News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්ධන මිලදී ගැනීම්වලින් බිලියන 17.7 ක දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක්..- අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

Apr 18, 2026 at 05:26 AM
|

පසුගිය කාලසීමාව තුළ මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී රුපියල් බිලියන 17.715 ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 56.27 ක දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. 

සංඛ චන්දිම අභයවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල මගින් වත්මන් රජයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු වෙත සෘජුවම චෝදනා එල්ල කර ඇත.

ලෝක වෙළඳපොළේ තෙල් සැපයුම අඩාල විය හැකි බවට පූර්ව අනතුරු ඇඟවීම් තිබියදීත්, ඒ සඳහා අවශ්‍ය උපායමාර්ගික තොග රැස් කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇති බව පැමිණිලිකරු පෙන්වා දෙයි. 

2022 වසරේදී කෘතිම ඉන්ධන හිඟයක් නිර්මාණය කළ බවට චෝදනා ලැබූ නිලධාරියෙකු ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධුරයට පත් කිරීම මෙම දූෂණ ක්‍රියාවලියේ ආරම්භය බව පැමිණිල්ලේ සඳහන් වේ.

එම නිලධාරියා මීට පෙර අවස්ථා 582 කදී අවශ්‍ය ඉන්ධන තොග සඟවා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා (C105/22/CR) මගින් තහවුරු වී ඇති බවද එහි වැඩිදුරටත් දැක්වේ.

----

විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල,

සභාපති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම,

රුපියල් බිලියන 17.715ක් හෙවත් ඩොලර් මිලියන 56.27ක දැවැන්ත මංකොල්ලය පිලිබදවයි 

ගරු සභාපතිතුමනි,

ඉරානයට එරෙහිව ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය වසරේ ජුලි මස සිට දැවැන්ත යුධ සුදානමක සිටි බවත් ඒ සදහා යුධ ගුවන් යානා ප්‍රවාහන නවුකාවන් ඉරානය අසල ස්ථානගත කිරීමත් ලොවම දන සිටියේය. ඕනෑම ප්‍රහාරයකදී ලෝක තෙල් සැපයුම අඩාල වන බවටත් ඒ වනවිට යුද්ධයට පෙර පැවති අඩු මිලට මිලදී ගත් තෙල් තොග රැගත් නෞකා ලොව පුරා නව ගැනුම් කරුවන් හට විකිණීම සිදුවන බවත් සාමාන්‍යයෙන් සිදුවේ. මෙවැනි තත්වයකදී අඩු මිලට මිලදී ගත් ඉන්ධන අධික මිලකට අධික ලාබයක් තබාගෙන විකිනිමද භාහුලව සිදුවේ. සාමාන්‍යයෙන් රජයන් මෙවන් තත්ත්ව වලට මුහුණ දීමට දීර්ග කාලින ටෙන්ඩර නිකුත් කරන ඇත විශාල තොග රැස් කර ගැනීමත් සිදු කරයි. ලංකා රජය සාමාන්‍යයෙන් මේ උපාය මාර්ග දෙකම ක්‍රියාවෙහි යොදවනු ලබයි.

1. නමුත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාත්, කුමාර ජයකොඩි ඇමතිවරයාත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාත් පසුගිය වසරේ සිට මේ කිසිවක් නොකිරීම දැවැන්ත සොරකමකට මග පාදා ගැනීමක් ලෙස නිරීක්ෂණය වේ.

2. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා 2022 වසරේදී ඉන්ධන අර්භුදයක් කෘතිමව නිර්මාණය කරමින් රට අස්ථාවර කිරීමට මුල්වූ සිලෝන් පෙට්‍රෝලියම් ගබඩා පර්යන්ත සමාගමේ මුතුරාජවෙල පර්යන්තයේ මෙහෙයුම් කළමනාකරු බවටද නිරීක්ෂණය වේ. මේ පිලිබදව C105/22/CR නමැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ලියවිල්ල අනුව අවස්ථා 582කදී අවශ්‍ය ඉන්ධන තොග සගවා ඇති බවටද කරුණු පැහැදිලි වේ. එවන් පුත්ගලයෙක් ජනාධිපතිවරයාත් බලශක්ති ඇමතිවරයාත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කිරිමම දැවැන්ත දුෂණයක් සදහා මග පදා ගැනීමක් ලෙස දකිමු.

3. එමෙන්ම යුධ තත්වයක් පැවතියේ වුවද ලංකාවට තෙල් ආනයනය කරන්නේ ඉන්දියාවෙන් සහ සිංගපුරුවෙනි. එනම් කිසිදු ආරක්ෂක ගැටළුවක් අපගේ තෙල් සැපයුමට නොමැත. මාර්තු මාසය පුරාවට ගෙන ආ සියලු තෙල් සදහා රක්ෂණ, ප්‍රවාහන සහ අතරමැදියාගේ ලාභය ඇතුලත් වාරිකය පැවතුනේ ඩොලර් 3.54ත් ඩොලර් 4.43ත් අතර පහල අගයකය. මාර්තු 20 හෝ ඒ අසන්න දිනයකදී ජනාධිපති අනුර කුමාර පැවසුවේ මුහුදේ ඇති නව හෝ හරවා ලංකාවට ගෙන ඒමට ඉඩ දෙන බවයි. ඒවනවිටත් ලංකාවේ ඇතිවෙමින් පවතී දරුණු ඉන්ධන අර්භුදයට පිළිතුර ඒ බව ඔහු පැවසුවේය. නමුත් අර්භුධය ඇතිවුයේම ජනාධිපතිවරයාත්, බලශක්ති ඇමතිවරයාත්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාත් එක්ව අවශ්‍ය උපායමාර්ගික තොග රැස් කරගැනීමෙන් වැලකි සිටි නිසාවෙන් බව පැහැදිලිවම නිරීක්ෂණය වේ. එවන් කෘතිමව නිර්මාණය වීමට ඉඩ හරි අර්භුදයක මුවාවෙන් අධික වාරිකයක් ගෙවීමට සිදුවෙන බව අගවා, එසේ වාරිකයක් ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති ඉන්දියාවෙන් සහ සිංගපුරුවෙන් තෙල් මිලදී ගැනීමෙන් රුපියල් බිලියන 17.715කට අධික දැවැන්ත අක්‍රමිකතාවයක් සිදු කර ඇති බා පැහැදිලිව නිරීක්ෂණය වේ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කලැයි සැලකෙන ප්‍රකාශයේදී ලංකාවට පැමිණෙතැයි ප්‍රකාශ කල අප්‍රියෙල් 6-7 ගොඩ බාන නැව මෙන්ම අප්‍රියෙල් 12-13 සහ 16-17 දිනවල ගොඩබෑමට නියමිත නැව්ද පිළිබද සදහන් කර ඇත. ඔහු විසින් සදහන් කරන මේ නැව් තුනෙන් පමණක් අමතර වාරික  නිසා දුෂණය රුපියල් 10,283,823,440.00 වේ. එනම් බිලියන 10.283ක් හෙවත් ඩොලර් මිලියන 3.27ක් වන දැවැන්ත මුදලකි. මේ නිසා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ මුහුදේ යන නැවක් හෝ හරවා ගැනීමට ඉඩ දෙන බව ප්‍රකාශ කලේ ජනාධිපතිවරයා වශයෙන් ඔහුත්, බලශක්ති ඇමති කුමාර ජයකොඩිත් 2022 මෙවැනිම චෝදනා වලට ලක්වූ මුල්‍ය අක්‍රමිකතාවයට අවශ්‍ය දේශපාලන පසුබිම සැකසිමටදැයි අපට ඉතාම සාදාරන සැකයක් ඇතිවේ.

4. නිසි කලට උපායමාර්ගික තොග රැස් කරගෙන තිබුණි නම් පෙර පවතී මිලටම රටේ ඉන්ධන සැපයුම දින 45-62ත් අතර කාලයකට ලබා දීමටද හැකියාව තිබුණි. එනම් පෙර පවතී තෙල් මිල වෙනුවට අධික තෙල් මිලක් ගෙවීමෙන් අතරමැදියන් පෝසත් කිරීමේ දැවැන්ත මුල්‍ය අක්‍රමිකතාවය පිළිබදවද විමර්ශනය කල යුතුව තිබේ. එම අක්‍රමිකතාවය වාරික වලින් සිදුකර ඇති අක්‍රමිකතාවයට වඩා ඉතා විශාල වශයෙන් වැඩි බව නිරීක්ෂණය කල හැක.

සාමාන්‍යයෙන් මේ වනවිට නිෂ්පාදන මිලට අමතරව, තෙල් නැවු සඳහා වන අතිරේක යුද අවදානම් වාරිකය (AWRP) නෞකාවේ වටිනාකමෙන් 2.5% දක්වා ළඟා වී ඇති අතර, අධි අවදානම් කලාප හරහා ගමන් කරන ඕනෑම යාත්‍රාවක් සඳහා ගොඩබෑමේ පිරිවැයට බැරලයකට දළ වශයෙන් ඩොලර් 3.50 – 4.50 ක් එකතු වේ.

ලෝක ප්‍රසිද්ධ S&P මේ පිලිබදව වාර්තා කළේ මෙසේය,

“මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමකට එළඹිය හැකි බවට බලාපොරොත්තුව මධ්‍යයේ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ අවදානම් සහිත කලාපය හරහා නැව් කිහිපයක් ගමන් කිරීමත් සමඟ මාර්තු 27 වන දිනෙන් අවසන් වූ සතිය තුළ පර්සියානු ගල්ෆ් හරහා ටැංකි ගෙනයාම සඳහා වූ අතිරේක යුද අවදානම් වාරිකය ලිහිල් වූ බව වෙළඳපොළ වාර්තා මාර්තු 27 වන දින පැවසීය.

මාර්තු මාසයේ මුලදී පර්සියානු ගල්ෆ්හි දින හතක කාලයකට නැව් සහ යන්ත්‍රෝපකරණ වටිනාකමෙන් 2.5% ක් පමණ AWRP ලබාගෙන තිබුණද, එය දැන් 1% ට ආසන්න බව සිංගප්පූරුවේ පැවති ආසියා පැසිෆික් සමුද්‍රීය සමුළුවට සමගාමීව සමුද්‍රීය රක්ෂණ විධායකයින් පැවසීය. හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සාර්ථකව ප්‍රවාහනය කළ සමහර ටැංකි නැව්, හිමිකම් නොමැති ප්‍රසාද දීමනාව සැලකිල්ලට ගැනීමෙන් පසු 0.8% AWRP පවා ගෙවා ඇති බව නැව් රක්ෂණ සමාගම් නිලධාරියෙක් පැවසීය. කෙසේ වෙතත්, මෙම තත්වයේදී පවා, AWRP යුද්ධයට පෙර කාල පරිච්ඡේදයට වඩා අට ගුණයකින් වැඩි වන අතර, එම අගය 0.1%-0.15% හෝ ඊටත් වඩා අඩු බව සමුද්‍රීය රක්ෂණ සමාගම් පැවසීය.”

පැවතිය යුතු සැබෑ වාරික අගය ලෙස දක්වා ඇත්තේ මේ අසන්න කාලයේම යුද්ධය අරඹ වීමෙන් පසු ලංකාවට ගෙන ආ තෙම්ල් තොග සදහා ගෙවී වාරික මිල බව සැලකිය යුතුය. Fuel Oil සදහා උපරිම වාරික මිල ලෙස සලක ඇත්තේ ලෝක වෙළද පලේ තිබු ඉහලම අගය ලෙස අපට සොයා ගත හැකිවූ අගය බව සැලකිය යුතුයි.  මේ විශේෂ පැමිණිල්ල සමග අප මැදපෙරදිග කලාපයෙන් ඍජුවම තෙල් මිලදී ගැනීමට කටයුතු කලේනම් ඉහල යා හැකිව තිබු වාරික වල මිල ගණන්ද වෙළදපළ දත්ත ඇසුරෙන් ගොඩ නැගීමට මා කටයුතු කර ඇත. ඒ දත්ත පහත දක්වා ඇත. එමෙන්ම ලංකාවට අමතර මුදලක් ගෙවීමට සිදුවුවත් ඒ ප්‍රමාණයද ගෙවා ඇති මිලට වඩා සැලකියයුතු ලෙස අඩු බව පහත වගුවෙන් දැක ගත හැක. 

ජාතික ආරක්ෂාවත් රටේ අනාගතයත් සදහා තීරණාත්මක වන පුනර්ජනනීය බලශක්තිය ක්‍රමානුකුලව අකුලා එමගින් හදිසි අවස්ථාවකදී ලබාගැනීමට ඇති පුනර්ජනනීය බලශක්ති ධාරිතාව පහල හෙලීමත්, එම පසුබිමේ බාල ගල් අගුරු දුෂිත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා ආනයනය කිරීමත්, දැවැන්ත තාප විදුලි මිලදී ගැනීමක් සිදුකිරීමත් පිළිබද අප ඔබ කොමිසමට පැමිණිලි 5ක් මේ වනවිට සිදු කර ඇත. මේ පැමිණිල්ල එම ගල් අගුරු තාප විදුලි මගඩිය නිසා උග්‍ර වුන බලශක්ති අර්භුදය දඩමීමා කරගෙන සිදුකරමින් පවතින රුපියල් බිලියන 18කට අසන්න දුෂණයක් සහ සොරකමක් පිලිබදවයි. පිළිබද මේ පැමිණිලි සමුහය පිළිබද ඔබතුමන්ගේ කඩිනම් අවධානය යොමු වේ නම් මැනවි. 

ස්තුතියි 

සංඛ චන්දිම අභයවර්ධන

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.