News Category
From Date
To Date
Maximum Number of Result

මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් වර්ධනයට අරගලය බලපෑවා - ටිරාන් අලස්

Dec 23, 2023 at 05:36 PM
|

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි පොලිසිය මගින් ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුම් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා නුගේගොඩ, මිරිහාන පොලිස් ක්‍රීඩාංගනයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය කාලය තුළ සිදු වූ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වීමට අරගලයද බලපෑ බවයි.

එහිදී පසුගිය දින කිහිපය පුරාවට කොළඹ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් අපරාධකරුවන් සතුව පැවති නීති විරෝධී වාහන තොගයක් ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

 මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"වසර එක හමාරකට පමණ පෙර  මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ වගකීම අප බාරගන්නා විට පැවති ප්‍රධානම අභියෝගය වූයේ රටේ පැවති අරගල තත්වය සහ ප්‍රචණ්ඩත්වයයි. එය තුරන් කිරීමේ වගකීම ජනාධිපතිතුමා විසින් අප වෙත භාර දුන්නා.ඒ අවස්ථාවේ ජනාධිපතිතුමාගේ එකම ඉල්ලීම වූයේ රටේ ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කරමින්, සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ පරිසරය උදාකර දෙන ලෙසයි. ඒ වෙනුවෙන් ගන්නා ඕනෑම පියවරකට ජනාධිපතිතුමාගේ ද ශක්තිය ලබාදෙන බව පොරොන්දු වුණා.

 මේ වන විට බොහෝ දෙනාට එවකට රට තුළ පැවති තත්ත්වය මතක නැහැ. නමුත් අපි ඒ අභියෝගය ජය ගනිමින් නැවත ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට පියවර ගත්තා.

 මේ වන විට අප මුහුණ දී තිබෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්ධනය කිරීමේ  ඉතාමත් දැවැන්ත අභියෝගයටයි. පසුගිය කාලය තුළ සිදු වූ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වීමට අරගලයද බලපෑවා. ඊට හේතුව වසරක පමණ කාලයක් පොලිසියට පැවති එකම රාජකාරිය අරගල මැඩ පැවැත්වීමයි. අපරාධ මත්ද්‍රව්‍ය පිළිබඳ සොයා බැලීමටප්‍රමාණවත් කාලයක් ලැබුණේ නැහැ. ඒ කාලය තුළ ඇතැම් පිරිස් පොලිසියට සහ නිලධාරීන්ට සැලකූ ආකාරය ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. එවැනි පසුබිමක් යටතේ අමාත්‍යාංශයේ වගකීම බාර ගනිමින් මා පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ පොලිස් නිල ඇඳුමට අභියෝග කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන ලෙසයි. නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අපට සිදු වුණා. එලෙස ආරම්භ කල කටයුතු සාර්ථකව අවසන් කිරීමට අපට හැකි වුණා. කොළඹ නගරයේ තැන් තැන්වල පිහිටුවා තිබූ තාවකාලික ගම් ඉවත් කිරීමට හැකි වුණා. පෝලිම් යුගය නැති කිරීමට හැකිවුණා. ඉන් පසුව මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්ධනය කිරීමේ අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය සැලසුම් සකස් කළා. පසුගිය කාලයේ ඇතැම් අවස්ථාවල දිනපතා වෙඩිතැබීම් ඝාතන වාර්තා වුණා.

 ඒ අනුව වත්මන් වැඩ බලන පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර කෙටි කාලයක් තුළ මේ පිළිබඳ නිරීක්ෂණය කර සැලසුමක් සකස් කිරීමේ වගකීම භාර දුන්නා. ඉන් අනතුරුව මෙම මෙහෙයුම් ආරම්භ කිරීමට තීරණය කළා. ඒ අනුව සතියක පමණ කාලයක් තුළ එහි සාර්ථක ප්‍රගතියක් අත්කර ගැනීමට අප සමත් වී තිබෙනවා. ඒ අවස්ථාවේ බොහෝ දෙනෙකුට මේ පිළිබඳව විශ්වාසයක් පැවතුණේ නැහැ. බොහෝ දෙනෙක් විශ්වාස කළේ කතාවට පමණක් සීමා වී කෙටි කාලයකින් මෙම මෙහෙයුම් නතර වනු ඇති බවයි. නමුත් මේ වන විට අපරාධකරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගනිමින් අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ විශ්ලේෂණාත්මක බුද්ධි අංශ වාර්තාවක් සකස් කරනු ලැබුවා. එහිදී අපේ විශේෂ අවධානය යොමු වූයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාවාරම්කරුවන් පිළිබඳවයි. ඒ අනුව ලබාගත් තොරතුරුවලට අනුව මේ වන විට දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස කටයුතු කරගෙන යන විට අපට විවිධ බාධක වලටද මුහුණ දීමට සිදුවනවා. ඇතැම් ආගමික නායකයින්, නීතිඥවරුන් මෙය මාධ්‍ය සංදර්ශනයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කරනවා. මෙලෙස අපව අධෛර්යයට පත් කිරීමට කටයුතු කරන්නේ ජාවාරම්කරුවන් හෝ පාතාලය සමඟ සබඳතා පවත්වන අය පමණයි. මේ තුළින් ඇතිවන අවාසිදායක තත්ත්වය හේතුවෙන් ඔවුන් කලබල වී තිබෙනවා. ඒ හේතුවෙන් විවිධ මාධ්‍ය සාකච්ඡා ඔස්සේ අපට පහර එල්ල කරනවා. ඒ තුළින් අපව ආපස්සට යවන්නට හැකි බව ඔවුන් විශ්වාස කරනවා.මේ වන විට මටත් අවස්ථාව ලබා දෙන්නේ තවත් පෝය හතක් පමණක් බවට තර්ජන එල්ල කර තිබෙනවා. එවැනි තත්ත්වයක් කිසිසේත්ම ඇති වන්නේ නැහැ. කවර ආකාරයේ බාධක, තර්ජන, අභියෝග මුහුණ දීමට සිදුවුවත් මෙම මෙහෙයුම් නවතන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.මේ වන විට පොලිසිය විසින් සිදුකර ඇති මෙහෙයුම් පිළිබඳ සත්‍ය තත්ත්වය පිලිබඳ ජනතාව දැනුවත්ව සිටිනවා.

අපට අවශ්‍ය ශක්තිය ලබාදීමට ජනාධිපතිතුමා නිරතුරුව පසුපසින් සිටිනවා. අවශ්‍ය තීරණ ගැනීමට අවශ්‍ය නිදහස ලබා දී තිබෙනවා. මෙම අමාත්‍ය ධුරය වගකීම දරන තාක් කල් කිසිදු ප්‍රබලයෙකුගේ අත පෙවීමකට හෝ යටත් වීමට සූදානම් නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල අපරාධකරුවන් බේරා ගැනීමට ඉඩ ලබා දෙන්නේ නැහැ.

අපට අවශ්‍ය වන්නේ ජනතාවගේ සහයෝගයයි. නොබියව  තොරතුරු ලබාදීමයි. එහි රහස්‍යභාවය අප ආරක්ෂා කරනවා. මේ වන විට පොලිස් නිලධාරීන් දිනකට පැය දොළහකට, පහළොවකට ආසන්න කාලයක් එකම නිල ඇඳුමෙන් දිවා රෑ වෙහෙසී රාජකාරී නිරත වෙනවා. ඔවුන්ට ජනතාවගේ ධෛර්යය ලබා දිය  යුතුයි. මේ සතිය තුළ ලබාගත් ප්‍රගතිය පිළිබඳ වැඩබලන පොලිස්පතිතුමා ඇතුළු සියලුම නිලධාරීන්ටත්, විශේෂ කාර්ය බලකායටත් මාගේ ගෞරවය පිරිනමනවා. සෑම පලාතකම, සියළුම තරාතිරමේ නිලධාරීන් මේ කාර්යය වෙනුවෙන් උපරිම කැපවීම සිදු කර තිබෙනවා. පොලිසිය මේ කැපවීම සිදුකරන්නේ මහජනතාව වෙනුවෙන්. ළමා පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන්. පදනමකින් තොර විවිධ ප්‍රචාරයන්ට හසු නොවන ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අවශ්‍ය අවස්ථාවල, අවශ්‍ය ආකාරයට නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පොලිසියට අප අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. එම නිසා පාතාල ක්‍රියාකාරකම් සිදු කරන අයටත්,මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන අයටත් එය නතර කරන ලෙස දන්නා සිටිනවා. කවර අභියෝගවලට මුහුණ දීමට සිදුවත් මේ මෙහෙයුම නතර කරන්නේ නැහැ.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු ඉහළ පොලිස් නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
මහජන ආරක්ෂක අමාත්‍යංශය

සම්බන්ධිත පුවත් | Related News

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.