ඉරාන ධජය සහිත නෞකාවක් අමෙරිකානු නාවික හමුදාව අල්ලා ගනී..
ඉරානයට ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අමෙරිකානු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.
මේ සම්බන්ධව සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ එම නෞකාවට නතර කරන ලෙස අනතුරු අඟවා තිබූ නමුත් ඊට ප්‍රතිචාර නොදැක්වීමෙන් පසු අමෙරිකානු නාවික හමුදාව විසින් මෙම නෞකාව අල්ලා ගනු ලැබූ බවය.
අඩි 900කට ආසන්න දිගකින් යුත් මෙම නෞකාව ඉරාන ධජය සහිත TOUSKA නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බවත් එය සිය නාවික අවහිරය පසුකර යාමට උත්සාහ කළ බැවින් එය සිය භාරයට ගත් බව ට්‍රම්ප්ගේ එම සටහනේ සඳහන්ව තිබුණි.
එහිදී අදාළ නෞකාවට නවත්වන ලෙස අනතුරු ඇඟවීමක් සිදුකළ නමුත් ඔවුන් එම අනතුරු ඇඟවීම නොතකා ඔවුන් යාත්‍රා කිරීමෙන් අනතුරුව එම නෞකාවේ එන්ජින් කාමරයට ප්‍රහාරයක් එල්ල කර එය නැවැත්වූ බවත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන්ව ඇත.
අදාළ නෞකාව ඉරාන වරායක් දෙසට යාත්‍රා කරමින් තිබී ඇති අතර අදාළ නෞකාව අමෙරිකානු නාවික හමුදා භාරයට ගැනීම සම්බන්ධව ඉරානයේද අවධානය යොමුව ඇත.
ඒ අනුව මේ සම්බන්ධව නිවේදනයක් යොමු කරමින් ඉරානය සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම සටන් විරාමය උල්ලංඝනය කිරීමක් බවත් සහ මෙය සන්නද්ධ මුහුදු කොල්ලකෑමේ ක්‍රියාවක් වන බවත්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..