විශ්ලේෂණය: යුද්ධයේ සෙවනැලි එලෙසම පවත්වා ගනිමින් අමෙරිකාව ඉදිරිපත් කරන දින 45ක සටන් විරාමයකට ඉරාන ස්ථාවරය තුළ කිසිදු ඉඩක් නොමැත
යුද්ධයේ අඳුරු සෙවනැලි එසේම තිබියදී එක්සත් ජනපද-ඊශ්‍රායල මිලිටරි ආක්‍රමණයේ තාවකාලික සටන් විරාමයක් සාර්ථක කර ගැනීමට ප්‍රහාර අවසන් කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කරන අත්‍යවශ්‍ය කොන්දේසි සපුරා නොගෙන ක්‍රියාත්මක කිරීම මගින් සතුරාට නැවත ගොඩනැගීමට අවස්ථාවක් ලබා දෙන බව තස්නිම් පුවත් සේවයේ විශ්ලේෂකයෝ පැවසූහ.
ඇමරිකානු-ඊශ්‍රායල මාධ්‍ය ආයතනයක් වන ඇක්සියෝස් අද(06) වාර්තා කළේ,අමෙරිකා සහ ඊශ්‍රායල හමුදා ඉරානයට එරෙහිව දියත් කර ඇති වත්මන් යුද ගැටුම අවසන් කිරීම සඳහා සාකච්ඡා කරමින් සිටින සමහර මැදිහත්කරුවන් දින 45ක තාවකාලික සටන් විරාමයක් ස්ථාපිත කිරීමට උත්සාහ කරමින් සිටින බවයි. මෙයින් අදහස් කරන්නේ එම තාවකාලික දින 45 සටන් විරාමය පිටුපස ඇත්ත වශයෙන්ම, යුද්ධයේ සෙවනැලි පවතින බව යැයි තස්නිම් පුවත් සේවයේ යුද විශ්ලේෂකයෝ පවසති.
මේ කාරණය සම්බන්ධයෙන් තවමත් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති වුවද, ඇක්සියෝස් මාධ්‍ය ආයතනය යනු එක්සත් ජනපදයේ, විශේෂයෙන් ඉරානය සම්බන්ධයෙන් මොසාඩ් හි මනෝවිද්‍යාත්මක මෙහෙයුම් වෙනුවෙන් කටයුතු කරන මාධ්‍ය ආයතනයක් ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙන බවද තස්නිම් පුවත් සේවයේ යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඇක්සියෝස් අද(06) පළ කළ ප්‍රවෘත්ති වාර්තාව සම්බන්ධයෙන් තස්නිම් පුවත් සේවයේ යුද විවරණ කණ්ඩායම කළ විශ්ලේෂණයක් පහත දැක්වේ:
"ඉරානයේ විදුලි බලාගාර සහ අනෙකුත් යටිතල පහසුකම් ඉලක්ක කර එල්ල කරන මිසයිල ප්‍රහාර හෙවත් අමෙරිකාවේ ඕනෑම උමතු ක්‍රියාවකට ප්‍රතිචාර දැක්වීමේ තීරණාත්මක අධිෂ්ඨානය සම්බන්ධයෙන් හොඳින් දන්නා ට්‍රම්ප් තුන්වන වරටත් ඉරාන තර්ජනයෙන් ගැලවීයාමට මගක් සෙවීමේ උත්සාහයක නිරතවන බව පෙනීයයි. මෙම ආකාරයේ පුවත් මැවීම ට්‍රම්ප් මුහුණ දෙන ගැටලුව පියමං කිරීම සඳහා සූදානම් වීම අරමුණු කර ගත හැකි වුවද සටන් විරාමයකට එකඟ වීම හුදෙක් අඩු සම්භාවිතාව්ක් පවතින ප්‍රපංචයක් පමණි.
යුද්ධයේ සෙවනැල්ල මත පවතින තාවකාලික සටන් විරාමවලට එකඟ නොවන බව ඉරානය නැවත නැවතත් ප්‍රකාශ කර ඇත. උදාහරණයක් ලෙස, ඉරානය මෑතකදී පැය 48 ක සටන් විරාමයකට විරුද්ධ විය. මෙම විරුද්ධත්වයට හේතුව පැහැදිලිය. එනම් යුද්ධයේ පීඩනය යටතේ සහ ව්‍යාකූලත්වයට පත්ව සිටින ඇමරිකානු-සියොන්වාදී සතුරන්, පතොරම් අර්බුදයෙන් සහ උපායමාර්ගික පැටලීමෙන් බේරීමට සුපුරුදු සහ නිෂ්චිත අරමුණු රාමුවක් නොමැති සටන් විරාමවල අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට අදහස් කරති.
ඒ අනුව ගැටුම අවසන් කිරීම සඳහා ඉරානයේ අවශ්‍ය කොන්දේසි සපුරා නොගෙන යුද්ධයේ සෙවනැල්ල යටතේ තාවකාලික සටන් විරාමයකට එළඹිම මගින් ඉරානයේ සතුරාට නැවත ශක්තිමත් වීමට ඉඩ සලසයි. එපමණක් නොව, මෙම සටන් විරාමය අතරතුර පවා ඔවුන් ඉරානයට එරෙහිව යුද්ධයේ බල පරාක්‍රමය පවත්වා ගැනීමට පෙළඹෙන අතර, එමඟින් මිලිටරි, ආර්ථික, දේශපාලනික සහ වෙනත් ක්ෂේත්‍රවල ඔවුන්ගේ ඉරාන විරෝධී අරමුණු වලින් ප්‍රතිලාභ ලබා ගැනීමට කටයුතු කරනු ලබයි.
ඉරාන නිලධාරීන් විසින් මේ දක්වා නැවත නැවතත් ප්‍රකාශ කර ඇති සටන් විරාමය සාක්ෂාත් කරගෙන යාමට අවශ්‍ය රාමු සලකා බැලීමේදී, වත්මන් යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කරන මූලධර්මය තුළ "යුද්ධයේ සෙවනැල්ල පවත්වා ගෙන යන තාවකාලික සටන් විරාමයකට" කිසිදු ඉඩ කඩක් ඉතිරිවී නොමැත.
ඉරානය නිවේදනය කර ඇත්තේ යුද්ධය අවසන් කළ හැක්කේ වෙනත් දේ අතර, ඇමරිකානු සහ සියොන්වාදී සතුරන්ගෙන් තවදුරටත් ආක්‍රමණයට එරෙහිව ස්ථිර සහතිකයක් මෙන්ම සාකච්ඡාවට බඳුන් කිරීම පවා කළ නොහැකි කොන්දේසි කිහිපයක් යටතේ පමණක් බවයි.
එයට අමතරව, හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ නව තත්වයට අනුකූලව තත්වය ඉතාමත් පැහැදිලි ය. එනම් හෝමූස් සමුද්‍ර සන්ධිය කිසි විටෙකත් ඉරානයට එරෙහිව අමෙරිකා-ඊශ්‍රායල් යුද්ධය ඇරඹීමට පෙර පැවති තත්වයන්ට නැවත නොඑනු ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..