"උණ ගැනිලා, අත් ඉදිමිලා, කැන්යුලා ආසාදනය වෙලා" - ජූනි 13 වැනිදා ජාතික රෝහලෙන් ආ සලේගේ අන්තරායකර වෛද්‍ය වාර්තාව!
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය අද (13) වන විට අතිශය අන්තරායකර තත්ත්වයකට පත්ව ඇත.
මේ සමඟම, මෙම සිදුවීම හුදෙක් අපරාධ විමර්ශනයකින් ඔබ්බට ගොස් මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් සෘජුවම මැදිහත් වන දැවැන්ත මානුෂීය සහ දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී තිබේ.
උණ, ආසාදන සහ නාසයෙන් බට: සලේගේ වත්මන් තත්ත්වය
අද (13) දින සලේ ගේ පවුලේ සාමාජිකයන් කොළඹ ජාතික රෝහල වෙත ගොස් ඔහුව පරීක්ෂා කිරීමෙන් පසු නිකුත් කළ වෛද්‍ය යාවත්කාලීන කිරීම්වලට අනුව ඔහුගේ තත්ත්වය බරපතළය.
මාරාන්තික උපවාසයේ (Fast-unto-death) නිරත වීම නිසා දැඩි ලෙස දුර්වල වී සිටි සලේ ට මේ වන විට අධික උණ (Fever) වැළඳී ඇති අතර ඔහුගේ දෑත් දරුණු ලෙස ඉදිමී (Significant swelling) ඇත.
ඖෂධ සහ ද්‍රව පෝෂණය ලබාදීමට දමා තිබූ කැන්යුලා (Cannulas) ආසාදනය වීම නිසා වෛද්‍යවරුන් ඒවා ඉවත් කර තිබේ. ඔහු දිගින් දිගටම කටින් ආහාර සහ ජලය ප්‍රතික්ෂේප කිරීම නිසා ජීවිතය බේරාගැනීමේ පියවරක් ලෙස වෛද්‍යවරුන් විසින් නාසය හරහා බටයක් (Nasal tube) දමා කෘතිමව පෝෂණය ලබාදීමට පියවර ගෙන ඇත.
මේ වන විට සලේ ට කෙළින් වාඩි වීමට හෝ කතා කිරීමට නොහැකි තරම් ශාරීරික දුර්වලතාවයකින් පසුවන බවත්, වෛද්‍යවරුන් විසින් දිනකට තුන් වතාවක් පවුලේ අයට ඔහුව බැලීමට නිර්දේශ කර තිබුණද CID අධ්යක්ෂවරයා ඊට අවසර නොදෙනු ඇතැයි පවුලේ අය බිය පළ කරති. එමෙන්ම හදිසි නීතිඥ හමුවීම් ද CIDය මඟහරිමින් සිටින බවට විත්තියේ පාර්ශවය චෝදනා කරයි.
අස්ගිරි නාහිමියන් ජනපති අනුරට ලියයි!
මෙම මානුෂීය අර්බුදය හමුවේ සලේ ගේ බිරිඳ ඉකුත්දා මහනුවර අස්ගිරි මහා විහාරයට ගොස් මහානායක හිමියන් හමුවේ හැඬූ කඳුළින් කළ ආයාචනයට ප්‍රතිචාර ලැබී ඇත.
අස්ගිරි පාර්ශවයේ මහානායක, ආචාර්ය වරකාගොඩ ධර්මසිද්ධි ශ්‍රී පඤ්ඤාණන්ද ඥාණරතනාභිධාන මහා නාහිමියන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ නිල ලිපියක් යොමු කර තිබේ. සලේ ගේ බිරිඳගේ ආයාචනය ජනාධිපතිවරයාගේ කාරුණික අවධානයට යොමු කරමින්, මේ සම්බන්ධයෙන් "සුදුසු සහ සහනදායී" පියවරක් ගන්නා ලෙස මහානායක හිමියන් ජනපතිගෙන් ඉල්ලා ඇත.
"විජේවීරගේ ඉතිහාසය මතක් කරන්න එපා!" - ඩලස් සහ කරු ඇතුළු 9 දෙනාගේ ලියුම
මේ අතර ඩලස් අලහප්පෙරුම, කරු කොඩිතුවක්කු, නීතිඥ ඩිලාන් පෙරේරා ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව දෙනෙකු (9) විසිනි. "නීතියේ ආධිපත්‍යය තහවුරු කරමු" යන මැයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් රටේ අතීත දේශපාලන ප්රචණ්ඩත්වය සිහිපත් කර තිබේ.
"ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර එදා අත්අඩංගුවේ පසුවෙද්දී ඝාතනයට ලක්වීම සහ ඔහුගේ දේහය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය වැනි අතීත ප්‍රචණ්ඩකාරී සිදුවීම් ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් තුළ නැවත කිසිසේත්ම සිදු නොවිය යුතුය." යනුවෙන් එම ලිපියේ දැඩිව අවධාරණය කර ඇත.
නීතිය ඉදිරියේ සැමදෙනා සමාන විය යුතු බව පෙන්වා දෙන මෙම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ද සාමාන්‍ය සැකකරුවෙකු ලෙස සලකා ඔහුට හිමි නෛතික හා මානුෂීය අයිතිවාසිකම් ලබාදෙන ලෙසත්, සියලු කරුණු සමබරව සමාලෝචනය කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
- TheLeaderසම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..