News Category
From Date
To Date
Maximum Number of Result

උතුරු නැගෙනහිර ඉඩම් ගැටලුව 1985 සිතියම අනුව විසඳනවා - ජනපති රනිල් කියයි

Dec 28, 2023 at 07:24 AM
|

රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම අද රට හමුවේ ඇති ප්‍රධාන වගකීම් බවත්, කුමන පක්ෂයක් නියෝජනය කළද එම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමන් සමඟ එක්වන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ වෙත නැවත ආරාධනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම, සංහිඳියාවට අදාළව මෙතෙක් නොවිසඳී ඇති ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීම තම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා ඒ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් එළැඹෙන මාර්තු මාසයේදී සිදු කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ බදුල්ල, ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවයට එක් වෙමිනි.

ඌව පළාතේ පිහිටා ඇති එකම මුස්ලිම් ජාතික පාසල වන ගුරුතලාව මුස්ලිම් ජාතික පාසල වෙත පැමිණි ජනාධිපතිවරයා එහි සිසු දරුවන් විසින් මහත් හරසරන් පිළිගනු ලැබීය.

සියවස් සැමරුම නිමිත්තෙන් එළිදැක්වුණු විද්‍යාලයේ නව වෙබ් අඩවිය විවෘත කෙරුණේද ජනාධිපතිවරයා අතිනි.

විද්‍යාලයේ සියවස් සැමරුමට සමගාමීව එළිදැක්වුණු සමරු කලාපය විදුහල්පති ඒ. ඒ. සම්මුන් මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පොස උසස් පෙළ විභාගයන්හිදී විශිෂ්ඨතා දැක්වූ විද්‍යාලයීය සිසු දරුවන් වෙත පදක්කම් පැළඳවීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.

විද්‍යාලයේ සියවස් සැමරුමට සුභාශීංසන එක් කරමින් සමරු ග්‍රන්ථයෙහි සටහනක් ද තැබූ ජනාධිපතිවරයා විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය සමඟ සමුහ ඡායාරූපයකටද එක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

"රටේ දරුවන්ට හොද අනාගතයක් ගොඩනඟා දීමට නම් රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා මේ වන විට ලෝකයේ රටවල සහාය ලැබී තිබෙනවා. මේ වැඩපිළිවෙළ තුළ අප ඉදිරියට ගමන් කළහොත් නියත වශයෙන්ම රට තුළ ස්ථාවර ආර්ථිකයක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ සමඟම රටේ අනෙකුත් ප්‍රශ්නවලට ද විසඳුම් ලැබෙනවා.

ඒ නිසා රටේ ආර්ථිකය ගොඩනැඟිමට අපට සහාය ලබාදෙන්න කියා දේශපාලන පක්ෂ ඇතුළු සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටියා. නමුත් අප බලාපොරොත්තු වූ ප්‍රතිචාරය ලැබී නැහැ. අද මේ රටේ විසඳාගත යුතු ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. කුමන පක්ෂයකට අයත් වුවත් එම ප්‍රශ්න විසදා ගැනීමට අපත් සමඟ එක්වන ලෙස මම එම සියලු දෙනාගෙන් නැවත ඉල්ලා සිටිනවා.

පළමු කරුණ තමයි රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීම. දෙවැනි කරුණ වන්නේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම. රටක් ඉදිරියට ගෙන යාමට නම් රටේ හොඳ ආර්ථිකයක් තිබිය යුතුයි. ඒ වගේම එක්සත් ජනතාවක් සිටිය යුතුයි. එසේම ශ්‍රී ලාංකීය අනන්‍යතාව තහවුරු විය යුතුයි.

සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට අයත් වුවත් සියලු ජනතාව ශ්‍රි ලාංකිකයන්. අද අපේ රටේ බහුහතරයක් සිටින්නේ සිංහල ජනතාව. සිංහල අනන්‍යතාව, ආගම සහ සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් ඉදිරියට යාමට අප කටයුතු කරනවා. එහිදී කිසිවිටකත් අනෙකුත් ජාතීන්ට හෝ ආගමිකයන්ට මදිපුංචිකම් සිදු නොවිය යුතුයි. රටේ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයි. සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට ගියහොත් පමණයි ශක්තිමත් රටක් ගොඩනැඟිය හැකි වන්නේ.

සිංහල ජනතාවට බලපෑ ප්‍රශ්න ගණනාවකට අප මේ වන විට විසදුම් ලබාදී තිබෙන අතර අනෙකුත් ප්‍රශ්නවලටත් විසඳුම් ලබාදෙමින් සිටිනවා. ඒ වගේම අනෙකුත් ජන කොටස්වල ප්‍රශ්න කෙරෙහිත් රජය අවධානය යොමු කර තිබෙනවා. යුද්ධය අවසන් වුවත් ජිනිවාහි මානව හිමිකම් කොමිසම හමුවේ තවමත් නොවිසඳුන ප්‍රශ්න තිබෙනවා. එම ප්‍රශ්න විසඳිමට අවශ්‍ය පියවර රජයක් ලෙස අප ගෙන තිබෙනවා.

ඇතැම් ජනතාවගේ ගම්මාන අහිමි වී තිබෙනවා. එම නිසා මම තීරණය කර තිබෙනවා 1985 සිතියම අනුව ක්‍රියාත්මක වීමට. එම සිතියම අනුව තිබෙන ගම්මාන දැන් වනාන්තරවලට යට වී තිබෙනවා නම් ඒ ගම්මානවල ජනතාවට පදිංචි වීමට ඉඩ ලබා දීමට. ඒ වගේම එහි අයිතිය එම ජනතාවට ලබාදිය යුතුයි. ඒ අනුව උතුර හා නැගෙනහිර පළාත්වල ද්‍රවිඩ ජනතාව, මුස්ලිම් ජනතාව මෙන්ම සිංහල ජනතාවත් දැනටමත් එම අයිතිවාසිකම් ලබාගෙන තිබෙනවා. ඒ අතරින් ඇතැම් පිරිස්වලට තවම එම භූමිවලට යාමට අවස්ථාව ලැබී නැහැ. එම ගැටළු පිළිබඳ අප වෙනම අවධානය යොමු කරමින් කටයුතු කරනවා.

ඒ වගේම අතුරුදන් වූවන්ගේ ගැටළුව, වන්දි ලබාදීම් ඇතුළු මෙතෙක් විසඳුම් නොලැබුණු සියළු ප්‍රශ්න කෙරෙහි අප අවධානය යොමු කරමින් කටයුතු කරනවා.

එසේම උතුරේ සහ නැගෙනහිර ආර්ථිකය දියුණු කළ යුතුයි. සියළු ප්‍රශ්න විසඳුවත් ශක්තිමත් ආර්ථිකයක් නැත්නම් නැවත එම ප්‍රශ්න මතු වෙනවා.

ඒ වගේම කඳුකරයේ සිටින ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහිත් අප විශේෂ අවධානයකින් කටයුතු කරන බව කිව යුතුයි. ඔවුන්ට ඉඩම් ලබා දීම, අධ්‍යාපනය දියුණු කිරීම ඇතුළු අයිතිවාසිකම් ලබාදීම පිළිබඳව අප විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන්ම මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳීම පිළිබඳව අප අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කරමින් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. මුස්ලිම් ජනතාව භූමදානය කිරීම පිළිබඳ ගැටළුවක් පසුගිය සමයේ මතුවුණා. කොවිඩ් සමයේ එම භූමදාන කටයුතු සඳහා අවස්ථාව ලැබුණේ නැහැ. ඒ පිළිබඳ පසුව අනෙකුත් රටවල් තීරණ වෙනස් කළ නමුත් ලංකාවේ එම තීරණ වෙනස් කරන්න විශාල කාලයක් ගත වුණා. ඊට හේතු සොයා බලා නැවත එසේ නොවන අන්දමින් නීත්‍යානුකූලව අප එම පියවර ගන්නවා.

අවසන් කටයුතු සිදු කරන්නේ කෙසේද කියා තම තමන්ගේ ආගම් අනුව තීරණය කළ යුතුයි. ඉදිරි පෙබරවාරි, මාර්තු වන විට ඒ පිළිබඳ ප්‍රකාශයක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පනවා තිබු ඇතැම් සීමා ඉවත් කිරීම අතපසු වී තිබෙනවා. ඒ පිළිබඳ අප විශේෂ අවධානයකින් කටයුතු කරනවා. පොත්පත් ගෙන්වීම, ඊජිප්තුවෙන් කථිකාචාර්යවරුන් ගෙන්වීම වැනි කරණු කිහිපයක් තිබෙනවා. මුස්ලිම් ආගමික අධ්‍යාපනයට එය වැදගත් නිසා එම ගැටළුත් විසඳාගත යුතුයි.

මද්‍රසා පාසල් පාලනය කිරීමට නීතියෙන් කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු සිදු කෙරුණා. නමුත් එය ඉදිරිපත් කර තිබුණේ නැහැ. එය ඉතා වැදගත්. මුස්ලිම් ජනතාවට බලපාන එවැනි කාරණා රැසක් තිබෙනවා. ඒ වගේම ඇතැම් අයට විරුද්ධව පැනවූ නඩු තිබුණා. උසාවියෙන් එම නඩු විභාගයට නොගෙන ඉවත් කර තිබුණා.

ත්‍රස්තවාදයට සම්බන්ධයක් නැත්නම්, රටේ විප්ලවයක් ඇති කරන්න කියලා කියන්නේ නැත්නම් අදහස් ප්‍රකාශ කිරීම්වලට ඉඩ ලැබිය යුතුයි. නීතියෙන් එම ආරක්ෂාව සම්පූර්ණයෙන් සැලසිය යුතුයි. මේ කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳ අදාළ අමාත්‍යාංශවලින් සහ නිලධාරීන්ගෙන් මම වාර්තා ඉල්ලා තිබෙනවා. ඒවා ලැබූණු පසු ලබන පෙබරවාරි වන විට සම්පූර්ණ ප්‍රකාශයක් කිරිමට මම බලාපොරොත්තු වෙනවා. ඊට පෙර ආගමික නායකයන් සහ දේශපාලන නායකයන් හමු වී මෙම සියළු කරුණු ගැන සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා."

මුස්ලිම් ආගමික නායකයන්ද, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ. එම්. මුසම්මිල්, ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස යන මහත්වරුන් ප්‍රමුඛ පළාතේ අධ්‍යාපන නිලධාරීන්, ගුරුවරුන්, දෙමාපියන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

සම්බන්ධිත පුවත් | Related News

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.