"කියෙව් නුවරින් වහාම ඉවත් වන්න".. - රුසියාවෙන් විදේශිකයන්ට සහ තාන්ත්‍රිකයන්ට නිල අනතුරු ඇඟවීමක්
යුක්‍රේනයේ කියෙව් (Kyiv) අගනුවර වෙසෙන සියලුම විදේශීය පුරවැසියන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ජාත්‍යන්තර සංවිධානවල සේවකයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි එම නගරයෙන් ඉවත් වන ලෙස රුසියාව නිල අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
එමෙන්ම, නගරයේ පදිංචි සිවිල් වැසියන්ට හමුදාමය සහ පරිපාලනමය යටිතල පහසුකම් ඇති ස්ථානවලින්ද ඈත්ව සිටින ලෙසද දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ, පසුගිය මැයි 22 වැනිදා රාත්‍රියේ යුක්‍රේන සන්නද්ධ බලකායන් විසින් ස්ටාරොබෙල්ස්ක් (Starobelsk) හි පිහිටි ලුගාන්ස්ක් රාජ්‍ය අධ්‍යාපනික විද්‍යාලයේ ගොඩනැඟිල්ලකට සහ නේවාසිකාගාරයකට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගත් බවයි.
එම ප්‍රහාරයෙන් ළමුන් ඇතුළු සිවිල් වැසියන් පිරිසක් ජීවිතක්ෂයට පත් විය.
තමන්ගේ "ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බව" පවසන රුසියාව, කියෙව් නගරයේ පිහිටි හමුදා සහ කාර්මික සංකීර්ණ වෙත ක්‍රමානුකූලව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන බව අවධාරණය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
මෙහිදී නේටෝ (NATO) සංවිධානයේ සහය ඇතිව ක්‍රියාත්මක වන ඩ්‍රෝන යානා (UAV) සැලසුම් කිරීම්, නිෂ්පාදනය, ක්‍රමලේඛනය සහ දියත් කිරීමේ මධ්‍යස්ථාන මෙන්ම, තීරණ ගන්නා ප්‍රධාන මූලස්ථාන සහ අණදෙන පෝස්ට් විශේෂයෙන් ඉලක්ක කරන බව රුසියාව පවසයි.
මෙම ප්‍රහාරක ඉලක්ක කියෙව් නගරය පුරා විසිරී පවතින බැවින් ඉදිරියේදී තවදුරටත් දැඩි ප්‍රහාර එල්ල විය හැකි බවට රුසියානු විදේශ අමාත්‍යාංශය අනතුරු අඟවා තිබේ.
මූලාශ්‍රය - අල්ජසීරා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..