කංචනගෙ කාලෙ ඉන්ධන ප්‍රිමියම් ඩොලර් 40ක් වුනේ වංචා දූෂණ නිසා වෙන්න පුලුවන්.. අපේ කාලෙ ඩොලර් 50ක් වුනේ ලෝක තත්වය මත..- CPC සභාපති කියයි
අතීතයේ පැවති අධික ඉන්ධන ප්‍රීමියම් (Premium) පිරිවැය වංචා සහ දූෂණවල ප්‍රතිඵලයක් විය හැකි වුවද, වත්මන් මිල ඉහළ යාම මුළුමනින්ම ගෝලීය දේශපාලන හා ආර්ථික තත්ත්වයන් මත තීරණය වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.
දෙරණ නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
සභාපතිවරයා පෙන්වා දුන්නේ අතීතයේ ඩොලර් 40ක් වැනි ඉහළ ප්‍රීමියම් මුදලක් ගෙවීමට සිදුවීම පිටුපස ගැටලුවක් පවතින බව වත්මන් ජනාධිපතිවරයා එදා සිටම ප්‍රකාශ කළ බවයි.
එදා පැවති එම තත්ත්වය ලෝක වෙළඳපොළේ බලපෑමක් නොව මෙරට පැවති ඩොලර් අර්බුදය හා පාලන තන්ත්‍රයේ දුර්වලතා හේතුවෙන් ඇති වූ දේශීය තත්ත්වයක් බව ඔහු පෙන්වා දෙයි.
කංචන විජේසේකර හිටපු අමාත්‍යවරයා පවා එදා ප්‍රීමියම් ඉහළ යාම තුළ වංචා සිදුවන බව පිළිගෙන තිබූ බව ද ඔහු මෙහිදී සිහිපත් කළේය.
වත්මන් ප්‍රීමියම් පිරිවැය ඩොලර් 50ක් දක්වා ඉහළ යාමට මූලික වශයෙන්ම බලපා ඇත්තේ මැද පෙරදිග පවතින යුදමය වාතාවරණය ඇතුළු ගෝලීය බලපෑම් බව සභාපතිවරයා පවසයි.
යුද තත්ත්වය හේතුවෙන් රක්ෂණ සමාගම් රක්ෂණාවරණ ලබාදීමට මැලිවීම සහ රක්ෂණ වාරික අතිශය ඉහළ යාම, ගෝලීය තත්ත්වයන් මත ප්‍රවාහන පිරිවැය ඉහළ යාම, කාගෝ (Cargo) හිඟවීමත් සමඟ ඇති වූ ඉල්ලුම මත සැපයුම්කරුවන් සිය ලාභ පංගුව ඉහළ දැමීම මෙහිදී ප්‍රධාන සාධක කිහිපයක් ඔහු පෙන්වා දෙයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා