බටහිර ඉරානයේ කුහ්-සියා කලාපයට අමෙරිකානු පාබල හමුදා ගොඩ බැස ඇති බවට පලවන වාර්තා අමූලික බොරු- කොහ්ගිලුයේ සහ බෝයර්-අහමඩ් පළාතේ ආණ්ඩුකාර ඉරාජ් කසෙමිජෝ
බටහිර ඉරානයට ඇමරිකානු පාබල හමුදා භට පිරිස් ගොඩ බැස ගැටුම් ඇතිවී තිබෙන බවට පැතිරයන ආරංචි ප්‍රතික්ෂේප කරමින්, කුහ්-සියා කලාපයේ ජීවිත හානි සිදුවී ඇත්තේ මිසයිල ප්‍රහාරයකින් මිස සෘජු ගැටුමකින් නොවන බව කොහ්ගිලුයේ සහ බෝයර්-අහමඩ් පළාතේ ආණ්ඩුකාර ඉරාජ් කසෙමිජෝ මහතා අද(05) තස්නිම් පුවත් සේවය වෙත අදහස් දක්වමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කොහ්ගිලුයේ සහ බෝයර්-අහමඩ් පළාතේ ආණ්ඩුකාරවරයා කුහ්-සියා කලාපයේ එක්සත් ජනපද පාබල හමුදා සහ ඉරාන හමුදා සම්බන්ධ ගැටුම් පිළිබඳ පලවන වාර්තා ප්‍රතික්ෂේප කළ අතර, සංසරණය වන පුවත් වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අවධාරණය කළේය.
කඳුකර ප්‍රදේශයේ සිදුවීම මිසයිල ප්‍රහාරයක ප්‍රතිඵලයක් බවත්, එමඟින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලැබූ බවත් ආණ්ඩුකාර ඉරාජ් කසෙමිජෝ පැවසීය.ඒ හැර ඉරාන හමුදා සහ ඇමරිකානු පාබල හමුදා භටයන් අතර කිසිදු සම්බන්ධයක් නොතිබූ බව ඔහු අවධාරණය කළේය.
එක්සත් ජනපද සොල්දාදුවන් එම ප්‍රදේශයට ගොඩ බැස බසිජ් හෝ ප්‍රාදේශීය ඉරාන හමුදා සමඟ ගැටුණු බවට පලවන පුවත් වාර්තා පදනම් විරහිත සහ සාවද්‍ය බව ඉරාජ් කසෙමිජෝ අවධාරණය කළේය.
පලාතේ මේ වන විට සිදු වී ඇති සියලුම ජීවිත හානි සිදුවී ඇත්තේ කුහ්-සියා කඳු මුදුන්වලට එල්ල කළ සතුරු මිසයිල බලපෑමෙන් මිස සන්නද්ධ ගැටුමකින් නොවන බව පැවසූ ආණ්ඩුකාරවරයා කොහ්ගිලුයේ ප්‍රාන්තයේ තත්වය ස්ථාවරව පවතින බවත්, පදිංචිකරුවන්ගෙන් සන්සුන්ව සිටින ලෙසත් ඉල්ලා සිටි බවත් ආණ්ඩුකාරවරයා පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..