ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඝාතනය කර ඇති බව ටෙහෙරානය තහවුරු කරයි..
ඉරානයේ ආරක්ෂක ප්‍රධානී අලි ලාරිජානි ඝාතනය කර ඇති බව ටෙහෙරානය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එසේම ඉරාන අභ්‍යන්තර බසීජ් (Basij) මිලීෂියා බලකායේ අණදෙන නිලධාරී ගොලම්රේසා සුලෙයිමාන් ද මියගිය බවයි ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබෙන්නේ.
ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් සේවයක් වන 'මෙහර්' (Mehr) පුවත් සේවය මගින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, එරට ජාතික ආරක්ෂක මණ්ඩලය එහි ලේකම්වරයා වූ ලාරිජානිගේ ඝාතනය තහවුරු කර ඇති බවයි.
"ඉරානයේ සහ ඉස්ලාමීය විප්ලවයේ අභිවෘද්ධිය වෙනුවෙන් ජීවිත කාලයක් පුරා වෙහෙස වූ ඔහු, අවසානයේ සිය දීර්ඝ කාලීන ප්‍රාර්ථනය ඉටු කර ගනිමින්, සත්‍යයේ කැඳවීමට ප්‍රතිචාර දක්වා, සේවා පෙරමුණේ උදාර ප්‍රාප්තියක් හිමිකර ගත්තේය," යනුවෙන් එම සභාවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මෙහර් පුවත් සේවය වාර්තා කර තිබේ.
මෙම පුවත වාර්තා වූයේ ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් සුලෙයිමාන්ගේ මරණය තහවුරු කිරීමෙන් පසුවයි.
පෙබරවාරි 28 වැනිදා යුද්ධයේ පළමු දිනයේදී ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් පසු, ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ඉහළම තනතුරක් හෙබවූ ඉරාන නිලධාරියා ලාරිජානි වේ.
ලාරිජානි අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ, පසුගිය සිකුරාදා ටෙහෙරානයේ පැවති පලස්තීනුවන්ට සහය පළ කරන 'අල්-කුද්ස් දින' රැලියට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමග සහභාගී වෙමින්.
ඔහු වසර ගණනාවක් පුරා ඉරාන දේශපාලන බලධාරීන් අතර ප්‍රධාන චරිතයක් වූ අතර, වරෙක බටහිර රටවල් සමග පැවති න්‍යෂ්ටික සාකච්ඡා සඳහා නායකත්වය ලබා දෙන ලදී.
_අල්ජසීරා_
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා