කොටස් වෙළෙඳපොළ ආයෝජකයන් රැවටීමේ වංචාවක්.. - SEC ආයෝජකයින්ට අනතුරු අඟවයි...
“සමගි කැපිටල් (පුද්ගලික) සමාගම” (Samagi Capital (Private) Limited) නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ කොටස් තැරැව්කාර හෝ කොටස් වෙළෙඳ කටයුතු සිදු කිරීම සඳහා බලපත්‍රලාභී ආයතනයක් නොවන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම සමාගම වෙත කොටස් තැරැව්කාර වෙළෙඳ බලපත්‍රයක් (Broker Dealer License) ලබා දී ඇති බව අඟවමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන සහතික පත්‍රය සම්පූර්ණයෙන්ම ව්‍යාජ සහ වංචනික එකක් බවත්, එය කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද්දක් නොවන බවත් එම නිවේදනයේ දැක්වේ.
මහජනතාව නොමඟ යවමින් සිදුකරන මෙම මූල්‍ය වංචාව පිළිබඳව ආයෝජකයින් දැඩි ලෙස විමසිලිමත් විය යුතු බව SEC ආයතනය පෙන්වා දෙයි.
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි (CSE) ගනුදෙනු කිරීමේ අරමුණින්, “සමගි කැපිටල් (පුද්ගලික) සමාගම” වෙත හෝ ඊට අනුබද්ධ කිසිදු බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙස සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ආයෝජකයින්ගෙන් සහ පොදු මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තමන් සතු ධනය සුරක්ෂිත කරගැනීම සඳහා ඕනෑම ආයෝජනයක් සිදු කිරීමට පෙර නිසි ලෙස කරුණු සොයා බැලීමේ වැදගත්කම පෙන්වා දෙන කොමිෂන් සභාව, සියලුම ගනුදෙනුකරුවන් පහත පියවර අනුගමනය කළ යුතු බව අවධාරණය කරයි.
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සිදු කළ යුත්තේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (SEC) නිසි බලපත්‍ර සහිත කොටස් තැරැව්කාර සමාගම් හරහා පමණි.
යම් ආයතනයක් බලපත්‍රලාභී අතරමැදි ආයතනයක් ද යන්න ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (www.sec.gov.lk) හෝ කොළඹ කොටස් වෙළෙඳපොළේ (www.cse.lk) නිල වෙබ් අඩවි වෙත පිවිස සැමවිටම තහවුරු කරගත යුතුය.
ආයෝජකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම තම ආයතනයේ පරම වගකීමක් බව පෙන්වා දෙන සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, මෙවැනි ව්‍යාජ සමාජ මාධ්‍ය ප්‍රචාරයන්ට හසුනොවන ලෙස මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි