්‍රී ලංකා ව්‍යවස්ථාව අර්ධ වශයෙන් යටත්විජිතකරණය වූ එකක් බවට පත්ව තිබේ. එය ඉන්දියාවේ  භූදේශපාලන සහ ආර්ථික අවශ්‍යතාව අනුව සකස් වූවකි.

රටක ජනතාවට ප්‍රාදේශීය වශයෙන් තම කටයුතු තීරණ කර ක්‍රියාත්මක කිරීම උදෙසා ඒකීය රාජ්‍ය ව්‍යුහයට හානියක් නොමැතිව බලතල ලබා දීම සිදු කළ යුතුය. එහෙත් එවැන්නක් සිදුකළ යුත්තේ ජනතාවගේ අවශ්‍යතා මත බිහිවූ දේශීය සැකැස්මක් අනුව මිස විදේශීය අවශ්‍යතා මත බහලත්කාරයෙන් පැටවූ පාලන ව්‍යුහයක් අනුව නොවේ. අපගේ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ සැබෑ පරිපාලන ඒකකය වන්නේ දිස්ත්‍රික්කය ය (5 වන ව්‍යවස්ථාව).

අර්ධ ආක්‍රමණික ව්‍යවස්ථාව කර ගහගෙන යාම

1987 සිට මේ දක්වා බලයට පත් වූ සියලු ආණ්ඩු විසින් සිදු කළේ ආක්‍රමණයක ප්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාවට ඇතුළත් කළ ඉන්දියාවේ භූ-දේශපාලනික හා ආර්ථික සැලැස්ම වූ පළාත් සභා දේශීය පොළොව මත ක්‍රියාත්මක කිරීමයි. එහෙත් එම ආණ්ඩු විසින් එය පූර්ණ ලෙස ක්‍රියාත්මක කළේ නැත. එනම් පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත්වලට පැවරුවේ නැත. එය එසේ සිදු වූයේ නම් අද වන විට පොළොවේ පවතින යථාර්තය මීට වඩා බොහෝසෙයින් භයානක වනු ඇත. ඉන්දියාව අද වන විටත් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත බලකරන්නේ 13 පූර්ණ වශයෙන් බලාත්මක කරන ලෙසය. ඉන්දියානු අතකොලු ලෙස කටයුතු කරන ඇතැම් දෙමළ ජාතිවාදී පක්ෂ (මොවුන් දෙමළ ජනයාගේ යහපත පිණිස කටයුතු කරන්නන් නොවේ) හරහාද මෙම බලපෑම සිදුකරමින් පවතී.

ඉන්දියානු බල ව්‍යාප්තිය

පළාත් මත පදනම්ව පාලන ව්‍යුහයක් ඇති කිරීමෙන් ඉන්දියාව බලාපොරොත්තු වී ඇත්තේ උතුරු-නැගෙනහිර වෙනම පාලන ඒකක ලෙස හඳුනාගෙන ඒවා සමග සෘජුව ගනුදෙනු කිරීමේ පසුබිමක් ඇති කිරීම  බවය. 1987 පටන් ඉන්දියානු උපාය මාර්ගයේ වෙනසක් වී නොමැත. මෑතක දී ඉන්දියාව සමග ඇතිකරගත් ගිවිසුම්වල නැගෙනහිර පළාත වෙනම සංවර්ධන ඒකකයක් ලෙස හඳුනාගෙන ඉන්දියාවේ මැදිහත්වීමෙන් සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත. ත්‍රිකුණාමලය ආර්ථික කේන්ද්‍රස්ථානයක් විය යුතු බව ඉන්දිය විදේශ අමාත්‍යවරයා පවසා ඇත. පළාත් සභා පූර්ණ බලතල ඇතිව ක්‍රියාත්මක වුවහොත් (කුමන ව්‍යවස්ථාමය බාධක තිබුණද) ඉන්දීය රජයට හෝ තමින්නාඩු ප්‍රාන්ත පාලනයට සෘජුව එම පළාත් සමග කටයුතු කිරීමට පසුබිමක් නිර්මාණය වනු ඇත. ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ දැඩි විරෝධතාවය මැද බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය උල්ලංඝනය කළ ඉන්දියානු පාලකයින්ට, පූර්ණ බලතල ඇති පළාත් සභාවක් සමග සෘජුව  ගනුදෙනු කිරීමට කොළඹින් අවසර ඉල්ලා සිටීමට හේතුවක් නොවුනු ඇත.

පළාත් සභා පණ ගැන්වීම

වසර ගණනාවක් තිස්සේ අක්‍රීයව පැවැති මෙම ඉන්දීය භූ-දේශපාලනික හා ආර්ථික සැලැස්ම නැවත බලගැන්වීමට දේශීය දේශපාලන පක්ෂ හා ඊට සහය ලබාදෙන සංවිධාන හා පුද්ගලයින් විසින් (දැනුවත්ව හෝ නොදැනුවත්ව) උත්සාහ ගනිමින් සිටීම කණගාටුදායකය. පළාත් සභා ඡන්දයක් පැවැත්වීමේ කතිකාව නැවත කරලියට පැමිණ තිබෙන්නේ ඒ නිසාය. මේ පසුපස සැබෑවටම සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව විමසිය යුතුය.

 - ජ්‍යේෂ්ඨ නීතිඥ කණිෂ්ක විතාරණ

2026.06.14 ඉරිදා ලංකාදීප පුවත්පතේ පළ කළ ලිපිය

සම්බන්ධිත පුවත් | Related News

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු අමෙරිකානු ඩොලර් මිලියන 1,854කට අධික මුදලක් විදෙස් ණය ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ණය පියවීම් කටයුතු සඳහා වෙන්කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් මිලියන 750කට අධික) රාජ්‍ය මුදලක් සංවිධානාත්මක සයිබර් ප්‍රහාරයක් (Cyber Theft) හරහා සොරකම් කිරීමේ සිදුවීමක් මුල් කරගනිමින්, මහා භාණ්ඩාගාරය (Treasury) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අතර බරපතල ආයතනික සහ පරිපාලනමය ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.
ගුරු සේවාවේ උසස් වීමක් ලෙස සලකා විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව යනු වෙනත් වටයකින් සමාන්තර සේවා අහෝසි කිරීමට ගන්නා උපක්‍රමයක් බව ඒකාබද්ධ ගුරුසේවා සංගමය චෝදනා කරයි.
පසුගිය වසර 30ක යුද්ධයේදී සන්නද්ධ හමුදාවන් සිය වගකීම 100%ක්ම ඉටු කරමින් රට දෙකකට බෙදීමේ තර්ජනයෙන් මුදාගත් බවත්, එලෙස දිනාගත් යුද ජයග්‍රහණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බෙදුම්වාදී මතවාද පරාජය කිරීමේ වගකීම බාර ගැනීමට විශ්‍රාමික රණවිරුවන් කිසිසේත් පසුබට නොවන බවත් "රණවිරු ජනපවුර" සංවිධානය අවධාරණය කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු අටක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ නඩු ගොඩගැසීමෙන් යුක්තිය පසිඳලීමේ කටයුතු වලට බාධා මතුව ඇතැයි අධිකරණ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.
මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසයි.
යුද්ධය අවසන් වූවද බෙම්වාදීන්ගේ මාර්ග සිතියම අවසන් වී නොමැති බවත්, බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම යාමට බිඳවැටුනු ආරක්ෂක හමුදාවක් අවශ්‍ය බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
යුක්රේනය සහ රුසියාව අතර පවතින ගැටුමේදී රුසියාව ඊනියා “සාමූහික බටහිර” (Collective West ) කඳවුරට එරෙහිව තනිව සටන් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය.
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ බවට විවිධ විමර්ශන මඟින් හඳුනාගෙන ඇති ෂානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්, මේ වන විට තමන්ට එරෙහිව විමර්ශන මෙහෙයවමින් සිටින බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය නීතිඥවරයා මාර්ගයෙන් පෙරේදා (11) අභියාචනාධිකරණයට දැනුම්දී ඇත.

ප්‍රධාන පුවත්

භාණ්ඩාගාර මංකොල්ලය: වැරැද්ද කාගෙද?.. මහ බැංකුවයි-භාණ්ඩාගාරයයි මූණට මූණ ඇනකොටා ගනී!

ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ණය පියවීම් කටයුතු සඳහා වෙන්කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් මිලියන 750කට අධික) රාජ්‍ය මුදලක් සංවිධානාත්මක සයිබර් ප්‍රහාරයක් (Cyber Theft) හරහා සොරකම් කිරීමේ සිදුවීමක් මුල් කරගනිමින්, මහා භාණ්ඩාගාරය (Treasury) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අතර බරපතල ආයතනික සහ පරිපාලනමය ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.

විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව: ගුරු, විදුහල්පති සේවා වල ස්වාධීනතාවය නැති කරල, වැටුප් විශ්මතාවයක් නෑ කියන්නයි මේ හදන්නෙ - ඒකාබද්ධ ගුරුසේවා සංගමය

ගුරු සේවාවේ උසස් වීමක් ලෙස සලකා විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව යනු වෙනත් වටයකින් සමාන්තර සේවා අහෝසි කිරීමට ගන්නා උපක්‍රමයක් බව ඒකාබද්ධ ගුරුසේවා සංගමය චෝදනා කරයි.

ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..

පසුගිය වසර 30ක යුද්ධයේදී සන්නද්ධ හමුදාවන් සිය වගකීම 100%ක්ම ඉටු කරමින් රට දෙකකට බෙදීමේ තර්ජනයෙන් මුදාගත් බවත්, එලෙස දිනාගත් යුද ජයග්‍රහණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බෙදුම්වාදී මතවාද පරාජය කිරීමේ වගකීම බාර ගැනීමට විශ්‍රාමික රණවිරුවන් කිසිසේත් පසුබට නොවන බවත් "රණවිරු ජනපවුර" සංවිධානය අවධාරණය කරයි.

ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු අටක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ නඩු ගොඩගැසීමෙන් යුක්තිය පසිඳලීමේ කටයුතු වලට බාධා මතුව ඇතැයි අධිකරණ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්

මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

යුද්ධය අවසන් වූවද බෙම්වාදීන්ගේ මාර්ග සිතියම අවසන් වී නොමැති බවත්, බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම යාමට බිඳවැටුනු ආරක්ෂක හමුදාවක් අවශ්‍ය බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්

යුක්රේනය සහ රුසියාව අතර පවතින ගැටුමේදී රුසියාව ඊනියා “සාමූහික බටහිර” (Collective West ) කඳවුරට එරෙහිව තනිව සටන් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය.

“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ බවට විවිධ විමර්ශන මඟින් හඳුනාගෙන ඇති ෂානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්, මේ වන විට තමන්ට එරෙහිව විමර්ශන මෙහෙයවමින් සිටින බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය නීතිඥවරයා මාර්ගයෙන් පෙරේදා (11) අභියාචනාධිකරණයට දැනුම්දී ඇත.

අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු එෆ්.බී.අයි (FBI) ආයතනය, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ ඉන්ටර්පෝල් වැනි ලෝක ප්‍රකට විමර්ශන ආයතන සොයාගත් කරුණු වලට අමතරව නව කරුණු මෙරට බලධාරීන් සොයාගෙන තිබේ නම්, වහාම ඒ බව එම ආයතනවලට දැනුම් දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්

ජූනි මස 12 වනදාට යෙදී තිබෙන රුසියානු දිනය වෙනුවෙන් කොළඹ රුසියානු තානාපති කාර්යාලය සංවිධානය කළ උත්සවයක් පසුගිය 10 වනදා ගාලු මුවදොර පිහිටි රත්නදීප හෝටලයේදී පැවැත්වීය.

ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..

ඊශ්‍රායලයේ සිට මෙරට ශ්‍රමිකයන් එවනු ලබන ඩොලර් අප්‍රේල් මාසයේ සිට එක් ආයතනයක සිරවී ඇති බවත්, වැඩිම විදේශ ප්‍රේෂන ප්‍රමාණයක් මෙරටට එවනු ලබන්නේ ඊශ්‍රායලයේ සිටින මෙරට ශ්‍රමිකයන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පවසයි.

සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ජූලි මස 10 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ගේන්න යනවා.. – හර්ෂ ද සිල්වා

ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ලබාගැනීමේ අවස්ථාවක් උදාවී ඇතැයි තමන් දන්නා පරිදි වාර්තා වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පළමු වරට අනාවරණය කර තිබෙනවා.

ලෝකයේ බලශක්ති අර්බුදයක් ඇති වීමට හේතුව අමෙරිකාව සහ චීනයේ බල ඝට්ටනය ද?.. - ගෝලීය බලශක්ති අර්බුදයේ ඇත්ත කතාව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට පහරදීමත් සමග අස්ථාවර වූ ලෝක ආර්ථිකය තවමත් යථා තත්ත්වයට පත්නොවී ඇති පසුබිමක ලෝකයම මේ වන විට බලශක්ති අර්බුදයක සිරවී සිටින බවත්, අමෙරිකාව සහ චීනය අතර ඇති වී තිබෙන බල ඝට්ටනයද ලෝකයේ අර්බුද රැසක් නිර්මාණය කර ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.