News Category
From Date
To Date
Maximum Number of Result

ඉරාන විදේශ අමාත්‍ය අරාග්චි සාකච්ඡා ප්‍රතික්ෂේප කරමින් සතුරාට එරෙහි ප්‍රහාර එල්ල කරන බව නැවත අවධාරණය කරයි.

Mar 26, 2026 at 12:03 PM
|

ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරාග්චි ආක්‍රමණිකයින්ට එරෙහිව ප්‍රතිරෝධය දැක්වීමේ ප්‍රතිපත්තිය ඉදිරියටත් පවත්වාගෙන යාමට ඉරානය ගෙන ඇති තීන්දුව නැවත අවධාරණය කළේය.

"වර්තමානයේ, අපගේ ප්‍රතිපත්තිය සතුරාට එරෙහිව දක්වන ප්‍රතිරෝධය දිගටම කරගෙන යාමයි. ඒ නිසා  කිසිදු සාකච්ඡාවක් සිදුවී නැහැ." ඉරානයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා ඊයේ(25) රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.

"කිසිදු සාකච්ඡාවක් සිදුවෙමින් පවතින්නේ නැහැ." ඔහු තම අදහස් දැක්වීම් වලදී නැවත අවධාරණය කළේ බාහිර පාර්ශව විසින් ලබා දෙන සහතිකවල ඇති විශ්වසනීයත්වය ප්‍රශ්න කිරීමට අමතරව ය.

"කලාපීය වශයෙන් ඉරානය රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වර්ධනය කරගෙන ඇති නමුත් ටෙහෙරානයේ ස්ථාවරය වෙනස් වී නැහැ." අමාත්‍යවරයා පැවසූ බව Press TV වාර්තා කළේය.

"කලාපයේ බොහෝ විදේශ අමාත්‍යවරුන් ටෙහෙරානයට ආමන්ත්‍රණය කර තිබෙනවා. නමුත් ඉරානයේ  'ප්‍රතිපත්තිමය ස්ථාවරය' ස්ථිරව පවතිනවා."

'ඉරානය ජාත්‍යන්තරය ලබාදෙන ඇපකර ප්‍රතික්ෂේප කරන අතර ඒ වෙනුවට පළිගැනීමේ තර්ජනය ඉරානයේ සහතිකය ලෙස විශ්වාසය තබනවා.' විදෙස් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

"ජාත්‍යන්තරය ලබා දෙන ඇපකර සියයට සියයක් විශ්වාසදායක නැහැ." ඉස්ලාමීය ජනරජයේ පැත්තෙන් තීරණාත්මක පළිගැනීමකට තුඩු දී ඇති නීති විරෝධී ආක්‍රමණය අවසන් කිරීම සඳහා අතරමැදියන් ලෙස ක්‍රියා කිරීමට සමහර තුන්වන රටවල් විසින් උත්සහා කරනු ලැබුවේ යැයි පලවන මාධ්‍ය වාර්තා  පිළිබඳව සඳහන් කරමින් ඉරාන විදෙස් අමාත්‍යවරයා පැවසීය.

"අප විසින්ම නිර්මාණය කරන ලද ආවේණික සහතිකය හරහා, ඉරාන ජනතාව සමඟ නැවත යුද්ධයකට යාමට කිසිවෙකු එඩිතර නොවනු ඇත," යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. ඉරාන පළිගැනීම් පිළිබඳව සඳහන් කරමින් ඉරාන සන්නද්ධ හමුදා කලාපය පුරා සංවේදී හා උපායමාර්ගික ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්කවලට එරෙහිව අවම වශයෙන් නොනවත්වා ප්‍රතිප්‍රහාර රැළි  81  එල්ල කර ඇති බව අනාවරණය කළේය.

සතුරා කල් පවතින පාඩමක් ඉගෙන ගත යුතුයි!

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේ, "සහතික නොමැතිව කෙරෙන සටන් විරාමයක් යනු යුද්ධය නැවත ඇති කිරීමට පමණක් හේතු වන විෂම චක්‍රයක්." යනුවෙනි.

"සතුරා පාඩමක් ඉගෙන ගත යුතු අතර එමඟින් ඔහු නැවත කිසි දිනෙක එවැනි තවත් ප්‍රහාරයක් දියත් කිරීමට සිතන්නේවත් නැහැ. ඉරාන ජනතාවට සිදු වූ හානිවලට සතුරා වන්දි ගෙවිය යුතුයි." අමාත්‍යවරයා පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදය සත්කාරක රටවල් සඳහා වගකීමක් දරනවා!

ඇමරිකා එක්සත් ජනපදයට කලාපීය භූමි ප්‍රදේශ තුළ මුරපොලවල් පිහිටුවීමට ඉඩ දීම සත්කාරක රටවල ආරක්ෂාවට දායක වීමට වඩා ඔවුන්ගේ ආරක්ෂාවට හානි කරන ආකාරය මෑත කාලීන වර්ධනයන් ඔප්පු කර ඇති බව ද අමාත්‍යවරයා සිය සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.

"මෙම යුද්ධය බොහෝ සත්‍යයන් හෙළි කළ අතර, ඉන් එකක් නම්, එක්සත් ජනපද කඳවුරු සත්කාරක රටවලට ආරක්ෂාව සැපයීමට අපොහොසත් වූවා පමණක් නොව, ඇත්ත වශයෙන්ම, ඔවුන්ට අනාරක්ෂිතභාවයේ මූලාශ්‍රයක් බවට පත් වූවා." අමාත්‍යවරයා පැවසීය.

ආක්‍රමණයට එරෙහිව පළිගැනීමක් ලෙස සහ සත්කාරක රටවල් ආක්‍රමණිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම හේතුවෙන් කටාර්, බහරේන්, කුවේට්, සවුදි අරාබිය සහ ජෝර්දානය වැනි කලාපීය රාජ්‍යයන්හි ඇමරිකානු මුරපොලවල් වෙත ඉරාන සන්නද්ධ හමුදා විසින් ප්‍රහාර එල්ල කර ඇති අවස්ථා ගණනාවක් ගැන අමාත්‍ය අරාග්චි සඳහන් කරනු ලැබීය.

"මෙම රටවලට ඉරානය පහර දෙන්නේ ඒවායෙහි සතුරාගේ කඳවුරු තිබීම නිසායි." අමාත්‍ය අරාග්චි අවධාරණය කළේය.

"කලාපයේ රටවලට මම ලබාදෙන පැහැදිලි පණිවිඩය නම්, ඔවුන් අනිවාර්යයෙන්ම ඉරානයේ භූමියට සහ ජනතාවට එරෙහි ඇමරිකානු-සියොන්වාදී ආක්‍රමණයෙන් ඈත් වී මෙම යුද්ධයෙන් වෙන් විය යුතු බවයි."

විදේශ අමාත්‍යවරයා සිය කණගාටුව ප්‍රකාශ කරමින් ප්‍රකාශ කළේ සමහර කලාපීය රටවල් ඉරානයට එරෙහිව තම භූමිය භාවිතා කිරීමට ඉඩ නොදෙන බව කලින් පවසා ඇති නමුත් පසුව එම පොරොන්දුව කඩ කළ බවයි. "එම රටවල් කිසිවක් නොදැන මෙය සිදු වූ බව අපට විශ්වාස කළ නොහැකියි." ඔහු පැවසීය.

පළිගැනීම ඉරාන ඉතිහාසයේ ස්වර්ණමය මොහොතක් සනිටුහන් කරනවා

සතුරු ආක්‍රමණයෙන් පසුව ඉරානය ගමන් කළ ගමන් පථය මෙන්ම ඉරාන සන්නද්ධ හමුදා බැලස්ටික් සහ හයිපර්සොනික් මිසයිල සිය ගණනක් මෙන්ම සතුරු මර්මස්ථාන  වෙත ඩ්‍රෝන යානා ප්‍රහාර එල්ල කළ ඉරානයේ අධිෂ්ඨානශීලී ප්‍රතිප්‍රහාර පිළිබඳවද අමාත්‍ය අරාග්චි අදහස් දැක්වීය.

ඉරානය බෙදීම, වේගවත් ජයග්‍රහණයක් ලබා ගැනීම සහ දේශීය සහජීවනය අඩපණ කිරීම ඇතුළු සතුරාගේ අරමුණු කිහිපයක් ඉටු කිරීමට සතුරා අසමත් වූ බව විදෙස් අමාත්‍යවරයා සිය සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.

ඉරානයේ පළිගැනීමේ ප්‍රහාර එහි ඉතිහාසයේ "ස්වර්ණමය අවධියක් "  බවට පත්ව ඇත්තේ න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ ආක්‍රමණිකයන් දෙදෙනෙකු ඔවුන්ගේ ඉලක්ක කරා ළඟා වීම ඉරානය විසින් වළක්වා ඇති නිසා බව අමාත්‍යවරයා පැවසීය.

ටෙහෙරානයට "කොන්දේසි විරහිතව යටත් විය යුතු" බව ආක්‍රමණිකයා ආරම්භයේදීම අවධාරණය කර සිටියද,  පළිගැනීමේ ප්‍රහාර වලින් ලැබුණු සම්පූර්ණ ජයග්‍රහණය, ආක්‍රමණිකයන් ඉස්ලාමීය ජනරජය සමඟ සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් හෙළි වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

"ඔවුන් දැන් සාකච්ඡා සඳහා යෝජනා කිරීමම පරාජය පිළිගැනීමක්. ඔවුන් දැන් 'කොන්දේසි විරහිතව යටත් වීම' පිළිබඳව කතා කරන්නේ නැද්ද? ඉතින් ඔවුන් දැන් සාකච්ඡා සඳහා ඔවුන්ගේ ඉහළම නිලධාරීන් බලමුලු ගන්වන්නේ ඇයි?" අමාත්‍ය අරක්චි ප්‍රශ්න කළේය.

පසුගිය මාසයේ අගභාගයේදී ඇති වූ ආක්‍රමණයේ ආරම්භයේ සිට ඉරානය සතුරන්ට සහ ඔවුන්ගේ සහචරයින්ට වසා දමා ඇති හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන්, මිත්‍රශීලී රටවලට උපායමාර්ගික මුහුදු මාර්ගය විවෘතව පවතින බව අමාත්‍ය අරාග්චි අවධාරණය කළේය.

"අපගේ මිතුරන් ලෙස අප හඳුනාගත් සමහර රටවලට, අපි හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉඩ දෙනවා. අපි චීනය, රුසියාව, ඉන්දියාව, ඉරාකය සහ පකිස්ථානයට හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉඩ දෙනවා." අමාත්‍යවරයා පැවසීය.

"අපගේ සතුරාට හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉඩ දීමට අපට කිසිදු හේතුවක් නැහැ." අමාත්‍යවරයා දැඩිව අවධාරණය කළේය.

සම්බන්ධිත පුවත් | Related News

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් අද (09) පෙරවරුවේ පවත්වා තිබේ.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.