පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හරහා චීන-රුසියානු සංවර්ධනයට සහාය විය යුතුයි - චීන ජනපති
අද (20) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින්පිං චීනයේ රාජ්‍ය සංචාරයකට එක්ව සිටින රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමග සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකට එක් විය.
මෙම වසර, චීන-රුසියානු උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරීත්වයේ 30 වන සංවත්සරය හා ‘චීන-රුසියානු සුහද අසල්වැසි බව සහ මිත්‍රශීලී සහයෝගිතා ගිවිසුම’ට අත්සන් තැබීමේ 25 වන සංවත්සරය සනිටුහන් කරන බව ජනපති ෂී ජින්පිං එහිදී පෙන්වා දෙන ලදී.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂ කවුන්සිලයේ නිත්‍ය සාමාජික රටවල් දෙකක් සහ ලෝකයේ බලවත් රටවල් දෙකක් ලෙසට, දිගුකාලීන උපායමාර්ගික දෘෂ්ටියෙන්, පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හරහා දෙරටේ සංවර්ධනය හා පුනරුදයට සහාය වෙමින් වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැංවීම තහවුරු කළ යුතු බව ද ජනපති ෂී ජින්පිං එහිදී සඳහන් කර ඇත.
එහිදී රාජ්‍ය නායක දෙපළ ‘චීන-රුසියානු සුහද අසල්වැසි බව සහ මිත්‍රශීලී සහයෝගිතා ගිවිසුම’ දීර්ඝ කිරීමටත් එකඟතාවන් පළ කළහ.
එම ගිවිසුම දීර්ඝ කිරීමට අනුබලයක් ලබා දෙන චීනය, රුසියාව සමග එක්ව ගිවිසුමේ ජීව ගුණය අනුගමනය කරමින් දෙරටේ සර්ව කාලීන හා පූර්ණ උපායමාර්ගික සහයෝගිතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට සූදානම් බව ද ජනපතිවරයා සඳහන් කර තිබේ.
මැදපෙරදිග හා ගල්ෆ් කලාපයේ තත්ත්වය යුද්ධයේ සිට සාමය කරා පරිවර්තනය වීමේ සංධිස්ථානයක පවතින බව ඔහු පෙන්වා දී ඇත.
ප්‍රමාදයකින් තොරව සම්පූර්ණ යුද විරාමයක් ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් වන අතර, තවත් යුද්ධයක් ආරම්භ කිරීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු අතර මෙහිදී සාකච්ඡාවල නියැලී සිටීම ද ඉතා වැදගත් බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.
මැදපෙරදිග ප්‍රදේශයේ සාමය තහවුරු කිරීම සඳහා තමා සිව්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත්තේ, ජාත්‍යන්තරයේ පොදු අදහස් එක්රැස් කරමින් ආතතීන් සමනය කර සාමය උදා කිරීමේ අපේක්ෂාවෙන් යුතුව යැයි ද ජනපති ෂී ජින්පිං අවධාරණය කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..