News Category
From Date
To Date
Maximum Number of Result

ගල් අඟුරු ප්‍රසම්පාදනයේ දෝෂ රැසක් - විශේෂ විගණන වාර්තාවෙන් හෙළිවෙයි..

Apr 8, 2026 at 02:24 PM
|

නොරොච්චෝලේ බලාගාරයට 2025 - 2026 කාල පරිච්ඡේදය සදහා ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයූ ඉන්දියාවේ ට්‍රයිඩෙන්ට් සමාගමට අදාල කොන්ත්‍රාත්තුව පවරා ඇත්තේ නියමිත ප්‍රසම්පාදන මූලධර්මයන් උල්ලංඝනය කරමින් බව විගණකාධිපතිවරයා අනාවරණය කර ඇත.

ඒ, ලංකා ගල් අඟුරු සමාගම විසින් ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව මඟින්.

කෝප් කමිටුව විසින් කළ දැනුම් දීමකට අනුව විගණකාධිපතිවරයා විසින් මෙම විමර්ශනය සිදු කළ අතර එම වාර්තාව කතානායකවරයා විසින් ඊයේ (7) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එමඟින් හෙළිකර ඇත්තේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 1.5 ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ ඉන්දියානු ට්‍රයිඩෙන්ට් චෙම්පර් සමාගම, ලන්සු කැඳවූ පසුගිය වසරේ අගෝස්තු 18 දිනය වනවිට නියමිත පරිදි ලියාපදිංචි ගාස්තු ගෙවා ගල් අඟුරු සමාගමේ ලියාපදිංචි නොවූ සැපයුම්කරුවෙකු බවයි.

ඒ අනුව, ගල් අඟුරු සැපයීම සඳහා හැකියාව ඇති ලියාපදිංචි වීමට ඉල්ලුම් කළ නොහැකි වූ අනෙකුත් සැපයුම්කරුවන් හට මෙම අවස්ථාව ලබා නොදීමෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියක තිබිය යුතු සාධාරණත්වය නමැති මූලධර්මය කඩකර ඇති බවට විගණනයේදී නිරීක්‍ෂණය වී ඇත.

එසේම, මිලදී ගත් ගල් අඟුරු බලාගාරයට උචිත ප්‍රමිතීන්ගෙන් සමන්විත වන්නේ ද යන්න පැටවුම් සහ ගොඩබිම් වරායේදී ස්වාධීන පරීක්‍ෂකවරයෙකු මගින් පරීක්‍ෂාවට ලක්කෙරෙන අතර පැටවුම් වරායේදී එම පරීක්‍ෂාව සිදුකිරීම සඳහා විකුණුම්කරු පත්කරන ලද මිට්‍රා එස්.කේ. සවුත් ඇෆ්රිකා සමාගමට අවශ්‍ය කරන ප්‍රමිතීන්වලට යටත්ව ගල් අඟුරු සාම්පල පරීක්‍ෂා කිරීම් සඳහා ප්‍රවණතාවක් නොතිබූ බව විගණනයේදී හෙළිවී තිබේ.

ඉන් අනතුරුව, ඒ වෙනුවෙන් පරීක්‍ෂණ වාර්තාව නිකුත් කිරීමේ බලපත්‍රය පී.ටී. මිට්‍රා එස්.කේ. ඇනලිසා ටෙස්ටමා සැමරින්ඩා නමැති ඉන්දුනිසියානු සමාගමකට පවරා ඇති අතර එම සමාගමේ බලපත්‍රය පසුගිය වසරේ දෙසැම්බර් 29 වනදා කල් ඉකුත්වී ඇති අතර එය පසුගිය මාසය අවසානය වන විටත් අලුත් කර නොතිබූ බවයි විගණන වාර්තාවෙන් හෙළිකර තිබෙන්නේ.

එමෙන්ම, මෙමඟින් හෙළිකර ඇති තවත් විශේෂිත කරුණක් වන්නේ, ගල් අඟුරු සැපයීම සඳහා තෝරාගත් ට්‍රයිඩෙන්ට් සමාගම එක්ව කෙටුම්පත් ගිවිසුම නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමට පෙර අත්සන් තබා ඇති බවයි.

මේ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟතාවය පසුගිය වසරේ නොවැම්බර් 20 වන දින ලැබී ඇති නමුත් ඊට පෙර දිනයේදී ලංකා ගල් අඟුරු සමාගම සැපයුම්කරු සමඟ ගිවිසුම්ගත වීමට කටයුතු කර තිබූ බව විගණනයේදී හෙළි කරගෙන තිබේ.

එසේම, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරුවල ගුණාත්මකභාවය නිවැරදි කරගැනීමට තිබූ අවස්ථා ද ගල් අඟුරු සමාගම මඟහැර ඇති බව විගණකාධිපතිවරයා මෙම විශේෂ විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත.

පසුගිය මස 11 වැනිදා වනවිට ගබඩා කර තිබූ ගල් අඟුරු නැව් තොග 12 ක් පූර්ණ ධාරිතා මට්ටමට ළඟාවී නොමැති බවට පාර්ලිමේන්තු අනු කමිටු තුළ මෙන්ම සමාජයේ ද අභියෝගයට ලක්ව තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුව, ගැණුම්කරුට හා විකුණුම්කරුට පිළිගත හැකි තවත් ස්වාධීන පරීක්‍ෂකවරයෙකු පත්කිරීමට අවස්ථාව පවතින විට එය භාවිත කිරීමට ගල් අඟුරු සමාගම අපොහොසත් වී ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දී තිබෙන බව දක්වා තිබේ.

එසේම, සෑම නැව්ගත කිරීම් පහකට, ආසන්න වශයෙන් එක්වරක් පදනම මත ගැණුම්කරුගේ බලයලත් නියෝජිතයින් දෙදෙනෙකුට පැටවීමේ වරායේදී විශ්ලේෂණ ක්‍රියාවලිය අධීක්‍ෂණය කිරීමට විකුණුම්කරු එකඟවී තිබියදීත් එවැනි පරීක්‍ෂාවක් කර අදාල සැපයුම්වල ගුණාත්මකභාවය නිවැරදි කරගැනීමට ද ගල් අඟුරු සමාගම කටයුතු කර නොමැති බවයි විගණකාධිපතිවරයා අනාවරණය කර ඇත්තේ.

එසේම, නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් නැව් පැමිණීම නිසා පසුගිය මස 18 වනදා ක්‍ෂණික ප්‍රසම්පාදනයකින් ගල් අඟුරු මිලදී ගැනීමට ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කළේය.

එහිදී තෝරාගත් ටරන්ජොට් රිසෝර්ස් සමාගම ද සැපයුම්කරු ලියාපදිංචිය සඳහා සලකා බලන ලද මාස 36 ක කාලය තුළ සපයා තිබූ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂ පහළොස් දහස් නවසීයක ප්‍රමාණයෙහිම දළ තාපජනන අගය කිලෝ කැලරි 5900 ක ප්‍රතික්ෂේපිත මට්ටමට ද පහළ අගයක් ගෙන තිබූ බව විගණන වාර්තාවෙන් කරුණු අනාවරණය කර තිබේ.

එමෙන්ම, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු අධි පරිභෝජනය මත රුපියල් බිලියන 2.2 ක ඇස්තමේන්තු අලාභයක් සිදුවී ඇති බවට විගණකාධිපතිවරයා මෙම විශේෂිත විගණන වාර්තාවෙන් අනාවරණය කර ඇති අතර ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයීම නිසා අතිරේකව කිලෝ වොට් පැය හත්කෝටි හැට තුන් ලක්ෂ පනස් හතරදාස් අසු හතක ප්‍රමාණයක් උපයා ගැනීමට සිදුවී ඇති බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.