ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 120ක කෝබෝල්ට් නිධියට ඉන්දියාව අත දමයි..
ඉන්දියන් සාගරය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවට හිමිවීමට තිබූ ඩොලර් බිලියන 120කට වඩා අධික වටිනාකමකින් යුත් සාගර සම්පත් අයිතිය සම්බන්ධයෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ. හම්බන්තොට වෙරළ තීරයේ සිට දකුණු දෙසින් පිහිටි මොහොද සීමාවට අයත් 'ඇෆනාසේ නිකිටින්' (Afanasy Nikitin) නම් මුහුදු පතුලේ පිහිටි කන්ද ආශ්‍රිතව පවතින අති විශාල සම්පත් අයිතිය ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් මේ හේතුවෙන් මතුව ඇත.
එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට අනුව, කිසිවෙකුටත් හිමිකම් නොමැති කලාපයක සාගර සම්පත් අයිතිය විද්‍යාත්මක පදනමක් මත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් 2009 මැයි 08 වන දින නිව්යෝර්ක් නුවරදී විශේෂ කෙටුම්පතක් ඉදිරිපත් කරන ලදී.
එමගින් නාවික සැතපුම් 800ක් පමණ දුරින් පිහිටි බෙංගාල බොක්ක ආශ්‍රිත සාගර කලාපයේ සම්පත් අයිතිය ශ්‍රී ලංකාව ඉල්ලා තිබුණි.
මෙම ප්‍රදේශයේ සාගර පත්ලේ මීටර් 3000ක් පමණ ගැඹුරින් පිහිටි ඇෆනාසේ නිකිටින් කන්ද මත කෝබෝල්ට් නැමති වටිනා රසායනික මූලද්‍රව්‍යය අඩංගු බව සොයාගෙන ඇත.
නවීන ලෝකයේ බැටරි නිෂ්පාදනයට, ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක සහ විද්‍යුත් වාහන නිෂ්පාදනයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් වන මෙහි වටිනාකම ඩොලර් බිලියන 120ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. උසස් තාක්ෂණය භාවිත කළහොත් මෙහි වටිනාකම ඩොලර් ට්‍රිලියනයක් දක්වා ඉහළ යා හැකි බවද පැවසේ.
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් 2018 වසරේදී පත් කළ විශේෂ කමිටුව වසර හයක් තිස්සේ විමර්ශනය කළ අතර, 2022 වසර අවසානයේදී ඒ සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය ලැබීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත්, 2022 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක සිටි සමයේ ඩොලර් බිලියන 4ක ණයක් ලබා දෙමින් සහය වූ ඉන්දියාව, එම වසරේම නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ මෙම සාගර අයිතියට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සිය විරෝධය ඉදිරිපත් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා