අමෙරිකානු සටන් විරාම යෝජනාවට ඉරානයෙන් ප්‍රතිචාර

ඊයේ(26) රාත්‍රියේ එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද කරුණු 15 කින් යුත් යෝජනාවකට ඉරානය විධිමත් ලෙස ප්‍රතිචාර දක්වා ඇති බව ඉරාන රජයට සම්බන්ධ මූලාශ්‍රයක් තස්නිම් පුවත් සේවය වෙත දන්වා ඇතැයි පැවසේ.
එක්සත් ජනපදයෙන් ඉදිරිපත් කරන ලද යෝජිත කරුණු 15 සඳහා ඉරානයේ ප්‍රතිචාරය ඊයේ(26) රාත්‍රියේ අතරමැදියන් හරහා නිල වශයෙන් යවා ඇති බවත්, ටෙහෙරානය ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බවත් තස්නිම් වෙත දැනුම් දුන් ඉරාන රජයට සම්බන්ධ මූලාශ්‍රය පැවසීය.
මූලාශ්‍රයට අනුව, සතුරාගේ ආක්‍රමණශීලී ඝාතන ක්‍රියාවන් අවසන් කළ යුතු බවත්, යුද්ධය නැවත ඇති නොවන බව සහතික කිරීම සඳහා සංයුක්ත කොන්දේසි ස්ථාපිත කළ යුතු බවත්, වන්දි සහ හානිපූර්ණයන් සහතික කළ යුතු බවත් මෙන්ම ඒවා පැහැදිලිව තීරණය කළ යුතු බවත්, යුද්ධයේ අවසානය කලාපය පුරා මෙම සටනට සහභාගී වූ සියලුම පෙරමුණු සහ සියලුම ප්‍රතිරෝධක කණ්ඩායම් සඳහා ක්‍රියාත්මක කළ යුතු බවත් ඉරානය සිය ප්‍රතිචාරයේදී පැහැදිලි කර ඇත.
හෝමස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ඉරානයේ ස්වෛරීභාවය ඉරානයේ ස්වාභාවික සහ නීත්‍යානුකූල අයිතියක් වන අතර එය දිගටම පවතිනු ඇති බවත්, එය අනෙක් පාර්ශවයේ කැපවීම් ක්‍රියාත්මක කිරීම සඳහා සහතිකයක් වන අතර එය පිළිගත යුතු බවත් මූලාශ්‍රය වැඩිදුරටත් පැවසීය. පෙබරවාරි මාසයේදි දියත් කළ ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල ආක්‍රමණශීලී යුද්ධයට දින කිහිපයකට පෙර ජිනීවාහි පැවති දෙවන වටයේ න්‍යෂ්ටික සාකච්ඡා අතරතුර කරන ලද ඉල්ලීම් හැරුණු විට, ඉරානයේ කොන්දේසි මේවා බව මූලාශ්‍රය සඳහන් කළේය.
සාකච්ඡා පිළිබඳ එක්සත් ජනපදයේ ප්‍රකාශය හුදෙක් "තුන්වන රැවටීමේ" ව්‍යාපෘතියක් බව ඉරානයට පැහැදිලි බව මූලාශ්‍රය අවධාරණය කළ අතර, ඇමරිකානුවන් සාකච්ඡා සඳහා හිමිකම් පෑමේ මුවාවෙන් ඉලක්ක කිහිපයක් සාර්ථක කර ගැනීමට කැස කවන බව පැවසීය. ඒවා නම් පළමුව; යුද්ධය අවසන් කිරීමට උත්සාහ කරන පැහැදිලිවම සාමකාමී ප්‍රතිරූපයක් ඉදිරිපත් කිරීමෙන් ලෝකය රැවටීම. දෙවනුව; ගෝලීය වශයෙන් තෙල් මිල අඩු මට්ටමක තබා ගැනීම. තෙවනුව; ඉරාන භූමිය ආක්‍රමණය කිරීම හරහා දකුණු ඉරානයේ නව ආක්‍රමණශීලී ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වීම සඳහා කාලය ලබා ගැනීම යන කාරනා තුනයි.
2025 ජුනි යුද්ධයට පෙර සාකච්ඡා සහ එක්සත් ජනපදය තම පොරොන්දු ඉටු කරයිද යන්න පිළිබඳව ඉරානයට ඒ වන විටත් යම් පමණකට සැකයක් තිබූ නමුත් දැන් එක්සත් ජනපදය කිසිසේත් සාකච්ඡා කිරීමට කැමතිද යන්න සම්පූර්ණයෙන්ම සැක කරන බවද මූලාශ්‍රය පැවසීය.
දින 12ක යුද්ධයේදී සහ අඛණ්ඩව සිදුවන යුද්ධයේදී, ඇමරිකානුවන් සාකච්ඡා කරමින් යුද්ධය ආරම්භ කළ බවත්, මෙවරත් ඇමරිකානුවන් සාකච්ඡාවල ව්‍යාජ මුවාවෙන් නව අපරාධ සඳහා මග පෑදීමට උත්සාහ කරන බවත් මූලාශ්‍රය පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..