News Category
From Date
To Date
Maximum Number of Result

2025දී රාජ්‍ය ව්‍යාපාරවල ලාබය 17%කින් පහළට.. වත්කම්වලින් ලැබී ඇත්තේ 2.7% ලාබයක්..

Jun 11, 2026 at 05:17 AM
|

2025 වසරේදී ද, මෙරට ප්‍රධාන රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය සතු ව්‍යාපාරවල (SOEs) සමස්ත කාර්යසාධනය සහ ලාභදායීත්වය පහත වැටී ඇති බව මහා භාණ්ඩාගාරයේ 2025 වාර්ෂික වාර්තාව මඟින් හෙළිදරව් කර තිබේ.

රාජ්‍ය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඒවායේ පාලනය සඳහා අවංක මෙන්ම සුදුසු නිලධාරීන් පත් කිරීමට රජය කටයුතු කර තිබූ පසුබිමක පවා, ඇතැම් ප්‍රධාන ආයතන දිගින් දිගටම පාඩු ලබා ඇති අතර, උපයා ඇති සමස්ත ලාභය ද පෙර වසරට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇත.

මේ හේතුවෙන් මහා භාණ්ඩාගාරයට සහ බදු ගෙවන ජනතාවට එල්ල වී ඇති ශුද්ධ බර රුපියල් බිලියන ගණනින් ඉහළ ගොස් තිබේ.

2024 වසරේදී රජය සතු ප්‍රධාන මූල්‍ය නොවන ව්‍යාපාරික ආයතන 51ක් උපයා තිබූ මුළු ලාභය රුපියල් බිලියන 539ක් වූ අතර, 2025 වසර වන විට එය රුපියල් බිලියන 444ක් දක්වා 17%කට වඩා වැඩි ප්‍රතිශතයකින් පහත වැටී ඇත.

මෙම ලාභය, ආර්ථික අර්බුදයෙන් බැටකමින් තිබූ 2023 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 445ක ලාභයටත් වඩා අඩු අගයකි. තවද, රට තුළ රාජ්‍ය ආයතන 527ක් පමණ ක්‍රියාත්මක වුවද, මහා භාණ්ඩාගාරය විධිමත් දත්ත ප්‍රකාශයට පත් කරනු ලබන්නේ මෙම ප්‍රධාන ආයතන 51 පිළිබඳව පමණක් වීම ද විශේෂත්වයකි.

රාජ්‍ය ව්‍යාපාර ලාභ ලබන බව බැලූ බැල්මට පෙනුනද, ඒවා සතු සමස්ත වත්කම් පදනමට  සාපේක්ෂව ලාභය ගණනය කිරීමේදී එම ආයතන පවතින්නේ ඉතා අකාර්යක්ෂම මට්ටමකය.

2025 වන විට මෙම රාජ්‍ය ව්‍යාපාර සතු සමස්ත වත්කම්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 16.5ක් (රුපියල් බිලියන 16,500ක්) වන අතර, එය සමස්ත දේපළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 50%ක් පමණ වේ.

එවැනි දැවැන්ත වත්කම් ප්‍රමාණයකින් උපයා ඇත්තේ රුපියල් බිලියන 444ක ලාභයක් පමණි. එනම් වත්කම්වලින් ලැබී ඇති ප්‍රතිලාභය 2.7%ක් වැනි අවම අගයකි. 

සමස්ත රාජ්‍ය ව්‍යාපාර ලැබූ රුපියල් බිලියන 444ක ලාභයෙන් රුපියල් බිලියන 304ක්ම (එනම් 68%කට වඩා වැඩි ප්‍රමාණයක්) උපයා ඇත්තේ බැංකු සහ මුල්‍ය අංශය මඟිනි. ලංකා බැංකුව , මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ සේවක භාරකාර අරමුදල මීට අයත්ය.

ලංකා බැංකුව පමණක් රුපියල් බිලියන 120ක ලාභයක් වාර්තා කර ඇති අතර, එය සමස්ත රාජ්‍ය ව්‍යාපාරික ලාභයෙන් 27%කි. මෙයින් පැහැදිලි වන්නේ මෙම ලාභ ලැබීම් නිදහස් වෙළඳපොළ තරගකාරිත්වයක් තුළ ලැබූ ජයග්‍රහණ නොව, මහජන තැන්පතු, රාජ්‍ය අනුග්‍රහය සහ නියාමන වාසි මත උපයාගත් ඒවා බවයි.

ලාභ ලබන සෙසු රාජ්‍ය ආයතන දෙස බැලීමේදී පෙනී යන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, සහ ජාතික ලොතරැයි මණ්ඩලය වැනි ආයතන සියල්ලම පාහේ රජය විසින් ලබා දී ඇති ඒකාධිකාරී හෝ විශේෂ නීතිමය රැකවරණය මත ලාභ ලබන ඒවා බවයි. 

2025 වසරේදී විශාලතම පාඩුව වාර්තා කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයයි 2024 වසරේදී රුපියල් බිලියන 141.6ක ලාභයක් ලැබූ විදුලිබල මණ්ඩලය, 2025 වන විට රුපියල් බිලියන 38.7ක දැවැන්ත පාඩුවකට ඇද වැටී ඇත. විදුලි ගාස්තු සංශෝධනය, මෙහෙයුම් වියදම් සහ පිරිවැය ව්‍යුහයේ ගැටලු මීට හේතු වී තිබේ. දත්තවලට අනුව විදුලි ඒකකයක් අලෙවි කරන මිල රුපියල් 36.01 සිට රුපියල් 26.24 දක්වා පහත වැටී ඇති අතර, ඒකකයක පිරිවැය රුපියල් 30.23ක් ලෙස සටහන් වේ. මෙම අසමතුලිතතාවයේ අවසන් බර පැටවෙන්නේ ද බදු ගෙවන්නා මතය.

පෞද්ගලික අංශය සමඟ තරග කිරීමට සිදුව ඇති සෑම ක්ෂේත්‍රයකදීම රාජ්‍ය ව්‍යාපාර අසාර්ථක වී ඇති බව දත්ත පෙන්වා දෙයි. විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය  සහ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ සංස්ථාව ඇතුළු ආයතන ඒකාබද්ධව රුපියල් මිලියන 759ක පාඩුවක් ලබා ඇත.

මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සේවය, ලංකා සීනි සමාගම, රාජ්‍ය වැවිලි සංස්ථා සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ද දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයක පවතී.

රාජ්‍ය ව්‍යාපාර ලැබූ රුපියල් බිලියන 444ක ලාභයෙන් බදු සහ ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයට ලැබී ඇත්තේ රුපියල් බිලියන 56.5ක් පමණි. එය පෙර වසරට වඩා වැඩි අගයක් වුවද, මෙම ව්‍යාපාර නඩත්තු කිරීම වෙනුවෙන් අයවැය සහාය ලෙස රජය විසින් නැවත එම ආයතන වෙත රුපියල් බිලියන 103ක් ලබා දීමට සිදුව ඇත. එනම් රජයට ලබා දෙන මුදල මෙන් දෙගුණයකට ආසන්න මුදලක් ප්‍රතිපාදන ලෙස ඒවා යළිත් රජයෙන් ලබාගෙන තිබේ.

රාජ්‍ය ව්‍යාපාරවල සමස්ත පාඩුව රුපියල් බිලියන 69.8ක් වන අතර අයවැය ආධාර ප්‍රමාණය රුපියල් බිලියන 103කි. රජයට ලැබුණු රුපියල් බිලියන 56.5ක ආදායම අඩු කළ ද, අවසාන වශයෙන් බදු ගෙවන ජනතාවට දරන්නට සිදුව ඇති ශුද්ධ බර රුපියල් බිලියන 117ක් පමණ වේ.

ඇතැම් රාජ්‍ය ආයතන කෘතිමව ලාභ ලබන බව පෙන්වන්නේ ද මහජන බදු මුදල් ආධාර ලෙස ලබාගැනීමෙන් පසුවය. නිදසුනක් ලෙස, ශ්‍රීලංකන් ගුවන් සේවයට භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 25.3ක ප්‍රාග්ධන ආධාර ලබා දී තිබියදීත්, එය රුපියල් බිලියන 23.2ක පාඩුවක් ලබා ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් බිලියන 45.6ක ප්‍රාග්ධන ආධාර ලබාගෙන, රුපියල් බිලියන 31.6ක ලාභයක් පෙන්වා ඇත.

සුදුසු සහ අවංක නිලධාරීන් පත් කිරීමෙන් පමණක් රාජ්‍ය ව්‍යාපාර ගොඩනැංවිය නොහැකි බව පසක් කරමින්, ලංකා සතොස, ජල සම්පාදන මණ්ඩලය, ලංකා සීනි සමාගම, මිල්‍කෝ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය වැනි ප්‍රධාන ආයතන කිහිපයක් 2024 වසර සඳහා වූ විගණනය කරන ලද වාර්ෂික වාර්තා පවා මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව මහා භාණ්ඩාගාර වාර්තාවේ සඳහන් වේ. මේ තුළින් පාලන සහ විනිවිදභාවයේ  ගැටලු තවදුරටත් පවතින බව සනාථ වේ.

සම්බන්ධිත පුවත් | Related News

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දීප්කේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.
වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.