ටෙලිකොම් විකුණන ගනුදෙනුව ගැන අලිරජා සුබාෂ්කරන් එක්ක කොළඹදී සාකච්ඡා... ඩීල් එක පිටුපස නිළියකුත්
‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත පවසන්නේ ටෙලිකොම් ආයතනය විකුණා දැමීම සඳහා ලයිකා මොබයිල් ජාලයේ අධිපති අලිරජා සුබාෂ්කරන්ගේ ප්‍රමුඛත්වයෙන් මේ වනවිටත් ගනුදෙනු පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බවය.
එච්.ඒ.අයි.එම්.එස්. ඉන්ටර්නැෂනල් ආයතනය අලිරජා සුබෂ්කරන් වෙනුවෙන් මෙම ලංසු තැබීම සහ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපි ලබාදී ඇතැයි ද මාධ්‍ය හමුවකදී හෙතෙම පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
”විශේෂ පුද්ගලයෙක් පෙරේදා (19) ශ්‍රී ලංකාවට ආවා. ඔහු වෙන කවුරුත් නෙවෙයි කුප්‍රකට ලයිකා මොබයිල් ජාලයේ අධිපති අලිරජා සුබාෂ්කරන්. මේ අවස්ථාවේ ජනාධිපතිවරයා එක්ක එකතු වෙලා රවී කරුණානායක හා සම්බන්ධ වෙලා නිළි පරම්පරාවකුත් ඉන්නවා මේ ඩීල් එක පිටිපස්සේ. ජානකී විජේරත්න නිළිය තමයි මේ ඩීල් එක පිටිපස්සේ ඉන්නේ.
එච්.ඒ.අයි.එම්.එස්. ඉන්ටර්නැෂනල් කියන ආයතනය තමයි අලිරජා සුබාෂ්කරන් වෙනුවෙන් මේ ලංසු තැබීම, කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ. ඊ.ඕ.අයි එක දීලා තියෙන්නේ.
එතකොට මේ වනවිටත් ලංකා හොස්පිටල් සහ හිල්ටන් විකිණීම සඳහා ඊ.ඕ.අයි එක දීලා තියෙනවා. අලිරජා සුබෂ්කරන්ගේ අනුමැතිය සහිතව එච්.ඒ.අයි.එම්.එස්. කියන ආයතනය ලංකා හොස්පිටල් එකට අදාළ ඊ.ඕ.අයි එක දීලා තියෙනවා.
ඒ වගේම තවත් විදේශීය ආයතන රාශියක් මේ රටේ ධනය, මේ රටේ මහජනතාව වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය ආයතන විකිණීමේ කුමන්ත්‍රණය පිටිපස්සේ ඔවුන්ගේ මිල ගණන් සහ මේවා මිලදී ගැනීමේ කැමැත්ත මේ වනවිටත් ප්‍රකාශ කරලා තියෙනවා.
ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයන් සියලු දෙනාම මහපාරට බැහැල ඉන්න මේ අවස්ථාවේදී ඔවුන් තවමත් දන්නේ නෑ කොළඹ තරුපහේ හෝටලයක රහසිගත ස්ථානයක ටෙලිකොම් විකිණීමේ මහා ගනුදෙනු සාකච්ඡාව කුප්‍රකට ලයිකා අධිපති අලිරාජා සුබාෂ්කරන්ගේ ප්‍රමුඛත්වයෙන් සිද්ධ වෙනවා කියලා.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..