ජපානය සහ පිලිපීනය විසින් ආරම්භ කළ නීති විරෝධී “සමුද්‍රීය සීමා නිර්ණ සාකච්ඡා” චීනයේ සමුද්‍රීය අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කරනවා- චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
ජපානය සහ පිලිපීනය එක්ව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්, “එම රටවල් දෙක අතර විශේෂ ආර්ථික කලාපය (EEZ) සහ මහද්වීපික තට්ටුවට අදාළ සමුද්‍රීය සීමා නිර්ණය සඳහා විධිමත් සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කර ඇති” බව සඳහන් කළ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං අද පැවසුවාය. චීනය එම පියවර පිළිබඳ දැඩි අසතුට සහ තද විරෝධය පළ කරන අතර, ජපානය සහ පිලිපීනය වෙත වෙන වෙනම දැඩි විරෝධතා ඉදිරිපත් කර ඇති බව ඇය අවධාරණය කළාය.
ජපාන-පිලිපීන සාකච්ඡාවට අදාළ සමුද්‍රීය කලාපය පිහිටා ඇත්තේ චීනයේ තායිවාන දූපතට නැගෙනහිරින් බව මාඕ නිං පෙන්වා දුන්නාය. චීනයේ දේශීය නීති සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුද්‍ර නීති සම්මුතිය (UNCLOS) ඇතුළු ජාත්‍යන්තර නීතිය අනුව, අදාළ මුහුදු ප්‍රදේශවල විශේෂ ආර්ථික කලාප සහ මහද්වීපික තට්ටුවල අයිතිවාසිකම් චීනයට හිමි බවද ඇය පෙන්වා දුන්නාය.
ජපානය සහ පිලිපීනය විසින් ඒකපාර්ශ්විකව ආරම්භ කළ මෙම “සමුද්‍රීය සීමා නිර්ණ සාකච්ඡා” චීනයේ සමුද්‍රීය අයිතිවාසිකම් සහ අවශ්‍යතා බරපතළ ලෙස උල්ලංඝනය කරන අතර, UNCLOS ඇතුළු ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් ද දැඩි ලෙස උල්ලංඝනය කරන බව මාඕ නිං ප්‍රකාශ කළාය.
ජපානය සහ පිලිපීනය අතර සිදු කර ඇති මෙම “සමුද්‍රීය සීමා නිර්ණ සාකච්ඡා” සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ බලරහිත බව චීනය ගෞරවයෙන් ප්‍රකාශ කරන බවත්, එය තායිවාන දූපතට නැගෙනහිර මුහුදු ප්‍රදේශවල චීනයේ සමුද්‍රීය හිමිකම් හෝ එහි නීත්‍යානුකූල අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම කිසිදු ආකාරයකින් බලපාන්නේ නැති බවත් ඇය පැවසුවාය.
චීනයේ සමුද්‍රීය අයිතිවාසිකම් සහ අවශ්‍යතා කෙරෙහි සෘනාත්මකව බලපාන ඕනෑම ක්‍රියාවක් වහාම නතර කරන ලෙසත්, කලාපීය සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට ක්‍රියාකාරී පියවර ගන්නා ලෙසත් චීනය ජපානය සහ පිලිපීනයෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..