ඉදිරි ආර්ථිකය ගැන නිශ්චිතව කියන්න බෑ.. 5% ආර්ථික වර්ධනයට යන්න බැරිවෙයි.. - මහ බැංකු අධිපති
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේ සියයට 5කට ආසන්න වර්ධනයක් අත්කර ගනු ඇතැයි මීට පෙර අපේක්ෂා කළ ද, පවතින අවිනිශ්චිතතාවය හමුවේ එම ඉලක්කය සපුරා ගැනීම අපහසු වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉදිරි කාලය තුළ ආර්ථිකයේ හැසිරීම කෙසේ වනු ඇත්දැයි නිශ්චිතව පූර්වකථනය කිරීම අසීරු බව අධිපතිවරයා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම අප්‍රේල් මාසයෙන් පසුව ලෝක ආර්ථික තත්ත්වයන්හි සිදුවූ වෙනස්වීම් මෙම තත්ත්වයට ප්‍රබල ලෙස බලපා ඇති බව ඔහු සඳහන් කළේය.
මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ, තෙල් මිල ඉහළ යාම සහ උද්ධමනය වැඩිවීම වැනි කරුණු මේ වන විටත් මෙරට ආර්ථිකයට ඍජු බලපෑම් එල්ල කර ඇති බවයි.
පවතින මෙම අහිතකර තත්ත්වයන් මාස තුනකින් අවසන් වුවහොත් සිදුවන බලපෑමට වඩා, එය මාස හයක් හෝ නවයක් දක්වා දික්ගැස්සුණහොත් ආර්ථික වර්ධනයට සිදුවන බලපෑම තීරණාත්මක වනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
එබැවින් මෙම අවස්ථාවේදී නිශ්චිත ඉලක්කම් සහිත පූර්වකථනයක් ඉදිරිපත් කිරීම ප්‍රායෝගික නොවන බවත්, පෙර අපේක්ෂිත සියයට 5ක වර්ධන වේගයට වඩා යම් අඩුවීමක් සිදුවිය හැකි බවත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා