ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ මොසාඩ් අධ්‍යක්ෂක ඩේවිඩ් බාර්නියා අතර ගැටුම තව තවත් උග්‍ර වේ!
ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ මොසාඩ් අධ්‍යක්ෂ ඩේවිඩ් බාර්නියා අතර පැන නැගී තිබූ මත භේද දැඩි ආරවුල් සහගත තත්වයකට උත්සන්න වී ඇති බව ඊශ්‍රායල ප්‍රවෘත්ති වාර්තා පවසයි.
පසුගිය සතිය තුළ අවම වශයෙන් නෙතන්යාහු සමඟ කිසිදු ඒකාබද්ධ රැස්වීමකට ඩේවිඩ් බාර්නියා සහභාගී වී නොමැති බව ඊශ්‍රායල ප්‍රවෘත්ති මූලාශ්‍ර ගණනාවක් පැවසීය. ඉරානයේ හමුදා හැකියාවන් සහ දේශපාලන හා සමාජ තත්ත්වය පිළිබඳ අසත්‍ය තොරතුරු ලබාදීමෙන් මොසාඩ් ප්‍රධානියා ඊශ්‍රායලය පාලන තන්ත්‍රය නොමඟ යවා ඇති බවට නෙතන්යාහු චෝදනා කිරීමෙන් පසුව මෙම ගැටුම ඇතිවී තිබේ. ඉරානය සමඟ එළඹී සිටින යුද්ධයේදි ලැබියහැකි ජයග්‍රායී ප්‍රතිඵලය අවිනිශ්චිත බවත්, මෙම යුද්ධයේදි සිදු විය හැකි පරාජයක් ඊශ්‍රායලයේ පැවැත්මට බරපතල තර්ජනයක් එල්ලවන බවත් නෙතන්යාහු චෝදනා කිරීමෙන් පසුව මෙම ගැටුම ඇති වී තිබෙන බවද ඉහත කී ප්‍රවෘත්ති මූලාශ්‍ර හැදෑරීමෙන් තහවුරු වන බව යුද විශ්ලේෂකයෝ පවසති.
කෙසේ වුවද, මොසාඩ් සංවිධානය අගමැති නෙතන්යාහුට නිවැරදි තොරතුරු ලබා දී ඇති බව විශ්වාස කරන නමුත්, නෙතන්යාහු ඔහුගේ පෞද්ගලික අවදානම් ගැනීමට සූදානම් මනෝභාවය මත පදනම්ව, අනපේක්ෂිත ප්‍රතිඵල සහිත යුද්ධයක් ආරම්භ කර ඇති බවත්, අසාර්ථකත්වයේ වගකීම මොසාඩ් සංවිධානයට නොව සෘජුවම ඊශ්‍රායල අගමැතිවරයාට පැවරෙන බවත් ඊශ්‍රායල ප්‍රවෘත්ති මූලාශ්‍ර පවසයි.
මේ අතර ඊශ්‍රායල ආරක්ෂක අංශ තුළ ඉරාන ඔත්තුකරුවන් සිටීම මෙන්ම ඊශ්‍රායලයේ සංවේදී හමුදා මධ්‍යස්ථාන සහ වෙනත් ආරක්ෂක මධ්‍යස්ථානවලින් තොරතුරු කාන්දු වීම සම්බන්ධයෙන් අගමැති කාර්යාලය සහ මොසාඩ් සංවිධානය එකිනෙකාට චෝදනා කර ඇති බව සමහර ඊශ්‍රායල ප්‍රවෘත්ති මූලාශ්‍ර පවා වාර්තා කරන බව යුද විශ්ලේශකයෝ පවසති.
මීට පෙර, 2025 සැප්තැම්බර් මාසයේදී දෝහා වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය ආරම්භ වීමට මොහොතකට පෙර ප්‍රහාරය පිළිබඳ තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් අගමැති කාර්යාලය සහ මොසාඩ් සංවිධානය එකිනෙකාට දොස් පවරා ගනු ලැබූ අතර එමඟින් ප්‍රහාරයේ සාර්ථකත්වය අඩපණ විය.
ඉරානය සමඟ යුද්ධයට එළඹීමට පෙර ඩේවිඩ් බාර්නියා ඊශ්‍රායල අගමැතිවරයාට අනතුරු ඇඟවූයේ යුද්ධයක් ආරම්භ කළහොත්, දකුණු පර්සියානු ගල්ෆ් කලාපයේ මොසාඩ් සංවිධානයේ රහස් ජාල ඉරාන ප්‍රහාරයකට ලක්වීමේ අවදානමට මුහුණ දිය හැකි බවයි. එලෙසම ඒවා හෝටල් හෝ හමුදා කඳවුරු වෙත ස්ථානගත කිරීම ඇතුළුව ආරක්ෂාකාරී පියවර ගත යුතු බවත් මොසාඩ් සංවිධානය අවධාරණය කර සිටියේය. කෙසේ වුවද එසේ ආරක්ෂාකාරී පියවර ගැනීමට යොමු වීම හේතුවෙන් එම රහස් ජාල නිරාවරණය වී අවසානයේ විනාශ වීමට හේතු විය හැකි බවටද මොසාඩ් සංවිධානය අනතුරු අඟවා තිබුණු බව ප්‍රවෘත්ති මූලාශ්‍ර පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..