යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
යුක්රේනය සහ රුසියාව අතර පවතින ගැටුමේදී රුසියාව ඊනියා “සාමූහික බටහිර” (Collective West ) කඳවුරට එරෙහිව තනිව සටන් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය. මෙම ගැටුම බටහිර රටවල පුළුල් සහාය මත ක්‍රියාත්මක වන අති නවීන තාක්ෂණික යුද්ධයක් ලෙසද පුටින් හැඳින්වූවේය.
රුසියානු දිනයට සමගාමීව ඊයේ(12) ක්‍රෙම්ලින් මන්දිරයේදී සන්නද්ධ හමුදා සාමාජිකයන් සමඟ පැවති හමුවකදී අදහස් දක්වමින් පුටින් පැවසුවේ, යුක්රේන ගැටුම “ඉතාමත් ඉහළ තාක්ෂණික මට්ටමකට” පත්ව ඇති බවත් නේටෝ රටවල් සියල්ලම රුසියාවට එරෙහි ක්‍රියාමාර්ග සංවිධානය කිරීම සඳහා උපරිම උත්සාහ දරමින් සිටින බවත්ය.
“රුසියාව ඊනියා සාමූහික බටහිරට එරෙහිව තනිවම නැගී සිටිනවා,” පුටින් අවධාරණය කළේය.
ජූනි 12 වන දින සැමරෙන රුසියානු දිනය, 1990 වසරේ රුසියාව ස්වෛරීභාවය ප්‍රකාශ කිරීම හා සෝවියට් සංගමයෙන් පසු නව රුසියානු රාජ්‍යයේ ආරම්භය සනිටුහන් කරන දිනය වේ.
යුක්රේන ගැටුම ආරම්භ කළේ රුසියාව නොවන බව නැවත අවධාරණය කළ පුටින්, ඉතිහාසයේ නපෝලියන්ගේ ආක්‍රමණය සහ දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ නාසි හමුදාවන්ට එරෙහිව රුසියාව කළ සටනේදී යුරෝපීය රටවල් එක්ව රුසියාවට එරෙහිව ක්‍රියා කළ බව පෙන්වා දුන්නේය.
බටහිර රටවල් මේ වන විට රුසියාවට “උපායමාර්ගික පරාජයක්” ලබාදීමට උත්සාහ කරමින් සිටින නමුත් එය කිසිසේත්ම සාර්ථක නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.
“සතුරා කාමිකාසේ ඩ්‍රෝන යානා වැඩි වශයෙන් භාවිතා කරමින් අපගේ මානසික ශක්තිය බිඳ දැමීමට, රුසියානු සමාජය අස්ථාවර කිරීමට සහ ආර්ථික හානි සිදු කිරීමට උත්සාහ කරනවා. එහෙත් ඔවුන් සාර්ථක වන්නේ නැහැ,” යැයි පුටින් පැවසීය.
ඩ්‍රෝන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් රුසියාව සිය ගුවන් ආරක්ෂක පද්ධති තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බවත්, සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීමේ අරමුණින් යුක්රේන යටිතල පහසුකම් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් ඔහු සඳහන් කළේය.
පසුගිය මාස කිහිපය තුළ යුක්රේන හමුදා රුසියාවේ දේශසීමා කලාප, ප්‍රවාහන හා සැපයුම් ජාල මෙන්ම තෙල් හා ගෑස් පහසුකම් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර වැඩි කර ඇති බව රුසියානු බලධාරීන් පවසයි. එම ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
රුසියාවේ බ්‍රයන්ස්ක් සහ බෙල්ගොරොඩ් ප්‍රදේශවල ප්‍රාදේශීය බලධාරීන්ට අනුව,පසුගිය 12 වනදා සිදුවූ යුක්රේන ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් සිව් දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇත.
යුක්රේනයට ලබාදෙන බටහිර රටවල යුධ සහාය සහ හමුදා ආධාර සම්බන්ධයෙන් රුසියාව සහ බටහිර රටවල් අතර පවතින උණුසුම් ආතතීන් මධ්‍යයේ පුටින්ගේ මෙලෙස ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..