ටෙක්සාස්හි තෙල් පිරිපහදුවක දැවැන්ත පිපිරීමක්..
අමෙරිකාවේ ටෙක්සාස්හි පෝට් ආතර් (Port Arthur) හි පිහිටි වැලෙරෝ (Valero) පිරිපහදුවේ දැවැන්ත පිපිරීමක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ හේතුවෙන් බලධාරීන් විසින් ප්‍රදේශවාසීන්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස (shelter-in-place) හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
පෝට් ආතර් නගරයේ නිල වෙබ් අඩවිය සඳහන් කළේ, අවට වෙසෙන සියලුම වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි.
මෙම පිපිරීමෙන් පසු, පෝට් ආතර් නගර පරිපාලනය විසින් සබීන් පාස් (Sabine Pass), ප්ලෙෂර් අයිලන්ඩ් (Pleasure Island), 73 වන මහා මාර්ගයට දකුණින් වූ ප්‍රදේශ සහ ස්ටිල්වෙල් බුලවාර්ඩ් (Stirlwell Boulevard) සිට බටහිර දෙසට වන ප්‍රදේශ සඳහායි මෙම හදිසි ආරක්ෂණ නියෝගය නිකුත් කර ඇත්තේ.
එරට මාධ්‍ය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, දිනකට බැරල් 380,000ක ධාරිතාවයකින් යුත් මෙම පිරිපහදුවේ ගින්න හටගත් බවයි.
CBS පුවත් සේවයේ අනුබද්ධිත ආයතනයක් වන KFDM වාර්තා කර තිබුණේ, මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බවත්, පිපිරීම බොහෝ දුරට කාර්මික හීටරයක් (industrial heater) හේතුවෙන් සිදුවන්නට ඇති බවත්, ෂෙරිෆ් සෙනා ස්ටීවන්ස් ප්‍රකාශ කළ බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..