කුවේට් රාජ්‍යයෙන් ගෘහ සේවක බඳවා ගැනීම් රටවල් 10කට පමණක් සීමා කරයි.. ශ්‍රී ලංකාව ද ඒ අතරට
කුවේට් රාජ්‍යය විසින් එරටට ගෘහස්ථ මෙහෙකාර සේවක සේවිකාවන් (Domestic workers) බඳවා ගනු ලබන විදේශීය රටවල් සංඛ්‍යාව 10ක් දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බව ගල්ෆ් නිව්ස් පුවත් සේවය වාර්තා කරයි.
කුවේට් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය (Ministry of Interior) සහ පොදු මානව බල අධිකාරිය (Public Authority for Manpower) එක්ව ගනු ලැබූ මෙම නව තීරණයට අනුව, මින් ඉදිරියට කුවේට් රාජ්‍යය සඳහා මෙහෙකාර සේවකයන් බඳවා ගැනීමට අවසර හිමිවන්නේ පහත සඳහන් රටවල් 10න් පමණි:
1. ශ්‍රී ලංකාව (Sri Lanka)
2. පිලිපීනය (Philippines)
3. ඉන්දියාව (India)
4. නේපාලය (Nepal)
5. බංග්ලාදේශය (Bangladesh)
6. වියට්නාමය (Vietnam)
7. ඉතියෝපියාව (Ethiopia)
8. සියෙරා ලියෝන් (Sierra Leone)
9. නයිජර් (Niger)
10. ටැන්සානියාව (Tanzania)
කුවේට් බලධාරීන් පෙන්වා දෙන්නේ එරට ගෘහස්ථ ශ්‍රම වෙළඳපොළ වඩාත් විධිමත් කිරීම, ශ්‍රමිකයන් සැපයීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම සහ දෙපාර්ශවයේම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම සීමා කිරීම් පැනවූ බවයි.
මීට අමතරව, මෙතෙක් කුවේට් රාජ්‍යය සමඟ මෙහෙකාර ශ්‍රමික ගිවිසුම්වලට එළඹ නොමැති වෙනත් කිසිදු නව රටකින් ශ්‍රමිකයන් බඳවා ගැනීම සඳහා බලපත්‍ර (Recruitment licenses) නිකුත් නොකිරීමට ද එරට රජය තීරණය කර තිබේ.
මෙම නව රෙගුලාසි හේතුවෙන් කුවේට් රාජ්‍යයේ ගෘහස්ථ සේවක හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා, දැනටමත් අනුමත කර ඇති මෙම රටවල් 10 සමඟ පවතින ද්විපාර්ශවීය සබඳතා සහ ගිවිසුම් තවදුරටත් ශක්තිමත් කිරීමට කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව ද ගල්ෆ් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..