ඉරාන නායකත්වයට අහමදිනෙජාඩ් පත් කිරීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය සැලසුම් කර තිබූ බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ හෙළිකරයි
අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ඉරානය සමග යුද්ධයකට අවතීර්ණ වූයේ එරට පාලන තන්ත්‍රයේ නායකත්වය වෙනුවට හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad) පත් කිරීමේ අරමුණින් යුතුව බව ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ (The New York Times) පුවත්පත වාර්තා කරයි.
මෙම සැලසුම පිළිබඳව දැනුවත් කර තිබූ අමෙරිකානු නිලධාරීන් උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කර තිබුණේ, සැලසුම් කර තිබූ දේවල් ඉතා ඉක්මනින් අවුල් සහගත තත්ත්වයට පත් වූ බවත්, අහමදිනෙජාඩ්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙතෙක් කිසිවක් නොදන්නා බවත් ය.
අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් අනතුරුව, ඉරානයේ පාලනය “එරට අභ්‍යන්තරයෙන්ම පැමිණි අයෙකු” වෙත පැවරීම වඩාත්ම සුදුසු වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් දැක්වූ බව ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
“ඔහු ඉරාන පාලන තන්ත්‍රයේ නායකයන් සමග වඩාත් ගැටුම් ඇති කරගෙන තිබූ අතර ඉරාන බලධාරීන්ගේ දැඩි නිරීක්ෂණයට ද ලක්ව සිටියේය. එසේ වුවද, 2005 සිට 2013 දක්වා පැවති ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටියේ ‘ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගා දැමිය යුතුයි’ යනුවෙන් කළ ප්‍රකාශයන් නිසාය. ඔහු ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ දැඩි ආධාරකරුවෙකු වූ අතර, අමෙරිකා එක්සත් ජනපදයේ දැඩි විවේචකයෙකු මෙන්ම අභ්‍යන්තර මතභේද සහ විරෝධතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීමට ද ප්‍රසිද්ධියක් උසුලන්නෙකි.” යනුවෙන් ද සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, 2019 වසරේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අහමදිනෙජාඩ් ජනාධිපති ට්‍රම්ප්ව ඇගයීමට ලක් කර ඇති අතර, ඉරානය සහ අමෙරිකාව අතර සබඳතා යළි ගොඩනගා ගැනීම වෙනුවෙන් තර්ක කර ඇති බව ද එම පුවත්පත සටහන් කර තිබේ.
“ට්‍රම්ප් යනු ක්‍රියාවෙන් වැඩ පෙන්වන මිනිසෙක්. ඔහු ව්‍යාපාරිකයෙකු වන අතර එම නිසා පිරිවැය සහ ප්‍රතිලාභ ගණනය කර තීරණ ගැනීමට ඔහුට හැකියාව තිබෙනවා. අප ඔහුට පවසන්නේ, කෙටිදෘෂ්ටික නොවී අපේ රටවල් දෙකේ දිගුකාලීන පිරිවැය-ප්‍රතිලාභ ගණනය කර බලමු කියායි.” යනුවෙන් අහමදිනෙජාඩ් පවසා ඇති බව එහි උපුටා දක්වා ඇති බව සඳහන්.
වෙනිසියුලානු නායක නිකලස් මදුරෝ පැහැර ගැනීම සඳහා දියත් කළ විශේෂ බලකා ප්‍රහාරයේ සාර්ථකත්වය සහ ඔහුගේ තාවකාලික අනුප්‍රාප්තිකයා වූ ඩෙල්සි රොඩ්රිගස් ධවල මන්දිරය සමග වැඩ කිරීමට දැක්වූ කැමැත්ත පිළිබඳව ජනපති ට්‍රම්ප් මහත් තෘප්තියට පත්ව සිටි බවත්, එම ආකෘතියම ඉරානය තුළ ද නැවත ක්‍රියාත්මක කළ හැකි බව ඔහු විශ්වාස කළ බවත්, ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබේ.
- hirunews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..