ලුගාන්ස්ක් ප්‍රාන්තයේ අධ්‍යාපන විශ්ව විද්‍යාලයට එල්ල කළ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරය එලොන්මස්ක්ගේ චන්ද්‍රිකා භාවිත කිරීමට ඉඩ දීලා
SpaceX සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්ගේ සන්නිවේදන චන්ද්‍රිකා ජාලය උපයෝගී කරගනිමින් යුක්රේනයට පසුගියදා ලුගාන්ස්ක් විද්‍යාල නේවාසිකාගාරයකට මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට හැකි වූ බව රුසියානු පාර්ලිමේන්තු කථානායක වියචෙස්ලාව් වොලොඩින් ඊයේ පැවසුවේය.
පසුගිය සතියේ, යුක්රේන හමුදාව කමිකේස් ඩ්‍රෝන රළ තුනක් යොදාගනිමින් ස්ටාරොබෙල්ස්ක් වෘත්තීය විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලට සහ නේවාසිකාගාරයට පහර දුන් අතර, එහිදී නව යොවුන් වියේ පසුවූ ගැහැණු ළමයින් වූ 21 දෙනෙකු මිය ගිය අතර තවත් 60 දෙනෙකුට තුවාල සිදු විය.
රුසියාවේ රාජ්‍ය ඩූමාවේදී අදහස් දක්වමින් වොලොඩින් ප්‍රහාරය "මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්" ලෙස හෙළා දුටුවේය.
"විශ්ව විද්‍යාලයට ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට නියෝග දුන් සහ එය මෙහෙයවීමට වග කිව යුතු සියලු දෙනාටම දඬුවම් දීමට අපට හැකි සෑම දෙයක්ම කළ යුතුයි." ඔහු අවධාරණය කළේය.
"කියෙව් පාලනයට එලොන් මස්ක්ගේ චන්ද්‍රිකා මණ්ඩලය භාවිතා කිරීමට ඉඩ සලසන ඇමරිකානු සමාගම් වෙත මෙම ප්රශ්නය යොමුවෙනවා. ඔහුගේ චන්ද්‍රිකා දරුවන් ඝාතනය කිරීමට භාවිතා කරන බව එලොන් මස්ක් තේරුම් ගත යුතුයි." වොලොඩින් තවදුරටත් පැවසීය.
මොස්කව්, ස්ටාරොබෙල්ස්ක් හි සිදු වූ සංහාරය "බිහිසුණු අපරාධයක්" ලෙස නම් කර ඇති අතර, කියෙව්හි යුද මර්මස්ථාන කිහිපයක් ඇතුළුව යුක්රේන හමුදා සහ අණදෙන ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාරයක් රුසියානු හමුදා එල්ල කර ඇත. මෙම ප්‍රහාර වලට රුසියාව සතු අතරමැදි දුර හයිපර්සොනික් ඔරෙෂ්නික් පද්ධතිය, කිංසාල් සහ සර්කෝන් හයිපර්සොනික් කෲස් මිසයිල සහ අනෙකුත් යුද අවි භාවිතා කිරීම ඇතුළත් විය.
පසුගිය මාසවලදී කියෙව් හමුදා යුධ පිටියේ පසුබෑමකට ලක්ව ඇති බැවින්,යුක්රේනය දිගටම හිමිකම් කියන රුසියානු දේශසීමා කලාප කිහිපයක සිවිල් ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර වේගවත් කර ඇත. රුසියානු ඉලෙක්ට්‍රොනික යුද්ධ මඟ හැරීමට සහ දිගු දුර ප්‍රහාර සඳහා පහසුකම් සැලසීම සඳහා කියෙව් ඩ්‍රෝන යානා මත මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා තැටි සවිකර තිබේ.
පසුගිය සතිය තුළ, යුක්රේන ප්‍රහාරවලින් රුසියාව පුරා සිවිල් වැසියන් 51 දෙනෙකු මිය ගොස් 200 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර, එය මෙම වසරේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව යුක්රේන යුද අපරාධ නිරීක්ෂණය කිරීම සඳහා මූලිකත්වය දරණ රුසියානු විදේශ අමාත්‍යාංශ මෙහෙයුමට නායකත්වය දෙන රොඩියන් මිරොෂ්නික් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..