ජාතික අධ්‍යාපන ආයතනය නැවතත් සූපූරුදු සෙල්ලමේ..
ගුරු අධ්‍යාපනඥ වෘත්තීකයන්ගේ සංගමය විසන් නිකුත් කළ නිවේදයක් පහතින් දැක්වේ..
ජාතික අධ්‍යාපන ආයතනය නැවතත් සූපූරුදු සෙල්ලමේ
මේ දිනවල අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල විෂයමාලාව සංශෝධනයට සහ අලූතින් හදුන්වා දීමට යෝජිත පාසල් මාර්ගෝපදේශය සහ උපදේශන පාඨමාලාවට විෂයමාලාව සකස් කරමින් පවතියි.
එහිදි එම විෂයමාලා කමිටු සදහා විශ්වවිද්‍යාලය ආචාර්යවරයෙක් විද්‍යාපීඨ ආචාර්යවරු තිදෙනෙක් සහ සම්බන්ධීකරණය සදහා ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීයෙකු පත්කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ව්සින් උපදෙස් දී ඇත.
මෙහිදී විශ්‍රාම ගිය නිලධාරීන් සහ පාසල් ගුරුවරුන් එයට පත් නොකරන ලෙසටත් උපදෙස් දුන් බව අමාත්‍යාංශය පවසයි.
නමුත් සිදුවන්නේ ජාතික අධ්‍යාපන ආයතනය මෙම භාරදූර කාර්යයට තම හිතවතුන් වූ විශ්‍රාමිකයන්, සුදුසුකම් අඩු පුද්ගලයන් යොදාගෙන අමාත්‍යාංශයේ උපදෙස් නොතකා කටයුතු කිරීමයි.
පසුගිය සමයේ ආණ්ඩුව අපහසුතාවයට පත්කළ buddy .net සිද්ධියේ සම්පූර්ණ වැරැද්ද ජාතික අධ්‍යාපන ආයතනයේ මෙවැනි මුග්ධ නිලධාරීන් නිසා සිදු වූ අතර මෙවරද එයම කරමින් සිටියි.
පාසල් මාර්ගෝපදේශය සහ උපදේශන පාඨමාලාව සදහා නව විෂය පාඨමාලාවක් සකස් කිරීමට කමිටුවක් පත් කළ අතර එහි සාමාජිකයන් 8කි. ව්ශ්වවිද්‍යාල ආචාර්යවරියක මේ සදහා සභාපති ලෙස පත්කර ඇතත් එතුමියට පවතින අධික රාජකාරි කාර්‍යබහුලත්වය තුළ ඇයට සම්බන්ධ වීමට ඇති අපහසුව ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් තම වාසියට පෙරලාගෙන ඇත.
මීට වසර 25කට පෙර ජාතික අධ්‍යාපන ආයතනයේ සේවය කළ හේමචන්ද්‍ර නැමති නිලධාරියෙකු තම අභිමතය අනුව විෂයමාලාව සකස් කර ඇත. මෙම කමිටුව සම්බන්ධීකරණය සදහා පත්කර ඇති කුමාරි නැමති නිලධාරිනිය රූකඩයක් බවට පත්කර ජාතික අධ්‍යාපන ආයතනයේ ගීතානි නැමති නිලධාරීනිය හේමචන්ද්‍ර නැමති විශ්‍රාමික නිලධාරීයා සහ ගුරුවරයෙකු වන සනීල් නැමත්තා සමග තමන්ට අභිමත ආකාරයට විෂයමාලාව සකස්කර ඇත.
විද්‍යාපීඨ නියෝජනය කර පැමිණි තිදෙනාගෙන් ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ඉහත කණ්ඩායම සකස්කර ඇති විෂයමාලාව තුළ විද්‍යාපීඨ ක්‍රමවේදයට නොගැලපෙන කරුණු ඇති බව පෙන්වා දුන් විට හේමචන්ද්‍ර සහ ගිතානි යන නිලධාරීන් එකතුව විද්‍යාපීඨ කථිකාචාර්යවරයාව එම ස්ථානයෙන් පලවා හැර ඇත.
එසේම සෞන්දර්ය විෂයමාලාව සංශෝධනයට පත්කළ කමිටුවේද මේවැනි විශ්‍රාමිකයෙකු නිසා ව්ද්‍යාපීඨ නියෝජනය කරන සාමාජිකයන් මහත් අපහසුතාවයට පත්ව ඇත.
මේ කමිටුව සම්බන්ධීකරණ කරන නිලධාරීනිය නිශාද් හදුන්පතිරණ නැමති විශ්‍රාමික අතිරේක ලේකම්වරයා හිස් මූදුනේ තබා ගෙන කටයුතු කරන බැවීන් විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්ට අදහස් ඉදීරිපත් කිරීමට අවස්ථාව අසුරා ඇත.
අධ්‍යාපන ඇමතිතුමියනි ගරු අගමැතිතූමීයනි මේ ඔබේ අවධානයට
ගුරු අධ්‍යාපනඥ වෘත්තීකයන්ගේ සංගමය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..