News Category
From Date
To Date
Maximum Number of Result

2025දී රාජ්‍ය ව්‍යාපාරවල ලාබය 17%කින් පහළට.. වත්කම්වලින් ලැබී ඇත්තේ 2.7% ලාබයක්..

Jun 11, 2026 at 05:17 AM
|

2025 වසරේදී ද, මෙරට ප්‍රධාන රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය සතු ව්‍යාපාරවල (SOEs) සමස්ත කාර්යසාධනය සහ ලාභදායීත්වය පහත වැටී ඇති බව මහා භාණ්ඩාගාරයේ 2025 වාර්ෂික වාර්තාව මඟින් හෙළිදරව් කර තිබේ.

රාජ්‍ය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඒවායේ පාලනය සඳහා අවංක මෙන්ම සුදුසු නිලධාරීන් පත් කිරීමට රජය කටයුතු කර තිබූ පසුබිමක පවා, ඇතැම් ප්‍රධාන ආයතන දිගින් දිගටම පාඩු ලබා ඇති අතර, උපයා ඇති සමස්ත ලාභය ද පෙර වසරට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇත.

මේ හේතුවෙන් මහා භාණ්ඩාගාරයට සහ බදු ගෙවන ජනතාවට එල්ල වී ඇති ශුද්ධ බර රුපියල් බිලියන ගණනින් ඉහළ ගොස් තිබේ.

2024 වසරේදී රජය සතු ප්‍රධාන මූල්‍ය නොවන ව්‍යාපාරික ආයතන 51ක් උපයා තිබූ මුළු ලාභය රුපියල් බිලියන 539ක් වූ අතර, 2025 වසර වන විට එය රුපියල් බිලියන 444ක් දක්වා 17%කට වඩා වැඩි ප්‍රතිශතයකින් පහත වැටී ඇත.

මෙම ලාභය, ආර්ථික අර්බුදයෙන් බැටකමින් තිබූ 2023 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 445ක ලාභයටත් වඩා අඩු අගයකි. තවද, රට තුළ රාජ්‍ය ආයතන 527ක් පමණ ක්‍රියාත්මක වුවද, මහා භාණ්ඩාගාරය විධිමත් දත්ත ප්‍රකාශයට පත් කරනු ලබන්නේ මෙම ප්‍රධාන ආයතන 51 පිළිබඳව පමණක් වීම ද විශේෂත්වයකි.

රාජ්‍ය ව්‍යාපාර ලාභ ලබන බව බැලූ බැල්මට පෙනුනද, ඒවා සතු සමස්ත වත්කම් පදනමට  සාපේක්ෂව ලාභය ගණනය කිරීමේදී එම ආයතන පවතින්නේ ඉතා අකාර්යක්ෂම මට්ටමකය.

2025 වන විට මෙම රාජ්‍ය ව්‍යාපාර සතු සමස්ත වත්කම්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 16.5ක් (රුපියල් බිලියන 16,500ක්) වන අතර, එය සමස්ත දේපළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 50%ක් පමණ වේ.

එවැනි දැවැන්ත වත්කම් ප්‍රමාණයකින් උපයා ඇත්තේ රුපියල් බිලියන 444ක ලාභයක් පමණි. එනම් වත්කම්වලින් ලැබී ඇති ප්‍රතිලාභය 2.7%ක් වැනි අවම අගයකි. 

සමස්ත රාජ්‍ය ව්‍යාපාර ලැබූ රුපියල් බිලියන 444ක ලාභයෙන් රුපියල් බිලියන 304ක්ම (එනම් 68%කට වඩා වැඩි ප්‍රමාණයක්) උපයා ඇත්තේ බැංකු සහ මුල්‍ය අංශය මඟිනි. ලංකා බැංකුව , මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ සේවක භාරකාර අරමුදල මීට අයත්ය.

ලංකා බැංකුව පමණක් රුපියල් බිලියන 120ක ලාභයක් වාර්තා කර ඇති අතර, එය සමස්ත රාජ්‍ය ව්‍යාපාරික ලාභයෙන් 27%කි. මෙයින් පැහැදිලි වන්නේ මෙම ලාභ ලැබීම් නිදහස් වෙළඳපොළ තරගකාරිත්වයක් තුළ ලැබූ ජයග්‍රහණ නොව, මහජන තැන්පතු, රාජ්‍ය අනුග්‍රහය සහ නියාමන වාසි මත උපයාගත් ඒවා බවයි.

ලාභ ලබන සෙසු රාජ්‍ය ආයතන දෙස බැලීමේදී පෙනී යන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, සහ ජාතික ලොතරැයි මණ්ඩලය වැනි ආයතන සියල්ලම පාහේ රජය විසින් ලබා දී ඇති ඒකාධිකාරී හෝ විශේෂ නීතිමය රැකවරණය මත ලාභ ලබන ඒවා බවයි. 

2025 වසරේදී විශාලතම පාඩුව වාර්තා කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයයි 2024 වසරේදී රුපියල් බිලියන 141.6ක ලාභයක් ලැබූ විදුලිබල මණ්ඩලය, 2025 වන විට රුපියල් බිලියන 38.7ක දැවැන්ත පාඩුවකට ඇද වැටී ඇත. විදුලි ගාස්තු සංශෝධනය, මෙහෙයුම් වියදම් සහ පිරිවැය ව්‍යුහයේ ගැටලු මීට හේතු වී තිබේ. දත්තවලට අනුව විදුලි ඒකකයක් අලෙවි කරන මිල රුපියල් 36.01 සිට රුපියල් 26.24 දක්වා පහත වැටී ඇති අතර, ඒකකයක පිරිවැය රුපියල් 30.23ක් ලෙස සටහන් වේ. මෙම අසමතුලිතතාවයේ අවසන් බර පැටවෙන්නේ ද බදු ගෙවන්නා මතය.

පෞද්ගලික අංශය සමඟ තරග කිරීමට සිදුව ඇති සෑම ක්ෂේත්‍රයකදීම රාජ්‍ය ව්‍යාපාර අසාර්ථක වී ඇති බව දත්ත පෙන්වා දෙයි. විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය  සහ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ සංස්ථාව ඇතුළු ආයතන ඒකාබද්ධව රුපියල් මිලියන 759ක පාඩුවක් ලබා ඇත.

මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සේවය, ලංකා සීනි සමාගම, රාජ්‍ය වැවිලි සංස්ථා සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ද දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයක පවතී.

රාජ්‍ය ව්‍යාපාර ලැබූ රුපියල් බිලියන 444ක ලාභයෙන් බදු සහ ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයට ලැබී ඇත්තේ රුපියල් බිලියන 56.5ක් පමණි. එය පෙර වසරට වඩා වැඩි අගයක් වුවද, මෙම ව්‍යාපාර නඩත්තු කිරීම වෙනුවෙන් අයවැය සහාය ලෙස රජය විසින් නැවත එම ආයතන වෙත රුපියල් බිලියන 103ක් ලබා දීමට සිදුව ඇත. එනම් රජයට ලබා දෙන මුදල මෙන් දෙගුණයකට ආසන්න මුදලක් ප්‍රතිපාදන ලෙස ඒවා යළිත් රජයෙන් ලබාගෙන තිබේ.

රාජ්‍ය ව්‍යාපාරවල සමස්ත පාඩුව රුපියල් බිලියන 69.8ක් වන අතර අයවැය ආධාර ප්‍රමාණය රුපියල් බිලියන 103කි. රජයට ලැබුණු රුපියල් බිලියන 56.5ක ආදායම අඩු කළ ද, අවසාන වශයෙන් බදු ගෙවන ජනතාවට දරන්නට සිදුව ඇති ශුද්ධ බර රුපියල් බිලියන 117ක් පමණ වේ.

ඇතැම් රාජ්‍ය ආයතන කෘතිමව ලාභ ලබන බව පෙන්වන්නේ ද මහජන බදු මුදල් ආධාර ලෙස ලබාගැනීමෙන් පසුවය. නිදසුනක් ලෙස, ශ්‍රීලංකන් ගුවන් සේවයට භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 25.3ක ප්‍රාග්ධන ආධාර ලබා දී තිබියදීත්, එය රුපියල් බිලියන 23.2ක පාඩුවක් ලබා ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් බිලියන 45.6ක ප්‍රාග්ධන ආධාර ලබාගෙන, රුපියල් බිලියන 31.6ක ලාභයක් පෙන්වා ඇත.

සුදුසු සහ අවංක නිලධාරීන් පත් කිරීමෙන් පමණක් රාජ්‍ය ව්‍යාපාර ගොඩනැංවිය නොහැකි බව පසක් කරමින්, ලංකා සතොස, ජල සම්පාදන මණ්ඩලය, ලංකා සීනි සමාගම, මිල්‍කෝ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය වැනි ප්‍රධාන ආයතන කිහිපයක් 2024 වසර සඳහා වූ විගණනය කරන ලද වාර්ෂික වාර්තා පවා මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව මහා භාණ්ඩාගාර වාර්තාවේ සඳහන් වේ. මේ තුළින් පාලන සහ විනිවිදභාවයේ  ගැටලු තවදුරටත් පවතින බව සනාථ වේ.

සම්බන්ධිත පුවත් | Related News

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට තේ නිෂ්පාදනය මෙම මාසය තුළ සියයට 15ත් 20ත් අතර ප්‍රමාණයකින් පහත වැටෙනු ඇතැයි හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පවසයි.
පසුගිය පාලනයන් තුළ සිදුවූ වැරදි, අඩුපාඩු සහ වංචා දූෂණ ගැන පමණක් සාකච්ඡා කරමින් වත්මන් මාලිමා රජයට ඉදිරියට යා නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසයි.
ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් අද (10) සහ හෙට (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ.
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ඇරඹෙන අතර එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට නියමිතය.
පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.
මෙම වසරේ චීනයට කඩා වැදුණු ප්‍රබලම නිවර්තන කුණාටුව වන "ඩොල්ෆින්" සුළි කුණාටුව, ඊයේ (09) සවස චීනයේ නැගෙනහිර වෙරළ තීරයට ළඟා වී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

ප්‍රධාන පුවත්

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..

පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.