ව්‍යාජ බලපත්‍රයකින් වසර 17ක් පුරා මගී ගුවන් යානා 900කට අධික සංඛ්‍යාවක් පැදවූ 'එයාර් කැනඩා' ගුවන් නියමුවා අත්අඩංගුවට..
ගුවන් ක්ෂේත්රය මෙන්ම සමස්ත ලෝකයම දැඩි ලෙස කම්පනයට පත් කළ සිනමා පටයක තිර පිටපතක් බඳු සුවිශේෂී වංචාවක් අනාවරණය කරගනිමින්, නිසි බලපත්‍රයක් නොමැතිව වසර 17කට ආසන්න කාලයක් පුරා ජාත්‍යන්තර සහ දේශීය මගී ගුවන් වාර 900කට අධික සංඛ්‍යාවක් මෙහෙයවූ 'එයාර් කැනඩා' (Air Canada) ගුවන් සේවයේ හිටපු ප්‍රධාන නියමුවෙකු කැනඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
'ප්‍රොජෙක්ට් ඉකරස්' (Project Icarus) නමින් ක්‍රියාත්මක වූ මාස හතරක රහසිගත සහ සංකීර්ණ විමර්ශනයකින් අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැනඩාවේ බැරී (Barrie) ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි ජෙෆ්රි වෝල් (Geoffrey Wall) නැමැති හිටපු ගුවන් නියමුවෙකි.
ජෙෆ්රි වෝල් නැමැති මෙම නියමුවා 2009 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ බෝයිං 767 (Boeing 767), බෝයිං 777 (Boeing 777) සහ බෝයිං 787 (Boeing 787) වැනි ලොව දැවැන්තම වාණිජ මගී ගුවන් යානා මෙහෙයවමින් ලක්ෂ සංඛ්‍යාත මගීන් ප්‍රමාණයක් ප්‍රවාහනය කර තිබේ. මෙම වසර 17ක කාලය තුළ ඔහු වංචනික ලෙස කැනේඩියානු ඩොලර් මිලියන 3කට ආසන්න (ඇමරිකානු ඩොලර් මිලියන 2කට වැඩි) දැවැන්ත වැටුපක් සහ දීමනා උපයා ඇති බව ද විමර්ශනවලදී හෙළි වී ඇත.
සැකකරු සතුව සාමාන්‍ය සහායක නියමුවෙකු (Co-pilot / First officer) ලෙස කටයුතු කිරීමට හැකි වාණිජ ගුවන් නියමු බලපත්‍රයක් (Commercial Pilot Licence) තිබී ඇතත්, මගී ගුවන් යානයක ප්‍රධාන නියමුවෙකු හෙවත් කැප්ටන් (Captain) කෙනෙකු වීමට අනිවාර්යයෙන්ම තිබිය යුතු ඉහළම බලපත්‍රය වන 'ගුවන් ප්‍රවාහන නියමු බලපත්‍රය' (Airline Transport Pilot Licence - ATPL-A) ඔහු සතුව තිබී නැත. ඔහු 2009 වසරේදී ව්‍යාජ ලේඛන සකස් කරමින් කැප්ටන් ධුරයට උසස්වීම් ලබාගෙන ඇති අතර, එතැන් සිට ව්‍යාජ බලපත්‍ර පෙන්වමින් ගුවන් සමාගම සහ කැනඩා සිවිල් ගුවන් සේවා බලධාරීන් (Transport Canada) දිගින් දිගටම රවටා තිබේ.
පොලිස් ප්‍රධානීන් මෙම සිදුවීම උපමා කළේ, සාමාන්‍ය පවුලේ වෛද්‍යවරයෙකු ව්‍යාජ සහතික පෙන්වා රෝහලකට ඇතුළු වී මොළයේ සැත්කම් (Brain surgery) සිදු කිරීම වැනි අතිශය බරපතල තත්ත්වයකටයි.
පසුගිය 2025 වසරේදී ටොරොන්ටෝ හි පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී (Pearson Inteational Airport) සිදුකළ හදිසි ලේඛන පරීක්ෂාවකදී (Routine audit) මොහුගේ බලපත්‍රයේ යම් යම් අක්‍රමිකතා සහ සැකකටයුතු කරුණු කිහිපයක් බලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත. ඒ අනුව එයාර් කැනඩා සමාගම විසින් සිවිල් ගුවන් සේවා බලධාරීන් දැනුවත් කර පසුගිය ජනවාරි මාසයේදී විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන විටත් මොහු 2025 වසරේදී ගුවන් සේවයෙන් විශ්‍රාම ලබා ගෙන තිබුණි.
ජූනි 1 වැනිදා අත්අඩංගුවට පත් සැකකරුට එරෙහිව ඩොලර් 5000කට අධික මූල්‍ය වංචා සිදු කිරීම, ව්‍යාජ ලේඛන භාවිතය, හොර මුද්‍රා සහ සහතික ළඟ තබා ගැනීම මෙන්ම පොලිසිය නොමඟ යැවීම (Public mischief) ඇතුළු බරපතල අපරාධ චෝදනා 7ක් යටතේ නඩු පවරා ඇති අතර, එළඹෙන ජූනි 29 වැනිදා ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් 'එයාර් කැනඩා' සමාගම පවසන්නේ, මෙම සිදුවීම අතිශය බරපතල ලෙස සලකන නමුත් ගුවන් ගමන්වල ආරක්ෂාවට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවූ බවයි. සබැඳිව සියලුම නියමුවන් මාස 6කට වරක් අනිවාර්ය පුහුණුවීම්වලට සහ වසරකට වරක් ප්‍රායෝගික ගුවන් පරීක්ෂණවලට (Flight proficiency checks) ලක්වන බැවින් සැකකරු ගුවන් යානා පැදවීමේ ඉහළ දක්ෂතාවයකින් පසුවූ බව ද සමාගම පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..