ඊශ්‍රායල පුරවැසියන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යාම සහ යටිතල පහසුකම් විනාශ වීම පිළිබඳ ඊශ්‍රායල වැසියාගේ කනස්සල්ල මධ්‍යයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රහාර පුළුල් කරයි
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ඊශ්‍රායල හමුදා මධ්‍යස්ථාන සහ කලාපීය යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් නව ප්‍රහාර රැල්ලක් දියත් කර ඇති අතර එය අඛණ්ඩ ගැටුමේ අඛණ්ඩ උත්සන්න වීමක් බව යුද විශේෂඥයෝ පවසති.
අද(23) උදෑසන නිකුත් කරන ලද නිවේදනයක් මගින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කියා සිටියේ, මෙහෙයුම් ඒකක විසින් රැස් කරන ලද බුද්ධි තොරතුරු මත පදනම්ව සහ ඊශ්‍රායල හමුදා රැඳී සිටිතැයි අලුතින් හඳුනාගත් ස්ථාන මෙන්ම ඊශ්‍රායල හමුදා ඊශ්‍රායලය පුරා සැඟවී සිටිතැයි පැවසෙන ස්ථාන ඉලක්ක කර ගනිමින් තම මෙහෙයුමේ 75 වන අදියර ක්‍රියාත්මක කළ බවයි. ප්‍රකාශයට අනුව, ප්‍රහාර පදනම් වූයේ මෙහෙයුම් ඒකක විසින් රැස් කරන ලද බුද්ධි තොරතුරු මත වන අතර ඊශ්‍රායල හමුදා රැඳි සිටින්නේ යැයි පැවසෙන ස්ථාන සහ ඊශ්‍රායලය පුරා ඔවුන් සැඟවී සිටින බවට සැක කෙරෙන ස්ථාන ඉලක්ක කර ගෙන ඇත.
කලාපයේ එක්සත් ජනපද හමුදා මෙහෙයුම් සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස විස්තර කරන ලද සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට බැලස්ටික් මිසයිල දියත් කළ බවද ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශ කළ බවද වාර්තා වේ.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය එල්ල කරන ප්‍රහාර හේතුවෙන් , ඊශ්‍රායලයේ තීරණාත්මක යටිතල පහසුකම්වල තවදුරටත් පැවැත්මේ හැකියාව පිළිබඳව ඊශ්‍රායල ජනයාගේ කනස්සල්ල වැඩි වෙමින් පවතී. නෝගා එනර්ජි හි ප්‍රධාන විධායක නිලධාරී ෂාවුල් ගෝල්ඩ්ස්ටයින් අනතුරු ඇඟවූයේ විදුලිය නොමැතිව පැය 72 කට පසු තත්වයන් කළමනාකරණය කළ නොහැකි විය හැකි බවයි.
ඉරාන නිලධාරීන් තවදුරටත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ඉරානයේ බලශක්ති පහසුකම්වලට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට කලාපය පුරා බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මහා පරිමාණ පළිගැනීම් ප්‍රහාරවලට යොමු වන බවට ඔවුහු සහතික විය.
තුවාල ලැබූවන්ගේ ඇස්තමේන්තු සහ මතභේදාත්මක සංඛ්‍යා
ටස්නිම් ප්‍රවෘත්ති ඒජන්සියේ හෙබ්‍රෙව් භාෂා ශාඛාව විසින් කරන ලද වෙනම විශ්ලේෂණයකින් කියැවෙන්නේ මෑත කාලීන ගැටුමේදී ඊශ්‍රායලය ජාතිකයන්ගේ මරණ සංඛ්‍යාව 1,280 ඉක්මවා ඇති බවයි.
ජෙරුසලම, ටෙල් අවිව්, හයිෆා, පෙටා ටික්වා, හොලොන්, රෙහොවොට් සහ අෂ්ඩොඩ් ඇතුළු සුසාන භූමිවල භූමදාන දත්ත මෙන්ම භූමදාන සංවිධාන සහ හදිසි ප්‍රතිචාර කණ්ඩායම්වල දත්ත සමාලෝචනය කළ බව විශ්ලේෂන වාර්තාව පවසයි.
ආපදා ස්ථානවල මරණ හැසිරවීම සඳහා වගකිව යුතු කණ්ඩායමක් වන සකා සහ චෙව්රා කඩිෂා ලෙස හැඳින්වෙන භූමදාන සමිති ප්‍රසිද්ධ කළ තොරතුරු ද විශ්ලේෂණයට ඇතුළත් කර ඇත.
විශ්ලේෂණයට අනුව, ඊශ්‍රායලයේ සාමාන්‍ය දෛනික මරණ අනුපාතය සාමාන්‍යයෙන් 150 ක් පමණ වන අතර, පසුගිය දින 21 තුළ දිනකට මරණ 61 ක අමතර සාමාන්‍යයක් වාර්තා වී ඇති බව පැවසේ. මෙම වැඩිවීම මත පදනම්ව, වාර්තාව අවම වශයෙන් මරණ 1,281 ක් ඇස්තමේන්තු කරයි.
අරාඩ් සහ ඩිමෝනා ප්‍රහාරවලින් මෑතකදී සිදු වූ හානි තවමත් ගණනය කිරීමට ඇතුළත් කර නොමැති බව එම වාර්තාව තවදුරටත් සඳහන් කළේය. කෙසේ වුවද මෙම සංඛ්‍යා නිල ඊශ්‍රායල දත්තවලට වඩා වෙනස් වන අතර ස්වාධීනව තහවුරු කර නොමැත.
හමුදා උපාය මාර්ගයේ මාරුව
ගැටුම එහි සිව්වන සතියට පිවිසෙන විට, මෙහෙයුම්වල ස්වභාවය පරිණාමය වෙමින් පවතින බව යුද විශ්ලේෂකයෝ පවසති. ඉරාන ප්‍රහාර ප්‍රහාර සම්බන්ධ මුල් කාලයේ ඉදිරිපත් වූ වාර්තා වලින් කියවුනේ අයන් ඩෝම් වැනි පද්ධති ඇතුළුව ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක පද්ධතිවල දුර්වල කිරීම කෙරෙහි අවධානය යොමු කළ බවයි.
යුද විශ්ලේෂකයන්ට අනුව ඉරාන ප්‍රහාර වල වඩාත් මෑත කාලීන වර්ධනයන් අධ්‍යනයන් තුළ විවිධාංගීකරණය වූ ආයුධ භාවිතය සහ පුළුල් ඉලක්ක සපුරා ගැනීම ඇතුළුව වඩාත් සංකීර්ණ උපක්‍රම වෙත මාරුවීමක් දක්නට ලැබේ. ඉරානයේ නැගී එන උපාය මාර්ගය මිසයිල් ආරක්ෂක පද්ධති විනිවිද යාම පමණක් නොව ඒවායේ ප්‍රකෘතිමත් වීම කඩාකප්පල් කිරීම සහ සැපයුම් සහ ආධාරක යටිතල පහසුකම් අඩපන කිරීඅමද ඉලක්ක කර ඇති බව පෙනේ.
යුද විශේෂඥයින් අනතුරු අඟවන්නේ මෙය ඊශ්‍රායලයේ මෙහෙයුම් හැකියාවන් මත දිගුකාලීන පීඩනයක් පැනවිය හැකි බවත්, යුධ පිටියෙන් ඔබ්බට හමුදා මෙහෙයුම් පවත්වා ගෙන යන තීරණාත්මක පද්ධති දක්වා ඉරාන ප්‍රහාර විහිදෙන බවත්ය.
කලාපීය සහ උපායමාර්ගික ඇඟවුම්
උග්‍රවන ගැටුම් පුළුල් කලාපීය ස්ථාවරත්වය පිළිබඳ කනස්සල්ල මතු කරන බව විශ්ලේෂකයෝ පවසති. එලෙසම විශ්ලේෂකයින් සඳහන් කරන්නේ මිසයිල සහ ඩ්‍රෝන තාක්ෂණයේ භාවිතය වැඩි වීම වඩාත් දියුණු හමුදා උපකරණ පද්ධතිවලට එරෙහිව භාවිතා කළ හැකි සාපේක්ෂව අඩු වියදම් මෙවලම් ලෙස ඒවායේ කාර්යක්ෂමතාව ඉස්මතු කරන බවයි.
ඒ සමඟම, මෙම තත්ත්වය එක්සත් ජනපදයට කලාපය තුළ තම හමුදා ස්ථාවරය නැවත තක්සේරු කිරීමට සහ වඩාත් ඒකාබද්ධ සහ ඔරොත්තු දෙන ආරක්ෂක පද්ධති සඳහා ආයෝජනය කිරීම සලකා බැලීමට බල කළ හැකි බවද ඔවුහු පෙන්වා දෙති.
ඉරානය ඉහළ මිලිටරි සූදානම පිළිබඳව අවධාරණය කිරීම සහ පළිගැනීමේ දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමත්, ඊශ්‍රායලය වැඩිවන ආරක්ෂක සහ යටිතල පහසුකම් අභියෝගවලට මුහුණ දීමත් සමඟ, ගැටුම වඩාත් සංකීර්ණ හා දීර්ඝ කාලයක් දිගැස්සීමේ ඉඩකඩ සහිත අවධියකට පිවිසෙමින් පවතින බව පෙනෙන්නට තිබෙන බවද යුද විශ්ලේශකයෝ පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..