ඇමරිකානු ගුවන් නියමුවෙකු බේරා ගැනීමට ඉරානයේ දියත් කළ මෙහෙයුම් අතරතුර දරුණු ගැටුම්..
ඉරානයට ඉහළින් පියාසර කළ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් වෙඩිතබා බිම හෙළා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර, වෙඩි තබා බිම හෙළූ බව කියන ඇමරිකානු ගුවන් නියමුවෙකු බේරා ගැනීම සඳහා දියත් කළ මෙහෙයුමක් අතරතුර, ඉරාන භූමිය තුළ අතිශය දරුණු ගොඩබිම් ගැටුම් ඇවිළී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ ඇමරිකානු විශේෂ බේරාගැනීමේ කණ්ඩායම් අතර මෙම සෘජු ගැටුම් සිදුවන බව අල් ජසීරා (Al Jazeera) පුවත් සේවයේ වාර්තාකරුවන් උපුටා දක්වමින් හෙළිදරව් කර තිබේ.
මෙම මෙහෙයුමේදී ඇමරිකානු හමුදාවන්ට දැඩි ජීවිත හානි සිදුව ඇති බව ද එම වාර්තාවල සඳහන් වේ.
අතුරුදන් වූ නියමුවා සොයා ඉරානය විසින් දැවැන්ත මෙහෙයුමක් සහ තෑගි මුදලක් (Bounty) ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක, ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා එක්ව මෙම බේරාගැනීමේ මෙහෙයුම ආරම්භ කර ඇති බවත් සඳහන්ය.
කොගිලුයේ සහ බෝයර්-අහමඩ් (Kohgiluyeh and Boyer-Ahmad) වැනි කඳුකර ප්‍රදේශවල මෙම ගැටුම් සිදුවන බවට තොරතුරු වාර්තා වන අතර, මෙය අතිශය අවදානම් සහගත "මරාගෙන මැරෙන මෙහෙයුමක්" (Suicide mission) ලෙස ඇතැම් විචාරකයින් හඳුන්වා දී තිබේ.
ධවල මන්දිරය මෙම පුවත සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද, පවතින තත්ත්වය අතිශය බරපතල බව ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති.
මෙම මෙහෙයුම අසාර්ථක වුවහොත් එය ඇමරිකානු හමුදා ඉතිහාසයේ දැවැන්ත පසුබෑමක් වනු ඇති බවත්, දෙරට අතර පවතින යුද්ධය තවදුරටත් දරුණු වීමට මෙය සෘජුවම බලපානු ඇති බවත් විචාරකයෝ පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..