චීනයේ Xpeng සමාගමෙන් ලබන වසරේ සිට 'පියාඹන' මෝටර් රථ..
චීනයේ විදුලි වාහන (EV) නිෂ්පාදකයෙකු වන Xpeng සමාගම සිය "පියාඹන" මෝටර් රථ නිෂ්පාදනය ලබන වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව එම සමාගමේ සභාපති බ්‍රයන් ගු (Brian Gu) රොයිටර් පුවත් සේවයට පවසා ඇත.
එසේම මානව හැඩැති රොබෝවරුන්ගේ (humanoid robots) නිෂ්පාදනය මෙම වසරේ සිව්වන කාර්තුවේදී ආරම්භ කිරීමට ද අපේක්ෂා කරන බවටයි ඔහු සඳහන් කර ඇත්තේ.
එමෙන්ම මේ හරහා ජර්මානු මෝටර් රථ නිෂ්පාදකයෙකු වන වොක්ස්වැගන් (Volkswagen) සමාගම සමග සහයෝගීතාව ඉහළ නැංවීමට විශාල හැකියාවක් පවතින බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.
වෙනත් මෝටර් රථ නිෂ්පාදකයින් සමග හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමට ද Xpeng විවෘතව පවතින බවටයි සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.
Xpeng සමාගම දැනටමත් සිය පියාඹන මෝටර් රථ සඳහා ඇණවුම් 7,000කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර, ඉන් බහුතරය චීනයෙන් ලැබුණු ඒවා බවත් සඳහන්.
එසේම එරට ගුවන් සේවා බලධාරීන්ගෙන් අනුමැතිය ලබා ගැනීමට සමාගම මේ වන විට කටයුතු කරමින් සිටින බවයි සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.
රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ, ඔවුන්ගේ සමාගම මෙම වසරේදී චීනයේ ගුවැන්ෂු (Guangzhou) නගරයේදී රොබෝ ටැක්සි (robotaxi) පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවත්, හවුල්කරුවන් සමග ලොව පුරා පරීක්ෂණ පැවැත්වීම සඳහා 2027 වසර තීරණාත්මක වසරක් වනු ඇති බවත් ය.
ඉදිරි මාස 12 සිට 18 දක්වා කාලය තුළ රොබෝ ටැක්සි සිය ගණනක් හෝ දහස් ගණනක් නිෂ්පාදනය කිරීමට සිය සමාගම බලාපොරොත්තු වන බව ද ඔහු පවසා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?