
"කාගෙත් සුන්දරී වෙලා"ලෝක බලවතුන් සියල්ල සතුටු කරන්න හදන මේ පාලකයන්ට රටේ සුබ අනාගතයක් හදන්න බැහැ! - විමල් ලන්ඩන් හිදී කියයි
ශ්‍රී ලංකාවේ අර්බුදය ලෙස පෙරට පැමිණියේ කාරණා දෙකක් බවත්, ඉන් එකක් විදේශ විනිමය අර්බුදය බවත්, අනෙක රුපියල පා කිරීම මත සිදු වූ අර්බුදය බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ලන්ඩන් හි පැවැත්වුනු '9න් පසුව: ශ්‍රී ලංකාවේ ඉරණම?'සංවාදශීලී සම්මන්ත්‍රණය හා එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ අර්බුදය උත්සන්න වන විට ඉන්දියාවේ ආධාර ලබාගැනීමට නම් රුපියල පාකර යුතු බවට එවකට ඉන්දියාවේ තානාපතිව සිටි මිලින්ද මොරගොඩ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට උපදෙස් දුන් බවද, මේ හේතුව නිසා රට තුළ රුපියල් අර්බුදයක් ඇති වූ බවද විමල් වීරවංශ මහතා මෙහිදී පැවසීය.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටිය අවධියේ දී අවුරුදු හතරහමාරක් තුළ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5ක් අධික පොලියකට ලබාගත් බවද, සමස්ත ණය ප්‍රමාණයෙන් 76%ක් පමණ වන එම ණය ගෙවීමට සිදුවීම නිසා රටේ ආර්ථිකය තවතවත් අගාධයට ගිය බවද විමල් වීරවංශ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
'කාගෙත් සුන්දරිය වී' ලෝක බලවතුන් සියල්ල සතුටු කිරීමට සැරසෙන මෙම පාලකයන්ට ශ්‍රී ලංකාවේ සුබ අනාගතයක් නිර්මාණය කළ නොහැකි බවද ඒ මහතා මෙහිදී පැවසීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
