අමෙරිකානු උපායික නාවික යාත්‍රා ඉලක්ක කර ගත් ප්‍රහාරයකින් ඇමරිකානු සෙබළු විශාල සංඛ්‍යාවක් මරා දැමුවා- ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ මහජන සම්බන්ධතා කාර්යාලය
තම සන්නද්ධ හමුදා ඇමරිකානු උපායික නාවික යාත්‍රා 6 ක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයකින් ඇමරිකානු අන්මෙරිකානු සෙබළු විශාල සංඛ්‍යාවක් මිය ගිය බව ඉරානය පවසයි.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ මහජන සම්බන්ධතා කාර්යාලය ඊයේ(27) හවස් වරුවේ නිකුත් කළ නිවේදනයක් මගින් කියා සිටියේ “Operation True Promise 4" මෙහෙයුමේ අඛණ්ඩව සිදු කළ රැලි මාලාවේ 84 වන රැල්ලේදී , ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ නාවික හමුදාව අල්-ෂුවයික් වරායේ සහ ඒ අවට වෙරළ තීරයේ සහ ඩුබායි වරායේ නැංගූරම් ලාසිටි අමෙරිකානු හමුදාවන්ට එරෙහිව නිශ්චිත බහුවිධ ප්‍රහාර එල්ල කළ අතර,එමගින් මානසික අවපීඩනයට පත් ඇමරිකානු සොල්දාදුවන් සහ ඔවුන්ගේ උපායික උපකරණ ප්‍රහාරයේ ඉලක්ක වූ බවයි.
“බැලස්ටික් මිසයිල සහ කෲස් මිසයිල භාවිතා කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුමේදී, ගොඩබිමට භාණ්ඩ හා හමුදා රැගෙන යන ඇමරිකානු නාවික යාත්‍රා (ළ්CU) 6 ක් අල්-ෂුවයික් වරායේදී ප්‍රහාරයට ලක්වූ බවයි.එලෙසම ප්‍රකාශයට අනුව ක්ෂේත්‍ර වාර්තා මත පදනම්ව, පහර කෑමට ලක්වූ අමෙරිකානු ප්‍රහාරක යාත්‍රා 3 ක් මුහුදේ ගිලී ගිය බවත් ඉතිරි ඒවා ගිනි ගනිමින් පවතින බවත් තහවුරුව තිබේ.
ඒ සමඟම, ඇමරිකානු ඩ්‍රෝන ඒකකයේ නිලධාරීන් එක්රැස් වන වෙරළ තීරයේ සහ ඩුබායි හි එක් හෝටලයකට මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඩ්‍රෝන මෙහෙයුම් සිදු කළ බවත්,එමගින් අදාළ මධ්‍යස්ථාන නිශ්චිත ඉලක්ක බවට පත්වූ බවත් ප්‍රකාශයේ සඳහන් වේ.
“මෙම මෙහෙයුමේදී, උපායික යාත්‍රා ගිල්වීමට අමතරව, ඇමරිකානු සෙබළුන් විශාල සංඛ්‍යාවක් ද ඝාතනයට ලක් වූවා” යනුවෙන් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..