News Category
From Date
To Date
Maximum Number of Result

විහාර දේවාලගම් පනත වෙනස් කර සඟසතු දේපළ ගිහියන් සතු කිරීමේ කුමන්ත්‍රණයක්! - ​මහා සංඝරත්නයෙන් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට සහ තරුණ සඟ පරපුරට විශේෂ ඉල්ලීමක්..

May 29, 2026 at 05:31 PM
|

​මෙරට බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ රැකගැනීම උදෙසාම සම්මත කරගෙන තිබෙන 'විහාර දේවාලගම් පනත' පසෙකලා, එය සංශෝධනය කරන මුවාවෙන් සඟසතු දේපළ හා සාංඝික ඉඩකඩම් බාහිර භාරකාර මණ්ඩලවලට පැවරීමට සහ අටමස්ථානාධිපති නාහිමියන්ගේ සිදුවීම මුල් කරගනිමින් සමස්ත භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් දියත් වන ශාසන විරෝධී කුමන්ත්‍රණ පරාජය කිරීමට සියලු දෙනා වහාම පෙළගැසිය යුතු යැයි ජාතික භික්ෂු එකමුතුව අවධාරණය කරයි.

​ගලෙන්බිඳුනුවැව, පලුගොල්ලාගම ශ්‍රී ඤාණිස්සර පිරිවෙන් විහාරස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එම එකමුතුව වෙනුවෙන් අදහස් දැක්වූ මහා සංඝරත්නය මේ බව කියා සිටියහ.

ජාතික භික්ෂු එකමුතුවේ කැඳවුම්කරු, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී ඇලපත්ගම ඥාණරතන හිමි මෙහිදී මෙසේද පැවසීය,

​"විහාර දේවාලගම් පනත යටතේ කාලීනව යම් යම් සංශෝධන සිදුවිය යුතු බව අප පිළිගන්නවා. නමුත් වත්මන් බලවේග උත්සාහ කරන්නේ මේ පනත සංශෝධනය කරන මුවාවෙන් සඟසතු දේපළ, සාංඝික ඉඩකඩම් බාහිර භාරකාර මණ්ඩලයකට පත් කරන්නයි. මොකක්ද මේ භාරකාර මණ්ඩලය? සාංඝික දේපළ භාරකාර මණ්ඩලයකට දීලා කොහොමද ඒවා පරිහරණය කරන්න දෙන්නේ?

​අප පොලොන්නරුවට යනකොට දකින්න ලැබෙනවා නිශ්ශංකමල්ල රජතුමා විසින් කරවන ලද විශේෂ ගල් කැටයමක් (සෙල්ලිපියක්). එහි දැක්වෙන්නේ පන්සලට දානය අරගෙන එන පුද්ගලයෙක් සහ ඒ කැටයමට යටින් ඉන්න බල්ලන් සහ කපුටන්ගේ රූපයි. රජතුමා ඒකෙන් අර්ථකථනය කළේ, සාංඝික දේපළ ගිහි අය තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට පරිහරණය කළොත්, මතු ආත්මවල බල්ලන්, කපුටන් වෙලා උපදිනවා කියන එකයි. ඒක තමයි අපේ රටේ තිබුණු සදාචාරාත්මක හරපද්ධතිය. අතීතයේ සිටම පැහැදිලි කරදුන් ඒ උතුම් ධර්මතාවය පසෙකලා, මේ භාරකාර මණ්ඩලයක් හරහා කරන්න හදන්නේ සඟසතු දේපළ ගිහියන්ගේ පරිහරණයට භාරදීමේ සූක්ෂ්ම වැඩපිළිවෙළක්ද කියන එක ගැන අපට ලොකු ප්‍රශ්නයක් තියෙනවා."

​"කැලෑවක තිබෙන ගසක් කැපීම සඳහා එම කැලෑවේම ගසකින් ලබාගත් ලීයකින් පොරෝ මිටක් සකස් කරගන්නා සේ, වත්මන් සමාජය තුළ බුදු සසුන විනාශ කිරීම සඳහා මිථ්‍යාදෘෂ්ටික බලවේග විසින් අපේම තරුණ ස්වාමීන් වහන්සේලාව අතකොළුවක් බවට පත් කරගනිමින් සිටිනවා. උන්වහන්සේලාව විවිධ උපක්‍රම හරහා ශාසනයට එරෙහිව පාවිච්චි කරමින්, උන්වහන්සේලා ලවාම මේ උතුම් සම්බුද්ධ ශාසනයට නැවත නැවතත් පහර එල්ල කරවන ස්වභාවයක් අද පැහැදිලිවම පෙනෙන්න තිබෙනවා.

​ඒ නිසා අපේ තරුණ ස්වාමීන් වහන්සේලාගෙන් මේ වෙලාවේ අප ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ, මේ කුමන්ත්‍රණ පිළිබඳව බොහොම කල්පනාකාරීව සහ බුද්ධිමත්ව කටයුතු කරන ලෙසයි. බාහිර බලවේගවල උගුල්වලට හසු නොවී, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය කරන නිවැරදි භූමිකාවට වඩින්න කියා අප උන්වහන්සේලාට සිහිපත් කරනවා."

ජාතික භික්ෂු එකමුතුවේ නියෝජිත, දික්වැල්ලේ ධම්ම විසුද්ධි හිමි එහිදී දැක්වූ අදහස්,

​"අද වන විට අපේ රටටත්, ශාසනයටත් ලොකු හානියක් සිදුවෙමින් පවතිනවා. භික්ෂූන් වහන්සේලාට නිදහසේ තමන්ගේ වත්පිළිවෙත් ටික කරගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. අපි භික්ෂූන් වහන්සේලා හැටියට හුදකලාව වැඩසිටිමින් ශාසනික මෙහෙවරක නිරත වන අයයි. අටමස්ථානාධිපති හාමුදුරුවන්ගේ මේ කතන්දරය ගැන අපි දන්නවා. උන්වහන්සේ යම් වැරැද්දක් කළා නම්, ඒ වැරැද්දට නිසි දඬුවම අධිකරණයෙන් ලබාදිය යුතුමයි. ඒක කාටවත් නවත්වන්න හෝ වළක්වන්න බැහැ. නමුත්, ඒ හේතුව කරගෙන දුෂ්කර පළාත්වල, විහාරස්ථානවල වැඩවසන අහිංසක භික්ෂූන් වහන්සේලාට දාන වේල පවා ලබාගන්න බැරි තත්ත්වයක් තැන් තැන්වල ඇතැම් දායක සභාවන් තුළ නිර්මාණය කරමින් පවතිනවා."

​"අනුරාධපුරයේ භික්ෂු බලමණ්ඩල නිහඬ ඇයි? ත්‍රෛනිකායික නාහිමිවරුන් මැදිහත් විය යුතුයි"

​"මේ සිදුවීම සිද්ධ වුණේ අනුරාධපුරයේ. ඒ වුණත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය එකතු වෙලා භික්ෂු බලමණ්ඩලයක් හැටියට හෝ දායක සභාවක් එකතු වෙලා මේ සිදුවීම ගැන රටට කිසිම ප්‍රකාශයක් කරලා නැහැ. ත්‍රෛනිකායික නායක හාමුදුරුවන්ගෙන් අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව වහාම නිල ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා. මොකද මේ කවි කතන්දර හින්දා, මිථ්‍යාදෘෂ්ටික බලවේග හින්දා අපට සිදුවන පීඩාවන් සහ හිංසාවන් බොහොමයි. අපට නැතිවෙන බලවේග, දායක සභාවන්, අප සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කළ දායකයෝ අපෙන් ඈත් වෙමින් පවතිනවා.

​මේ ප්‍රශ්නයට නිසි විසඳුමක් ලැබෙනතුරු ජාතික භික්ෂු එකමුතුව හැටියට අපි ඇස් පියාගෙන ඉන්නේ නැහැ. අපි මහණ වුණ දා ඉඳන් මැරෙනකම් දායකයන්ගේ මරණයට, දානයට, හැමදේටම සේවය කරන අයයි. අපේ ඒ සේවාව දිගටම කරගෙන යන්න නම්, අපට වඩා ඉහළින් ඉන්න අපේ නායක හාමුදුරුවරු වහාම මීට පිළියම් යෙදිය යුතුයි. මෙතනින් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැත්නම්, අපට සිදු වෙනවා වෙනත් තීරණයක් ගන්න. මේ ශාසනය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්න අපි සූදානම්."

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.