විදුලිය මිල පිරිවැය මත තීරණය විය යුතුයි.. IMF කියන්නේ ඇත්ත.. - ජනපති
විදුලි බල මණ්ඩලයේ පැවැත්ම උදෙසා විදුලි ඒකකයක් විකුණනු ලබන මිල එහි නිෂ්පාදන පිරිවැයට අනුකූලව තීරණය විය යුතු බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් එම ප්‍රතිපත්තිය තමන්ද පිළිගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ තෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමේ අවස්ථාවට අද (29) එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන පිරිවැය අඩු කිරීම රජයේ මූලික සැලසුම බවයි.
ඒ සඳහා දැනටමත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු අනාවරණය කළේය. ඒ අනුව සුළං බලයෙන් මෙගාවොට් 70ක් දැනටමත් ආරම්භ කර ඇති අතර, තවත් මෙගාවොට් 250ක ව්‍යාපෘතියක් සඳහා ස්ථාන හඳුනාගෙන ඇත. මීට අමතරව සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සහ මෙගාවොට් 108ක බැටරි ගබඩා පද්ධති ස්ථාන 16ක ස්ථාපිත කිරීමට කටයුතු සූදානම් කර ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ රුපියල් බිලියන 112.4ක වියදමින් ඉදිවන රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස, මීට පෙර මෙරට පැවති ආර්ථික අර්බුදය සහ දේශපාලන අස්ථාවරත්වය හමුවේ අතරමග නතර වී තිබූ බවයි.
රජයේ ආර්ථික දැක්ම පිළිබඳව පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ ඕනෑම බාහිර කම්පනයකට හෝ අර්බුදයකට නොසැලී මුහුණ දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බවයි.
ලංකා ඉතිහාසයේ අඩුම අයවැය හිඟය වාර්තා කිරීමට වත්මන් රජයට හැකි වී ඇති බවත්, ජාතික ආදායම දශක තුනකට පසුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සැලකිය යුතු මට්ටමකට ඉහළ නැංවීමට සමත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා