අමෙරිකානු උප ජනපති වෑන්ස්ගේ පාකිස්ථාන සංචාරය අවලංගු කෙරේ..
ඉරානය සමග පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සඳහා නායකත්වය ලබා දීමට අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) ඉස්ලාමාබාද් නුවර බලා යාමට නියමිතව තිබූ සංචාරය අවලංගු කර ඇති බව ධවල මන්දිර නිලධාරියෙක් ප්‍රකාශ කර ඇති බව CNN පුවත් සේවය සඳහන් කරයි.
එසේම ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනට අවිනිශ්චිතතාවයක් පවතින බවටයි සඳහන් වෙන්නේ.
උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජ්‍යෙෂ්ඨ උපදේශක ජැරඩ් කුෂ්නර් එක්ව ඉරාන නිලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු දූත පිරිසකට නායකත්වය දීමට සැලසුම් කර තිබිණි.
"ඉරාන පාර්ශවයෙන් ඒකාබද්ධ යෝජනාවක් ලැබෙන තෙක් අමෙරිකා එක්සත් ජනපදය බලා සිටින බව තහවුරු කරමින් ජනාධිපති ට්‍රම්ප් විසින් තැබූ 'Truth Social' සටහනට අනුව, අද දිනයේ පාකිස්ථාන සංචාරය සිදු නොවනු ඇත. පුද්ගලිකව හමුවී පවත්වන සාකච්ඡා පිළිබඳ ඉදිරි තොරතුරු ධවල මන්දිරය විසින් ප්‍රකාශයට පත් කරනු ඇත," යනුවෙන් එම නිලධාරියා නිවේදනයක් නිකුත් කරමිනුයි සඳහන් කර ඇත්තේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද උදෑසන සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, තමා "බරපතල ලෙස බිඳ වැටී ඇති" ලෙස හැඳින්වූ ඉරාන රජයෙන් "ඒකාබද්ධ යෝජනාවක්" ලැබෙන තෙක් දැනට පවතින සටන් විරාමය දීර්ඝ කරන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..