ට්‍රම්ප්ගේ දින පහේ සටන් විරාමය සමච්චලයට ගනිමින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායෙන් එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්ක වෙත දැඩි මිසයිල ප්‍රහාරයක්
ඉරානයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ අසාධාරණ මිලිටරි මෙහෙයුමට පළිගැනීමක් ලෙස ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අද (23) එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා මර්මස්ථාන වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.
අමෙරිකානු සහ සියොන්වාදී සතුරන්ට එරෙහිව "Operation True Promise 4 " මෙහෙයුම අතරතුර 76 වන පළිගැනීමේ ප්‍රහාර රැල්ල සිදු කළ බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අද (23) නිවේදනය කළේය.
සතුරන්ගේ හමුදා මර්මස්ථාන අඛණ්ඩව විනාශ කිරීමේ කොටසක් ලෙස, ඇමරිකානු හමුදා කඳවුරු වන අල් ධෆ්‍රා, වික්ටෝරියා, එක්සත් ජනපද පස්වන බලඇණිය සහ ප්‍රින්ස් සුල්තාන් ගුවන් හමුදාකඳවුර කියෑම් ද්‍රව ඉන්ධන සහ සොල්ෆකාර් ඝන ඉන්ධන මිසයිල මෙන්ම ඩ්‍රෝන යානා මගින් ඵලදායී ලෙස ප්‍රහාර එල්ල කරන ලද බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය වැඩිදුරටත් පැවසීය.
අෂ්කෙලොන්, ටෙල් අවිව්, හයිෆා, ගුෂ් ඩෑන් ජනාවාස සහ පලස්තීනයේ දකුණු ප්‍රදේශයේ කඳවුරු ලා සිටින ප්‍රදේශවල ඊශ්‍රායල හමුදාවේ මර්මස්ථාන වෙත කයිබාර්-ෂෙකාන් (කයිබාර්-බස්ටර්) සහ ද්‍රව ඉන්ධන සහිත කියෑම් මිසයිල ඇතුළුව දැඩි ඝන ඉන්ධන සහ නිරවද්‍ය මඟ පෙන්වන මිසයිල මගින් නිෂ්චිත ලෙස ඉලක්ක කර ඇති බව ද නිවේදනයේ සඳහන් විය.
ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා අඛණ්ඩව දියත් කිරීම මගින් සතුරාගේ දියුණු යැයි වර නැංවූ ගුවන් ආරක්ෂක පද්ධති විනිවිද ගොස් ඇති අතර, උපායමාර්ගික ඉලක්ක වලට ඵලදායී හා දැඩි ලෙස පහර දී ඇති බවද එම නිවේදනය මගින් අවධාරණය කෙරේ. මෙම ප්‍රහාර මගින්, ඉරානයේ මිසයිල සහ නාවික හැකියාවන් විනාශ කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු සහ සියොන්වාදී නිලධාරීන්ගේ යුදවාදී ප්‍රකාශ සහ මායාවන් නිෂ්ප්‍රභ කර ඇති බවද ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිකුත් කළ නිවේදනය මගින් වැඩිදුරටත් පැවසීය.
එසේම නිවේදනය මගින් අවධාරණය කළේ පළිගැනීමේ මිලිටරි මෙහෙයුම් බලගතු ලෙස අඛණ්ඩව සිදුවන බවත්, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ජයග්‍රහණ ඉක්මනින් ප්‍රසිද්ධියට පත් කරන බවත්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..