ජෛවමිතික දත්ත සහිත හැඳුනුම්පත ගැන තීරණ ගැනීමේ බලය ඉන්දියාවට පූජා කරලා.. - වසන්ත මුදලිගේ ගෙන් ආණ්ඩුවට චෝදනා..
ලංකාවේ ජනතාවගේ ඇඟිලි සලකුණු හා ඇස් අසාදු ලේඛනගත ඉන්දියානු සමාගමකට ලබාදීමේ ආණ්ඩුවේ සැලසුමක් ඇතැයි ජන අරගල ව්‍යාපරයේ වසන්ත මුදලිගේ මහතා පැවසීය.
ඉන්දියාවට අපේ දත්ත සොරකම් කර ඒ හරහා අපව පාලනයට ලක් කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ලංකාවේ ආණ්ඩුව පනින රිළවුන්ට ඉණිමං බඳිනවාසේ අපේ ජෛවමිතික දත්ත සහිත හැඳුනුම්පත ගැන තීරණ ගැනීමේ බලය ඉන්දියාවට පූජා කර ඇතැයිද එහිදී මුදලිගේ මහතා චෝදනා කළේය.
2012 වසරේ සිට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් සඳහා ව්‍යපෘතියක් ආරම්භ කර ඒ සදහා මේ වනවිට රුපියල් කොටි 560 ක් වියදම් කර ඊට අවශ්‍ය මෘදුකාංග සියල්ල වර්ධනය කර අවසන්ව ඇතැයිද මුදලිගේ මහතා කීය.
එහෙත් තවත් රුපියල් කෝටි 60 කින් පමණ එය අවසන් කිරීමට පුළුවන්කම තිබියදී ලංකාවේ රජයේ ඒ උත්සාහය හා ඊට වැයකළ ජනතා මුදල් පසෙකට දමා ජෛවමිතික හැඳුනුම්පත නිකුත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද සැකසීම ඉන්දියාවට ලබාදීමට 2021 දී ගෝඨාභය රාජපක්ෂ පියවර ගත් බවද මුදලිගේ මහතා කීය
එම ටෙන්ඩරය ලංකාවේ රජය කැදවුවද ඒ සඳහා ඉල්ලුම්කළ සමාගම් සුදුසුකම් සැපිරීම තහවුරු කිරීමට අසමත්වීම නිසා එම ප්‍රයත්නය තාවකාලිකව වැලකුණ බවද පසුව 2023දී රනිල් වික්‍රමසිංහ රජය ටෙන්ඩර් කැඳවීමක් කර සුරා බදු වංචාවකට සම්බන්ධ නිසා අසාදු ලේඛනගත කරනු ලැබූ මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් ,සමාගමට එය ලබාදීමට උත්සහ කළ බවද මුදලිගේ මහතා සදහන් කළේය
අනුර දිසානායක මහතා ජනාධිපති වු පසුව 2025 ජනවාරි මාසයේදී ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කළා අතර ඊට අනුව ටෙන්ඩර් කැඳවීමේ බලයත් ඉන්දියාවට දුන් බවද හෙතෙම කීය.
එම බරපතළ වැරැද්ද නිසා මේ සම්බන්ධ කිසිම බලපෑමක් කිරීමට ලංකාවට හැකියාවක් නැති වූ බවද ඹහු පැවසීය.
මුලදී ඒ සඳහා ඉන්දියානු සමාගම් පහක් ලියාපදිංචි වී තිබූ නමුත් 2026 මාර්තු වනවිට හයවන සමාගමක් ලියාපදිංචියට ඇතුළු වී තිබූ අතර එයද ලංකාවේ අසාදු ලේඛනගත සමාගමක් වන මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්‍ටර්ස් සමාගම බවද මුදලිගේ මහතා පැවසීය
ඒ සමාගම අසාදු ලේඛනයෙන් ඉවත් කළාද? ඉවත් කලේ කුමන හේතු මතද? එසේ නැතිනම් ලංකාවේ අසාදු ලේඛනගත සමාගමකට ලංකාවේ රාජ්‍ය ව්‍යාපෘතියක් පවරන්න ඉන්දියාවට ඇති බලය මොකක්ද? ටෙන්ඩර් කැඳවීමේ බලය ඉන්දියාවට දුන්නේ ඇයිද යන ප්‍රශ්ණවලට ජනාධිපතිවරයා වහාම පැහැදිලි කිරීමක් කළ යුතු බවද වසන්ත මුදලිගේ මහතා කීය.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා