USAID මගින් බංග්ලාදේශයට දෙන ආහාර සහ සෞඛ්‍ය ඇතුළු සියලුම ආධාර වහාම නවත්වයි..
ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය (USAID) විසින් බංග්ලාදේශය තුළ ක්‍රියාත්මක කරන සියලුම ආධාර වැඩසටහන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන සියලුම ව්‍යාපෘති, ගිවිසුම්, නියෝග සහ මූල්‍ය ප්‍රතිපාදන වහාම නතර කරන ලෙස බංග්ලාදේශයේ සිටින සියලුම සහකාර සංවිධාන වෙත දන්වා තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තියට අනුකූලව, ඇමරිකාව විසින් ලොව පුරා ලබාදෙන විදේශ ආධාර නැවත සමාලෝචනය කිරීමේ සහ ප්‍රතිසංවිධානය කිරීමේ පියවරක් වශයෙනි. මීට පෙර, ඇමරිකාව විසින් ලොව පුරා ලබාදෙන විදේශ ආධාර බොහෝ දුරට අත්හිටුවීමට කටයුතු කළ අතර, ඉන් නිදහස් කරනු ලැබුවේ හදිසි ආහාර ආධාර සහ ඉශ්‍රායලය හා ඊජිප්තුව සඳහා වන මිලිටරි (යුද) අරමුදල් පමණි.
මෙම හදිසි තීරණය නිසා බංග්ලාදේශයේ ක්‍රියාත්මක වන ඇමරිකානු ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන සහ ව්‍යාපෘති කොටස්කරුවන් දැඩි කනස්සල්ලට පත්ව ඇත.
බංග්ලාදේශය තුළ ක්‍රියාත්මක වන USAID වැඩසටහන මුළු ආසියාවේම තිබූ විශාලතම ආධාර ව්‍යාපෘතිය වන බැවින්, මෙම තීරණයෙන් එරටට දැඩි බලපෑමක් එල්ල වනු ඇත. විශේෂයෙන්ම ලෝකයේ පවතින වැදගත්ම ආහාර සුරක්ෂිතතා සහ සෞඛ්‍ය වැඩසටහන් මෙන්ම, ප්රජාතන්ත්රවාදය, යහපාලනය, මූලික අධ්‍යාපනය සහ පරිසරය සුරැකීමේ වැදගත් ව්‍යාපෘති රැසක් මෙයින් අඩාල වේ.
එමෙන්ම, බංග්ලාදේශයේ සිටින රොහින්ග්‍යා සරණාගතයන් වෙනුවෙන් ඇමරිකාව ලබා දුන් විශාල මානුෂීය ආධාරවලට ද මෙයින් දැඩි බාධා එල්ල වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..