අමෙරිකානු නීතිපතිනි පෑම් බොන්ඩි ධුරයෙන් ඉවත් කෙරේ..
අමෙරිකානු නීතිපති පෑම් බොන්ඩි (Pam Bondi) සිය ධුරයෙන් ඉවත් කරන බවත්, ඇය වෙනුවට නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් (Todd Blanche) වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කරන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පෑම් බොන්ඩි පෞද්ගලික අංශයේ නව රැකියාවක් සඳහා යොමු වීමට නියමිත බැවින් ඇය සිය ධුරයෙන් ඉවත් වන බව ට්‍රම්ප් සිය 'ටෘත් සෝෂල්' (Truth Social) ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර තිබේ.
පසුගිය වසර පුරා ඇය ඉටුකළ සේවය ඇගයීමට ලක්කළ ජනාධිපතිවරයා, ඇය යටතේ අමෙරිකාවේ අපරාධ මර්දනය සාර්ථකව සිදු වූ බවත්, මිනීමැරුම් අනුපාතය 1900 වසරෙන් පසු අවම මට්ටමට පහත වැටුණු බවත් සඳහන් කර ඇති අතර, ඇයව "ශ්‍රේෂ්ඨ දේශප්‍රේමියෙක්" ලෙස ද ඔහු හඳුන්වා දී තිබේ.
නීතිපති ධුරය සඳහා පත් කර ඇති ටොඩ් බ්ලැන්ච්, දක්ෂ හා ගෞරවාන්විත නීතිඥයෙකු බව ට්‍රම්ප් පවසන අතර, ටොඩ් බ්ලැන්ච් මීට පෙර ජනාධිපති ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතිඥයෙකු ලෙස ද කටයුතු කර ඇත.
මූලාශ්‍රය - බීබීසී
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..