‘2022 ගෝල් ෆේස් අරගලය’ භූ-දේශපාලනික ව්‍යාපෘතියක ප්‍රකාශනයක්!- ජේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
2022 ආර්ථික අර්බුදය හා “අරගලය” සම්බන්ධයෙන් සමාජයේ පවතින ජනප්‍රිය ආඛ්‍යානය සිදුරු, අතපසුවීම් සහ විකෘති කිරීම් වලින් පිරී ඇති බව සඳහන් කරමින්, එම අර්බුදය බලවත් ජාතීන් විසින් තම භූ-දේශපාලනික සහ භූ-ආර්ථික උපාය මාර්ග සඳහා භාවිතා කළ බව " ගාලු මුවදොර වර්ණ විප්ලවය හෙවත් Regime Change ව්‍යාපෘතිය 2022" කෘතිය එළි දැක්වූ පසුගිය මැයි 7 වනදා කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති උත්සවයේදී එහි කතෘ ජේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක පැවසීය.
එහිදී,සමරනායක මහතා පවසා සිටියේ 2022 මාර්තු සිට ජූලි දක්වා පැවති “අරගලය” සම්බන්ධයෙන් සමාජයේ ජනප්‍රිය වූ ආඛ්‍යානයට අනුව, ආර්ථික අර්බුදයට හේතුව ලෙස පෙර රජයන්, විශේෂයෙන් රාජපක්ෂ පාලනය, මහජන මුදල් අවභාවිත කිරීම බව ප්‍රචාරය කළ බවයි.
කෙසේ වෙතත්, එම ආඛ්‍යානය සම්පූර්ණ සත්‍යය නොවන බව පැවසූ මොහාන් සමරනායක මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ජාත්‍යන්තර බලවතුන් විසින් භූ-දේශපාලනික අරමුණු සඳහා භාවිතා කළ බව අවධාරණය කළේය.
ඔහුට අනුව, මෙම ක්‍රියාවලියට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය සම්බන්ධ වූ අතර, ඒ පිළිබඳ නම්, දිනයන් සහ මූලාශ්‍ර තමා කතෘත්වය දැරූ ග්‍රන්ථයේ ඇතුලත් කර තිබෙන බව අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Antony Blinken ප්‍රකාශ කළ “ඔබ මේසයේ නොසිටින්නේ නම්, ඔබ මෙනුවේ සිටිනු ඇත හෙවත් If you're not at the table, you're on the menu,” යන ප්‍රකාශය ද, Marco Rubio විසින් 21 වන සියවස ඉන්දු-පැසිෆික් කලාපය විසින් තීරණය කරනු ලබන බව පැවසූ බවද පෙන්වා දුන්නේය.
සමරනායක මහතා පැවසුවේ, “අරගලය” සම්බන්ධයෙන් සමාජය තුළ ගොඩනැගුණු ප්‍රධාන මාතෘකාව වූයේ පෙර රජයන්, විශේෂයෙන් රාජපක්ෂ පාලනය, මහජන ධනය සොරකම් කර රට ආර්ථික විනාශයකට ඇද දැමූ බවයි.
එම ආඛ්‍යානය අනුව, රාජපක්ෂ පාලනය රහසිගත විදේශ බැංකු ගිණුම්වල මුදල් තැන්පත් කරමින් සහ ගුවන් යානාවලින් ඩොලර් මිලියන ගණනක් උගන්ඩාවට රැගෙන යමින් සුඛෝපභෝගී ජීවිත ගත කළ බවට ප්‍රචාරයක් පැතිර ගිය බව සමරනායක මහතා පෙන්වා දුන්නේය.
සමරනායක මහතා පෙන්වා දුන්නේ, “ගෑස් නැත්තේ ඩොලර් නැති නිසා, නමුත් මහින්ද ළඟ ඒ ඩොලර් තියෙනවා” වැනි ප්‍රකාශ ජනතාව කෝපයට පත් කිරීම සඳහා දේශපාලනිකව භාවිතා කළ ජනප්‍රිය සටන් පාඨ බවයි.
සමරනායක මහතා අවධාරණය කළේ, ආර්ථික අපහසුතාවලින් පීඩාවට පත් ජනතාව කෝපයට පත් වූ අවස්ථාවේදී ඔවුන් තාර්කිකව නොව, හැඟීම් මත ක්‍රියා කළ අතර, එම තත්ත්වය දේශපාලනිකව ප්‍රයෝජනයටගත් බවයි.
එහිදී අභාවප්‍රාප්ත Henry Kissinger පැවසූ “ආහාර පාලනය කරන්න, එවිට ඔබ ජනතාව පාලනය කරනවා” යන ප්‍රකාශයද සමරනායක මහතා උපුටා දැක්වූවේය.
තම ග්‍රන්ථයේ සඳහන් කරන සෑම කරුණක් සඳහාම සත්‍යාපනය කළ හැකි මූලාශ්‍ර පවතින බව සඳහන් කළ සමරනායක මහතා, තම නිගමනවලට එකඟ නොවන්නේ නම් කරුණු මත පදනම්ව ඒවා ප්‍රතික්ෂේප කළ යුතු බවද පැවසුවේය.
ඔහු තවදුරටත් පවසා සිටියේ, “අරගලය” “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගලයක්” ලෙස ඉදිරිපත් කළ බවයි.
එහිදී විශ්ව විද්‍යාල ආචාර්ය සම්මේලනය (Federation of University Teachers' Associations (FUTA)) අරගලය “පෙර නොවූ විරූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයක්” ලෙස හඳුන්වා දුන් බවද ඔහු සිහිපත් කලේය.
කෙසේ වෙතත්, ජනතාවගේ ඡන්දයෙන් 2019 දී තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ බලහත්කාරයෙන් ඉවත් කිරීම “ප්‍රජාතන්ත්‍රවාදය” ලෙස හැඳින්විය හැක්කේ කෙසේද යන්න බරපතළ ප්‍රශ්නයක් බව සමරනායක මහතා පැවසුවේය.
ඔහුගේ අදහසට අනුව, එවැනි ක්‍රියාවක් “ප්‍රජාතන්ත්‍රවාදය” ලෙස පිළිගතහොත්, එය ඉදිරියට භයානක පූර්වාදර්ශයක් බවට පත්විය හැකිය.
එමෙන්ම, “අරගලයට” නායකත්වය දුන් පාර්ශ්වයන් ජනතාව අතර ජනවරමක් ලබා ගැනීම සඳහා මැතිවරණයක් ඉල්ලා නොසිටියේ මන්දැයි සමරනායක මහතා සිය දේශනයේදී ප්‍රශ්න කළේය.
එහිදී සමරනායක මහතා පැවසූවේ, මහජනතාව උසිගන්වා ආණ්ඩු පෙරළා දැමූ සිදුවීම් ලෝකයේ රටවල් රැසක සිදුවී ඇති බවයි.ඒ අනුව ඉරානය, ගෝතමාලාව සහ බංගලාදේශය වැනි රටවල් පිළිබඳ උදාහරණ තම ග්‍රන්ථය තුළ ඇතුළත් කර ඇති බවද ඔහු පෙන්වාඅ දුන්නේය.
සමරනායක මහතා සිය දේශනයේදී විශේෂයෙන් අවධානය යොමු කරනු ලැබුවේ ඊනියා Maidan Revolution ලෙස හැඳින්වෙන යුක්රේන සිදුවීම් වෙතය.
සමරනායක මහතා පවසා සිටියේ, 2014 දී Viktor Yanukovych බලයෙන් පහ කිරීමට පෙර, යුක්රේනයේ ඊළඟ මැතිවරණයට මාස කිහිපයක් පමණක් ඉතිරිව තිබූ නමුත්, සංවිධායකයින් මැතිවරණය තෙක් බලා සිටීමට සූදානම් නොවූ බවයි. ඒ වෙනුවට, වහාම පාලන වෙනසක් සිදු කිරීම සඳහා බලපෑම් එල්ල වූ බවද සමරනායක මහතා පෙන්වා දුන්නේය.
සමරනායක මහතා පෙන්වා දුන්නේ, එවකට යුක්රේනයේ ඇමරිකානු තානාපතිවරයා වූ Geoffrey Pyatt සහ ඉහළ පෙළේ ඇමරිකානු නිලධාරිනියක වූ Victoria Nuland යුක්රේනයේ සිදුවීම් තුළ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ බවයි.
සමරනායක මහතා පැවසුවේ, Victoria Nuland සහ Geoffrey Pyatt අතර සිදුවූ එහෙත් කාන්දු වූ දුරකථන සංවාදයකදී, එවකට යුක්රේන ජනාධිපතිවරයා ඉවත් කිරීමට පෙර පවා ඊළඟ නායකයා පිළිබඳ සාකච්ඡා වූ බවයි.
එහිදී “යට්ස් ඒ පුද්ගලයා” යනුවෙන් ප්‍රකාශ කරමින් Arseniy Yatsenyuk පිළිබඳව සඳහන් කළ බවද සමරනායක පෙන්වා දුන්නේය.
ඒ හා සමාන ආකාරයකින්, ශ්‍රී ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ ඉවත් කිරීමේ ක්‍රියාවලිය අතරතුර එවකට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වූ Julie Chung ඉතා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ බවට සමරනායක මහතා චෝදනා කළේය.
එමෙන්ම Victoria Nuland ද එම සිදුවීම්වලට පෙර සහ පසුව ශ්‍රී ලංකාවට පැමිණි බව ඔහු පෙන්වා දුන්නේය.
එහිදී විමල් වීරවංශ මහතා විසින් සිදු කළ හෙළිදරව්වක්ද සමරනායක මහතා උපුටා දක්වනු ලැබීය. ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ ඉවත් කිරීමෙන් පසු එවකට සිටි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා පාර්ලිමේන්තු කථානායකවරයා හමුවී ජනාධිපති ධුරය භාර ගන්නා ලෙස බලපෑම් කළ බව වීරවංශ මහතා සඳහන් කර තිබෙන බවද පැවසීය.
පසුව ආචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර විසින් ලියූ ග්‍රන්ථයක, කථානායකවරයා හමුවූයේ Julie Chung නොව ඉන්දීය මහ කොමසාරිස් Gopal Baglay බව සඳහන් කළද, සමරනායක මහතා පවසන්නේ ඇමරිකාව හෝ ඉන්දියාව යන දෙපාර්ශ්වයම පීඩනය යෙදූ බවට සාක්ෂි පවතින බවයි.
ඒ අනුව, “අරගලය” සම්පූර්ණයෙන්ම “ස්වයංසිද්ධ මහජන නැගිටීමක්” බවට පවතින අදහස ප්‍රශ්න සහගත බව ඔහු අවධාරණය කළේය.
Centre for Policy Alternatives මෙම ව්‍යාපාරය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා “අද්විතීය මොහොතක්” ලෙස හැඳින්වූ බවද සමරනායක මහතා සිහිපත් කරනු ලැබීය.
කෙසේ වෙතත්, විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් “රියදුරු අසුනේ” සිටී නම්, එවැනි ව්‍යාපාරයක් “පොදු ජනතා ව්‍යාපාරයක්” ලෙස හැඳින්විය හැක්කේ කෙසේදැයි සමරනායක මහතා ප්‍රශ්න කළේය.
අවසානයේදී,“අරගලය” පිළිබඳ ජනප්‍රිය ආඛ්‍යානය සිදුරු, අතපසුවීම් සහ විකෘති කිරීම් වලින් පිරී ඇති බවත්, 2021 සහ 2022 ආර්ථික අර්බුදය ප්‍රතික්ෂේප නොකළද, එම අර්බුදය බලවත් ජාතීන් විසින් තම භූ-දේශපාලනික සහ භූ-ආර්ථික උපාය මාර්ග සඳහා මෙවලමක් ලෙස භාවිතා කළ බව අවධාරණය කළේය.
චීනය වත්මන් ලෝක පර්යායය තුළ දැවැන්ත ආර්ථික, දේශපාලනික සහ මිලිටරි අභියෝගයක් ලෙස මතුවී ඇති හෙයින්, එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිරයන්ගේ දැඩි අවධානය ආසියාවට මාරු වී ඇති බවද පෙන්වා දුන්නේය.
1990 දශකයේදී චීනය බොහෝ පසුපසින් සිටියද, 2021 වන විට ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත්වූ බවත්, ඇතැම් දර්ශක අනුව චීනය පළමු ස්ථානය අත්කරගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම, චීනය දුර්වල කිරීම සඳහා ශ්‍රී ලංකාව භූ-දේශපාලනික වශයෙන් අත්‍යවශ්‍ය ස්ථානයක් බවට පත්ව ඇති බව තමා " ගාලු මුවදොර වර්ණ විප්ලවය හෙවත් Regime Change ව්‍යාපෘතිය 2022" කෘතියේ පැහැදිලිව සඳහන් කළ බව සමරනායක මහතා පෙන්වා දුන්නේය.
ඉන්දියාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක Shivshankar Menon ශ්‍රී ලංකාව “ඉන්දියානු සාගරයේ ස්ථිර ගුවන් යානා ප්‍රවාහන නෞකාවක්” ලෙස විස්තර කර ඇති බවත්, එම නිසා සෑම බලවත් ජාතියක්ම මෙම “නෞකාව” පාලනය කිරීමට උත්සාහ කරන බවත් පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ 2022 ආර්ථික අර්බුදය එවැනි භූ-දේශපාලනික අරමුණු සඳහා “පරිපූර්ණ අවස්ථාවක්” බවට පත්වූ බවයි. “මෙය හුදෙක් කුමන්ත්‍රණයක් නොව, භූ-දේශපාලනික ව්‍යාපෘතියක්” සමරනායක මහතා වැඩිදුරටත් පැවසුවේය.
2019 දී “Sri Lanka: A Test Case for the Free and Open Indo-Pacific Strategy” නමින් වාර්තාවක් නිකුත් කළ බවත්, එම වාර්තාව තුළ රාජපක්ෂවරුන් නැවත බලයට පත්වීම “තර්ජනයක්” ලෙස දක්වා තිබූ බවත් සමරනායක මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම “අරගලය” යනු එම භූ-දේශපාලනික “කළමනාකරණයේ” ප්‍රකාශනයක් බව ඔහු අවධාරණය කළේය.
සමරනායක මහතා තමා ලියූ ග්‍රන්ථයේ එක් පරිච්ඡේදයක, බටහිර රටවල් විසින් අරමුදල් සපයන සම්මන්ත්‍රණ සහ සංවිධාන මගින් “ජෙනරේෂන් ඉසෙඩ්” තරුණයන් දූෂණයට එරෙහිව කළ වීදි විරෝධතා ප්‍රශංසා කරමින් ජනප්‍රිය ආඛ්‍යානය තවදුරටත් ශක්තිමත් කර ඇති බව පෙන්වා දී ඇතැයි පැවසුවේය. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් සැලකිලිමත් වන්නේ නම් මෙම සත්‍යය තේරුම් ගත යුතුයැයි සමරනායක මහතා අවධාරණය කළේය.
එහිදී සමරනායක මහතා අනතුරු ඇඟවූවේ, ශ්‍රී ලංකාවේ “ශිෂ්ටාචාර පදනම” විනාශ කර රට ඉන්දු-පැසිෆික් උපාය මාර්ගයේ සිරකරුවෙකු බවට පත් කිරීම ඉහත කී ව්‍යාපෘතියේ අවසාන අරමුණ බව පෙන්වා දුන්නේය. වසර 200 කට පෙර, මැකෝලේ සාමිවරයා ඉන්දියාවේ පුරාණ අධ්‍යාපන ක්‍රමය සහ සංස්කෘතිය ප්‍රතිස්ථාපනය කර ඉන්දියාව ඇද දැමීමට උත්සහා කළේ මෙවැනි තත්වයකට බවද පෙන්වා දුන්නේය.
ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දෙන මෙම අනතුර භික්ෂූන් වහන්සේලා, මාධ්‍යවේදීන්, දේශපාලන නායකයන් සහ ජනතාව නිසි ලෙස තේරුම් නොගතහොත්, ශ්‍රී ලංකාව හයිටිය, ලිබියාව, ඇෆ්ඝනිස්ථානය හෝ සිරියාව වැනි තත්ත්වයකට පත්විය හැකි බව ද සමරනායක මහතා අනතුරු ඇඟවූවේය.
අවසානයේදී ග්‍රන්ථය එළි දැක්වීමේ උළෙලට සහභාගී වූ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සියලු දෙනාට සමරනායක මහතා සිය ස්තූතිය පළ කළේය.
සංවාද සටහන ජීවන්ත ජයතිස්ස
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ